ඔබේ බිරිද ඔබ හා අතිශයින්ම ආදරයෙන් වෙලී සිටින බවට සලකුණු 8ක්

lead image

ඔබේ බිරිද  ඔබ හා අතිශයින්ම ආදරයෙන් වෙලී සිටිනවාද යන්න  පරීක්ෂා කිරීමට සරල සලකුණු අටක් අඩංගු ලැයිස්තුවක් අප විසින් සම්පාදනය කර තිබෙනවා.

කාන්තාවන්ට ඔවුන්ගේ සැමියන් ඔවුන්ට අතිශයින්ම ආදරය දක්වනවාද යන්න දැනගත හැකි සලකුණු අප පසුගිය මාසයේදී විශ්ලේෂණය කලා.

අද අපි  බිරින්දෑවරුන් තම සැමියාට තවම ආදරය දක්වන බවට පෙන්වා දෙන සලකුණු වලට අවධානය යොමු කරන නිසා දැන් සැමතැනම සිටින සැමියන්ට ඒ ගැන සමාන සහතිකයක් ලබා ගන්න පුලුවන්.

ඔබේ බිරිද ඔබට අතිශයින්ම ආදරය කරන බවට සලකුණු අටක් මෙන්න,

1. ඇය  හැමදාම සතුටින් සිටිනවා.

මෙය නම් නිවැරදිම සලකුණක් වෙනවා. ඔබේ බිරිද සතුට හා ධනාත්මක භාවය  පෙන්නුම් කරයි නම් විවාහය නියැතින්ම ඔබට සුවදායි තැනක් වෙනු ඇත. ඇය තවම ඔබට අතිශයින්ම ආදරය කරයි නම් ඇය ඔබ හා ආදරයෙන් වෙලුන විට සිටි ප්‍රීතිමත් පුද්ගලයාම  වනු ඇත.

2. ඇගේ සෙනෙහස නිතර පෙන්වනවා.

සිප ගැනීම, බදාගැනීම සෙනෙහස පෙන්වන නිසැක සලකුණක් වෙනවා.නමුත් ඒවා සමහර විට ස්වාභාවික චර්‍යාවක් වෙනවා. ඔබේ බිරිද ඔබ හා අතිශයින්ම ආදරයෙන් වෙලී සිටිනවා නම් ඔබට සෙනෙහසේ සියුම් සලකුණු දැක ගත හැකිවෙනු ඇත.

ස්වාමිපුරුෂයිනි, ක්ෂනික සිප ගැනීමක්, පිට පිරිමැදීම, රාත්‍රියේ හුරතල් කිරීම  එවැනි සියුම් සලකුණු වේ.

3. ඔබේ සෑම කාර්‍ය්‍යකටම ඇගේ සහය දෙනවා.

සාමන්‍යයෙන් සහයෝගය දක්වන්නා හොද සහකරුවෙකි. ඔබේ බිරිද ඔබේ රුකියාවට, ආශාවන්ට හා විනෝදාංශ සදහා අපමණ සහයක් දක්වන්නේ නම් ඔබට ආදරණීය බිරිදක් හිමියි. ඇය ඔබ වෙනුවෙන් තවම කණගාටු වෙනවා නම් ඔබ සාර්ථක වු විටත් සතුටට පත් වේවි.

4. ඇය ආදරය තරම්ම විශ්වාසය ලබා දෙනවා .

විශ්වාසය සියලුම සම්බන්ධතා වල  ප්‍රධාන සාධකය වේ. විවාහයේදී එය විශේෂ වේ. ඇය ඔබට තවමත් අතිශයින්ම ආදරෙයි නම් ඔබේ බිරිද ඔබේ දේවල් සොයනවා හා ඔබේ දුරකථනය පරීක්ෂා කරමින් සිටිනවා ඔබට කිසිදිනෙක දකින්නට නොලැබේවි. ආදරණීය බිරිදක් කවදාවත්ම තම සැමියාට සැකයේ සෙවනැල්ල වැටෙන්න දෙන්නේ නැහැ.

5.  ඇය ඇයගේ යහලුවන්,කාර්යාලය සගයින් හා දෙමව්පියන් සමග ඔබ ගැන කථා කරනවා.

මතක් කරන්න. ඔබ අලුතින් ඔරලෝසුවක් ගෙනා විට ඔබ ඒ ගැන පුරසාරම් කියනවා නේද? ඔබේ බිරිදත් ඔබ තරමට ඔබේ ඔරලෝසුව ගැන පුරසාරම් කියනවා ඇය තවම ඔබ හා ආදරයෙන් බැදී සිටිනවා.

ඇයගේ යහලුවන්, කාර්යාලය සගයන් හා පවුලේ අය සමග ඔබ ගැන කථා කිරීමෙන් ඇය තවම ඔබට කොපමණ ආදරේ කරනවාද ගෞරව කරනවාද යන්න වටහා දෙනවා.

6. ඔබට සෑමවිටම ඇය මත රදා පවතින්න පුලුවන්.

සහකරු මත රදා පවතින්න පුලුවන් යන විශ්වාසය  සියලුම සහකරුවන්ට අවශ්‍ය දෙයකි. කැප වුන බිරිදක් සෑමවිටම තම සැමියාගේ පැත්ත ගන්නවා. ඔබට ඔබේ බිරිද මත රදා පවතින්න පුලුවන් නම් ඔබ හොද තැනක ඉන්නවා.

7. ඇය ඔබත් සමග කාලය ගත කරන්න කැමතියි.

ආදරණීය බිරින්දෑවරුන් සිය සැමියන් සමග පෞද්ගලික කාලයක් ගත කිරීමට විරුද්ධ වෙන්නේ නැහැ. ඔබ එකිනෙකාගේ සමාගමයට ආදරය කරනවා නම් සහ ඕනෑම දෙයක් කර එකට විනෝද වෙන්න පුලුවන් නම් ඒක ගොඩාක් හොදයි.

ඔබගේ බිරිද ඇයගේ යහලුවන් සමග සිටියදී මෙන් ඇය ඔබත් සමග යමක් කරන විට උද්‍යෝගීමත් වේ නම් සැමියන්ට දුක් වෙන්න කිසිම හේතුවක් නැහැ. ඇය ඔබට අතිශයින්ම ආදරය කරනු ලබයි.

8. ඔබට සක්‍රීය ලිංගික ජීවිතයක් පවත්වා ගත හැකිය.

ඔබේ බිරිදත් ඔබ මෙන්ම ලිංගික කාර්යය ගැන උද්වේගකාරී නම් ඒක හොද සලකුණක් වෙනවා.

සෞඛ්‍ය සම්පන්න විවාහයක් තුල සමීපත්වයේ හා ආශාවේ ප්‍රබල සලකුණු පවත්වා ගත යුතුව  ඇත. ඔබේ බිරිද නිදි යහනේ  ක්‍රියාකාරී නම් ඇය සැබැවිම ඔබට ආදරය කරයි.

මේ මාතෘකාව සම්බන්ධව ඔබේ විවේචන, ගැටලු හා අදහස්  තිබේනම් පහල කමෙන්ට් තීරුවේ අප හා බෙදා ගන්න.

ආදරය කරන දවස් වල වගේ විවාහ වු මුල් දවස් වල වගේ ඔබේ බිරිද ඔබට ආදරෙයිද කියන එක ඔබේ සම්බන්ධතාවය තුල ඔබට වැදගත් වෙනවා නේද ? The Asianparent Sri Lanka මේ තොරතුරු ගෙනාවේ ඔබ වෙනුවෙන්මයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී