theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ මංගල සංවත්සරය සැමරීමට විශේෂ හේතු තුනක්

3 අවම කියවීම
ඔබේ මංගල සංවත්සරය සැමරීමට විශේෂ හේතු තුනක්ඔබේ මංගල සංවත්සරය සැමරීමට විශේෂ හේතු තුනක්

ඇතැම් සහකරුවන්ට තමන්ගෙන් මංගල සංවත්සරය තවත් එක් දවසක් පමණයි නමුත් එය එසේ විය යුතුයි ඔබේ මංගල සංවත්සරය විශේෂ ආකාරයෙන් සැමරිය යුත්තේ ඇයි කියා මෙතැනින් දැන ගනිමු

ඉතින් ඔබට මතකද ඔබේ පළමු වන මංගල සංවත්සරය සැමරූ දිනය. එදා දවස මොන වගේද ඇහුවොත් ඔබට දැනෙන හැඟීම් ඔබට මතකද? එතකොට දෙවන මංගල සංවත්සරය, තුන් වන සංවත්සරය, ඔබට මතකද? බොහෝ සහකරුවන් හට කල්යත්ම මංගල සංවත්සර සැමරීම කිසිදු විශේෂත්වයක් නොමැති දෙයක් වනවා. කල් යත්ම එය තවත් එක් දවසකට පමණක් සීමා වනවා.

නමුත් ඔබ සිහි තබාගත යුත්තක් නම් ඔබගේ මංගල සංවත්සර දිනය අති සුවිශේෂී දිනයක් බවයි. මෙම දිනය විශේෂ ආකාරයකින් සැමරිය යුතු දිනයක් වීමට හේතු කාරනා කිහිපයක් තමා මේ;

1. මේ දවස ඔබ දෙදෙනාට සුවිශේෂී වූ ඔබ දෙදෙනාටම ආවේණික වූ විශේෂිත විදියකින් සමරන්නට පුළුවන් දවසක්.

අධිවේගයෙන් ගමන් කරන ජීවිතයේ මඳකට නැවතී පසුපස හැරී ඔබ දෙදෙනා ආ ගමන් මග දෙස මොහොතකට නැවතී බලා සතුටු වන්නට මෙවැනි දවසක් විශේෂයෙන්ම උපකාර වනවා. එපමණක් නොවේ ඔබේ මංගල දිනයේදී සිදු වූ විශේෂ සිදුවීම්, නැටුම් ගැයුම්, ඔබේ මිතුරන්ගේ උසුළු විසුළුවලට ලක්වෙමින් විනෝද වූ හැටි සිහිකර ගන්නට හැකිවන දවසක්.

ඉතින් ඔබට අභියෝගයක් දෙනවා හැකිනම් බාරගන්න. ඔබ දෙපලට පුලුවන්නම් මොහොතකට නැවතී, ඔබට ඒ දවසේ දැනුණු හැඟීම්, දැනුණු විශේෂ ආදරය භක්තිය වැනි ඔබ දෙදෙනා විවාහ දිවියට පා තැබූ ඒ සුවිශේෂී දිනයේ ඇති වූ සියලු හැඟීම් වල මතකයන් අවදි කොට එය මුළුමනින්ම අත් විඳින්නට මොහොතක් ගත කරන්නට ඔබට පුළුවන්ද? මේ හැම දේටම වඩා, ඒ මුල් දිනයේ දී ඔබේ සහකරු ඔබ දුටු විට ඇතිවුණ හැඟීම, ඇතිවුණු ආදරය, ඇතිවුණු උවමනාව ඔබට මෙනෙහි කරන්නට හැකිද?

ඉතින් ඔබ දෙදෙනා අත්වැල් බැඳගෙන ජීවිතේ සොඳුරු කාල වලදීත්, දුෂ්කර කාලයන්හිදීත් එක්ව නොසැලී ආ ගමන් මග දෙස ආදරයෙන් නැවතී බලා මෙනෙහි කරන්නට යෙදෙන සුවිශේෂී දවසක් තමා ඔබගේ මංගල සංවත්සර දිනය. අතීතයට දිව ගොස් ඔබකල කී දේ ඇතුළු දෙදෙනා එකට එකතුව බාධක ජය ගනිමින් ආ ගමන් මඟ ගැන මෙනෙහි කිරීම තුළින් ඔබේ හදවතේ ආදරය නැවුම් කරන අතර ඉන් ඔබට ලැබෙන ආත්මික පෝෂණය මෙපමණයි කියන්නට බැහැ.

2. ඔබ දෙදෙනා අතර සබදතාවය පිරික්සා බලන දවසක්

වසරක් පාසා ඔබගේ විවාහය විවාහය තුළ ඔබ දෙදෙනාගේ සබඳතාවය පිරික්සා බැලීමට ඔහු පුරුද්දක් කරගත යුතුයි. ඔබ වෙනස් කලයුතු යමක් වේද? ඔබ වෙනස් කළ යුතු ඔබේ චරියාවක් තිබේද? ඔබට මීටත් වඩා හොඳින් කළ හැකි යමක් වේ දැයි කියා ඔබගේ සහකරුගේ විමසා බලන්න.

එමෙන්ම විවාහක යුවලක් ලෙස ඔබ දෙදෙනාට එක් වී ඉදිරි අනාගතයට යම් යම් ඉලක්ක ඇති කරගන්නටත්, විවිධ තීරණ සැලසුම් කරගැනීමටත් හැකියාව තිබෙනවා. ඔබට තියෙනවට වඩා විශාල නිවසට යන්නට ආශාවක් ඇති වෙන්නට පුළුවන්, තව දරුමල්ලන් හදන්නට අදහසක් ඇති වන්නට පුළුවන්, විදේශ සංචාරයක යෙදෙන්නට ආසාවක් වෙන්නට පුළුවන්. ඉතින් මෙවැනි කටයුතු වලට සාර්ථක ඉලක්ක ඇතිකර ගැනීමේ හොඳ අවස්ථාවක් තමා ඔබේ මංගල සංවත්සර දිනය.

3. විවාහක යුවලක් ලෙස ඔබ දෙදෙනාගේ සබඳතාවය  සමරන දිනයයි

සංවත්සරය අනිවාර්යයෙන්ම සැමරිය යුතු දිනයක් වෙනවා. මක් නිසාද යත් ඔබ තවත් වසරක් සාර්ථක ලෙස එකට ගෙවා සොඳුරු මතකයන් සනිටුහන් කර තිබෙන සුන්දර දවසක්. එවන් සුන්දර මතක සටහන් සැමරිය යුතු නොවේද?

ඔබේ සහකරුගේ අගය ඔහුට කියා පාන්නට ඔහු හෝ ඇය ඔබට කොයිතරම් වටිනවාද යන්න කියාපාන්නට මීට වඩා සුදුසු දිනයක් තවත් නැහැ.

පුංචි ත්‍යාගයකින් හෝ පුංචි කාඩ් පතකින් ඔහු හෝ ඇය කෙතරම් සුවිශේෂීදැයි පෙන්වන්නට ඔබට පුලුවන්. ඉතින් විවාහයේ තවත් වසරක් නැතහොත් තවත් කඩඉමක් පහසු කරන මේ වෙලාවේ ඔබගේ ආදරය විශේෂ ආකාරයෙන් සමරන්න. ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ කල් වේලා ගත කර ඔබගේ පවුලේ අයත් එක් කොට විශේෂ ආකාරයකින් මේ දවස ගත කරන්නට පුළුවන්.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ඔබේ මංගල සංවත්සරය සැමරීමට විශේෂ හේතු තුනක්
බෙදාගන්න :
  • ඔබේ විවාහ සංවත්සරය සැමවිටම සමරන්න වටින හේතු 3 ක්

    ඔබේ විවාහ සංවත්සරය සැමවිටම සමරන්න වටින හේතු 3 ක්

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • ඔබේ විවාහ සංවත්සරය සැමවිටම සමරන්න වටින හේතු 3 ක්

    ඔබේ විවාහ සංවත්සරය සැමවිටම සමරන්න වටින හේතු 3 ක්

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it