ඔබේ සැමියා ඔබේ ආත්මීය සහකරුවාද?

ඔබත් එක්ක මුළු ජීවත කාලයක්ම එකට ඉන්න අදහස් කෙරූ ඔහු හොද ජීවත සහකරුවෙක් වනවා පමණක් නොව ඔහු ඔබේ ආත්මය වැඩිදියුණු කරයි.

ඔබේ සැමියා ඔබේ ආත්ම සහකරුවාද? ආත්ම සහකරුවන් ගැන විශ්වාස කරනවාද? සමහර අය සිතන්නේ එය තේරූමක් නැති සිහින ලොවක් මවන හැගීමකින් තොර ප්‍රේමයකින් පිරී තිබෙන බවයි. එහෙත්, ඔබ එය විශ්වාස කරන්නේ නම්, එය දෙදෙනෙකු අතර ඇතිවෙන ගැඹුරු, බලගතු බැඳීමක් බව නිසැකවම එකඟ වනු ඇත.

ඔබ එය සොයා ගන්නේ කෙසේද? ඔබට නිසැක විය හැක්කේ කෙසේද? ආත්මීය සහකරුවා හදුනාගැනීමට එක් මාර්ගයක් වත් නොතිබිය හැකිය. නමුත් ඔබ දකින්නට කැමති නම් එහි අව්‍යාජ සලකුණු තියෙනවා.

ආත්මීය සහකරුවන් අපිව සම්පුර්ණ කරනවාට වඩා වැඩි යමක් කරනවා. අපගේ අසම්පූර්ණකම නොතකා තවමත් ආදරය ලබන්නට අපිව වටින බව ඔවුන් අප තුල විශ්වාසයක් ඇති කරනවා.

ඔබගේ හදවතේ අනෙක් අඩ සොයා ගැනීමෙන් පමණක් ඔබේ සියලු දුක් නැති වී නොයයි. එනමුත් ඔබේ සිහින කුමරා නොලැබුන විට පවා ජීවිතයේ ආත්මීය සහකරුවෙක් සිටීම නිසා ජීවිතය යනු මල් යහනාවක්  නොවන බව පිළිගැනීමට ඔබට උපකාර කරයි.

ආත්මීය සහකරුවා හඳුනා ගැනීමට නම්, ඔහුට ජීවන  සහකරුවෙකුට  වඩා වැඩි දෙයක් කල හැකි බව දැන ගන්න.

ඔබේ ජීවිතයේ ඉතිරි කාලය ගත කිරීමට අවශ්‍ය ඔබේ සැමියා සොයා ගැනීම දිගු, දුෂ්කර ගමනක් විය හැකිය. නැත්නම් එය වියවුල් සහගත ප්‍රේම සම්බන්ධයක් විය හැකිය.                                                                                                                                                                                                                                                              නමුත් ඔබේ ජීවිතයේ ඔබේ ආදරය විවාහ කර ගැනීම සඳහා කුමක් කලා වුවත්, ඔබ විසින් හොඳම තීරණය ගෙන ඇති බව ඔබට ඇතැම් විට යම් තරමක සහතිකයක් අවශ්‍ය වනු ඇත.

සායනික මනෝවිද්‍යාඥ හා සම්බන්ධතා විශේෂඥ කාමන් හාරා බොහෝ යුවල  සමඟ වැඩ කර ඇත. ඇයගේ වසර ගණනාවක අත්දැකීම් එක්ක ආත්මීය සහකරුවාගේ ශක්තිය හොඳ ජීවිත සහකරු වීමට වඩා ඔබ්බට යන බව ඇය විශ්වාස කරනවා.

ආත්මීය සහකරුවා සුහදශීලී හැඟීම් ඇවිස්සෙන අයුරින් ඔබේ සිහින තුලින් ජීවත්වීමට ඔබ තුළ පොළඹවන බව ආචාර්ය හාරා විශ්වාස කරනවා . ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් බලවත් අයුරින් ඔබේ ආත්මය වර්ධනය කරනවා.

ඔබේ සැමියා

ඔබේ සැමියා ඔබේ ආත්මීය සහකරුවාද? ආත්මීය සහකරුවා හඳුනා ගත හැකි මාර්ග

1. ඔවුන් ඔබට ධෙෙර්යක් වෙනවා

ඔබ දන්නවා. මෙය ටිකක් අමුතු දෙයක් විය හැකි නමුත්, ඔබ ආදරය කරන විට මෙම ධෙෙර්ය පිළිබද තේරුම් ගැනීම පහසු වනු ඇත.

පූජක ලෝරි සුයි බ්රොක්වේ පවසන පරිදි සැබෑ ආදරය පැමිණෙන විට "ඔබේ හිස තුළ හඬක්, පිළිගැනීමේ හැගීමක් හෝ ඔහු ඔබට සුවිශේෂි බව හැගවෙන ධෙෙර්යයක්  "දැනීම නිසැක සලකුණක් වෙනවා .

2. ඔවුන් ඔබව තේරූම් ගන්නවා.

ඔබට නිරන්තරයෙන්ම පැහැදිලි කිරීමට අවශ්‍ය වන්නේ නැත. ඔබේ ආත්මීය සහකරුවා ඔබේ වචනය පිටවීමටත් පෙර ඒය ඉටුකරන අතර ඔබේ අවශ්‍යතාවයන් හදුනා ගෙන කියන්නත් පෙර ඒය ඉටු කරනවා. නිදසුනක් වශයෙන්, ඔබට තනිවෙන්න අවශ්‍ය වු විට, ඔබට ආදරය අවශ්‍ය වු විට ඔහුට හැගෙනවා.

3. ඔහු හැමවිටම ඔබේ පැත්ත ගන්නවා.

ආත්මීය සහකරුවෙක් ගැඔුරින් ඔබ වටා ස්ථාපිත වෙනවා. ඔහු ඔබව හොඳින්ම විශ්වාස කරන අතර, ඔබ  දෙපල සැබැවින්ම එකම කණ්ඩායමට අයත් බව ඔබට දැනෙන්න හරිනවා.

ඔහු ඔබට පරස්පර විරොධී වන විට හෝ නිවැරදි කරන අවස්ථාවන්හිදී පවා  එසේයි. ඔහුට අවශ්‍ය වන්නේ ඔබට වඩාත්ම සුදුසු දේ පමණක් බව ඔබ නිසැකවම විශ්වාස කරනවා.

මවක් වන යඩ්ඩෙට් සී. සිය සැමියා සැමවිටම ඇය හා කාලය ගත කිරීම මෙන්ම දවස මුළුල්ලේම ඇය ගැන  සොයා බැලීම ගැන අගය කරනවා. ඇය සමඟ ආදරණියව  අවංකව සිටීමට ඔහු  බිය නොවන අතර, ඔහු ඇයගේ එකම කෙනා බව ඇය තුල විශ්වාසයක් ඇති කරනවා.

4. ඔබට එකම අදහස් ඇත.

ඔබේ සැමියා සැබවින්ම ඔබේ ආත්ම සහකරුවා නම් ඔබ වෙන් වු විට පවා ඔබ දෙපල මනසින් එකට බැදි සිටියි. ඔබට වචනයෙන් තොරව හැගීම් වලින් කථා කල හැක.

"සෑම මට්ටමකදීම ඔවුන් එකිනෙකා කෙරෙහි දැඩි ලෙස සම්බන්ධ වෙනවා" ආචාර්ය හාරා පවසනවා. මෙම ආත්මිය සහකරුවන් එකම විට දුරකථන ඇමතුම් දෙන්න හිතෙනවා.

ඔබේ සැමියා

5. නිතරම ඔබ ඇස් දෙස බලා ඉන්නවා.

ඔබ සමඟ කතා කරන විට, ඔබේ ඇස් දෙස බලා ගෙන කොපමණ වේලාවක් ගත කරනවාද කියා සොයා බැලීමෙන් ආත්මීය සහකරු හදුනාගන්න පුළුවන්.

ඇස් සම්බන්ධතා අවංකත්වය ප්‍රකාශ කරනවා පමණක් නොව  ඔබ ආදරය කරන පුද්ගලයා හා කතා කිරීම, කාලය ගත් කිරීම ඔහුට  කොතරම් වටිනවාද කියලා සංනිවේදනය කරනවා.

එය යුවළගේ ආදරය හා සම්බන්ධය ගැඹුරු කරනවා.

ජපන් අධ්‍යයනයක් පවසන්නේ නිරන්තර ඇස සම්බන්ධතා මගින් ඔබගේ මොළය වඩාත් සමපාත වන අතර ඔබව තව තවත් සමීප කරනු ලබයි.

6. ඔහුට ඔබ ගැන ක්ෂණික හැඟීම් ඇති වෙනවා.

ඔබට ගැඹුරු ලෙස ආදරය කරනවා පමණක් නොව , ඔහුට ඔබව අතිශයින්ම කලකිරීමට පත් කරනත් පුළුවන්.

මෙය හැමවිටම නරක දෙයක් නොවේ. එය හුදෙක් ඔබ ඔබේ සම්බන්ධතාවය තුල ගැඹුරින් සිටින අතර, හැකි ඉක්මනින් ගැටුම් නිරාකරණය කිරීමට අවශ්‍ය බව ඉන් අදහස් වේ.

7. ඔබ ඔහුගේ දුර්වලකම්වලට ආදරය කරනවා .

ඔබේ ආත්මීය සහකරු සතුව විශ්මය ජනක ගුණාංග ඇති නිසා කිසි විටෙකත් එයින් ඔහු වැරදි නොකරන බව අදහස් නොවේ.

නමුත් ඔහුගේ අඩුපාඩු නොතකා, ඔබ තවමත් ඔහුට ආදරෙයි, ඒ ඔහුගේ විස්මිත ලක්ෂණ ඔහුගේ වැරදි අභිබවා යන නිසයි. ඇත්ත වශයෙන්ම, ඔබ දෙදෙනා මුළුමනින් ම වැරදි සිදුවෙන මනුෂ්‍යයන් බව පිළි ගැනීමෙන් ඔබේ සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් වේ.

8. ඔහු ඔබට ආරක්ෂිත හැඟීමක් ඇති කරයි

කුමක් සිදුවුනත් ඔබ ඔහුගේ ආදරය තුල සුරක්ෂිත බව ඔබට දැනෙන්න දෙනවා නම් ඔබේ සැමියා ඔබේ ආත්මීය සහකරු වෙනවා. ඔහු යහපත් සැපයුම්කරුවෙක් පමණක් නොව, ජීවිතයේ දුෂ්කර කාලවලදී ඔබට උපකාර කිරීමට තරම් ඔහු මානසිකව පරිණතයි.

සෑම් ඕ. නැමති මව , තම ස්වාමි පුරුෂයා "දෙවියන්ගෙන් තෑග්ගක්" බව ඇය දැන සිටින බව පවසනවා.  ඒ ඔවුන්ට ප්‍රීතිමත් සබඳතාවයක් ඇති බවත්, ඇයගේ දරුවන්ට හොඳ පියෙක් බවත් ඇය දැන සිටින නිසයි.

9. ඔවුන්ගෙන් තොර ජීවිතයක් නොලැබේ.

ඔබට ඔබේ සැමියා නොමැතිව ජීවත් නොවිය හැකි ආකාරයටම, ඔබේ ස්වාමි පුරුෂයා ඔබේ ආත්මීය සහකරු නම් සැබැවින්ම ඔහුට ඔබව අවශ්‍ය වේ.

සම-යැපෙන්නාක් වීම හෝ ඔහුගේ ලගින් ඔබ පැය විසිහතරම දින හතම නැතිව බැරි බවක් මින් අදහස් නොවේ. සරලව ඉන්  අදහස් වන්නේ ඔබ වෙන්ව සිටින විට, ඔබ සැමවිටම ඔහුගේ සිතුවිලි තුළ සිටින බවයි.

ඔහුට තේරුනත් නොතේරුනත් ඔහු දකින සෑම සිහිනයක්ම ඔහු ගන්නා සෑම තීරණයක්ම ඔබට බැදි ගැඹුරු පෙමින් උද්දීපනය වෙනවා නම් ඔහු ඔබේ ආත්මීය සහකරු වෙනවා.

ඔබේ සැමියා ඔබේ ආත්මීය සහකරු ලෙස වැලද ගන්න මේ මග පෙන්වීම theAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි