නොදැනුවත්වම ඔබේ සැමියාගේ හෝ බිරිඳගේ දෙමාපියන් සමග අමනාපකම් ඇතිවීමට හේතු 7ක්

නොදැනුවත්වම ඔබේ සැමියාගේ හෝ බිරිඳගේ දෙමාපියන් සමග අමනාපකම් ඇතිවීමට හේතු 7ක්

ඔබ ඔබේ බිරිඳ හෝ සැමියාගේ දෙමාපියන් අමනාපකම් ඇති කරගෙන තිබෙනවද? සබඳතා ශක්තිමත් කරගන්න මේ උපක්‍රම හා උපදෙස් ගැන සිතා බලන්න.

ඔබේ සැමියාගේ හෝ බිරිඳගේ තේරීම

නිතර බිරිඳගේ අවධානයට බාධා වියවෙතැයි ඔබට සිතෙනවද? ඔබ එකම ගෙදර ජීවත් වන විට මේ ගැටලුව නිතර ඇතිවෙන්න පුළුවන්.

සමහර විට ඔබ ඔබේ බිරිඳගේ දෙමාපියන්ගේ කටයුතු විචාරය කරන්න පුළුවන්. ඒ නිසා බිරිඳගේ දෙමාපියන්ට ඔබ ගැන අපැහැදීමක් ඇතිවෙන්න පුළුවන්. මේ නිසා ඔබ හා ඔවුන් අවබෝධයෙන් කටයුතු කළේ නැතිනම් පවුල අනතුරේ වැටෙන්න පුළුවන්. අපි හැමෝගෙම පොදු ලක්ෂණ අවබෝධ කර ගැනීමෙන් මේ ගැටලුව අඩුකරගන්න පුළුවන්. විශේෂයෙන් බිරිඳට ඇති ආදරය වෙනුවෙන් එය අවබෝධ කර ගැනීම වැදගත්.

ඔබේ දරුවන් නිසා ඔවුන් ගැන තීරණ ගැනීම

හුඟක් වෙලාවට ආච්චිලා සීයලා ගොඩක් රසකැවිලි හා සෙල්ලම් බඩු දෙමින් තමන්ගේ දරුවන් නරක් කරන බව ඔබට සිතෙන්න පුළුවන්. ඔබ ඔබේ දරුවන් රැකබලා ගන්නා ආකාරය සමග මේ පිළිවෙත් ගැටෙන්නට පුළුවන්. මේ නිසා බලය පිළිබඳ ගැටළු පටන් ගන්නවා. මේ අතරට ඔබේ දරුවන් සිරවෙනවා. මෙවැනි තත්වයන් ඇතිවන්නට පෙර ඔබ ඔබේ පිළිවෙත් ගැන ඔවුන් සමග කතිකා කරගන්න. නමුත් ආච්චිලා සීයලා කියන දේවල් වලට ඇහුම්කන් දෙන්න එපා කියලා කියන්න යන්න එපා. ඔබත් ඔවුනුත් දරුවන්ගේ සුරතල් අත්විඳීම අවශ්‍යයි.

ඔවුන්ව එතරම් වැදගත් නැතැයි ඇඟවීම

සමහර විට ඔවුන් ඔබේ දරුවන්ගේ ජීවිත වල වැදගත් කොටසක් ලෙස ඔබ නොසිතන්න පුළුවන්. ඔවුන් යුග කිහිපයක් පසුකර ඇති අතර ඔවුන් එක වහලක් යට සියලු දෙනා එක්ව ජීවත් වෙමින් සිටින්නට ඇති. ඒත් ඔවුන් මේ තුළ වුවත් විශේෂිත යැයි හැඟවීම ගැන සතුටට පත්වෙනවා.

ඇත්තටම ඔබටත් ඔබේ බිරිඳටත් පෞද්ගලිකත්වයක් තිබිය යුතු නමුත් සමහර අවස්ථාවන් වල තොරතුරු විමසීම කරන්නේ ඇත්තටම ඔබ ගැන සිතන නිසයි.

ඔබේ තීරණ වලින් ඔවුන් ඈත්කර තැබීම

මම දන්නා එක්තරා පවුලක් ඔවුන් අලුත් නිවසකට යන බව දෙමාපියන්ට කියන්නේ අවසාන මොහොතේදීයි. හුඟක් දෙනෙක් එහෙම නොකළත් සමහර විට දරුවන් ගැන විමසන විට නොසැලකිලිමත් ලෙස ඔබ පිළිතුරු දීමත් ගැටළු ඇතිවන්නට පුළුවන්. නමුත් එවැනි තොරතුරු දැනගැනීමෙන් ඔවුන්ව ඈත්කර තැබීම ඔවුන්ගේ සිත රිදවන කාරණයක් වන්නට පුළුවන්.

හතුරන් ලෙස ඔවුන්ව දැකීම

සමහර විට විවාහයට පෙර ඔබ ඔවුන් සමග විවිධ ගැටළු ඇතිව ඔබේ බිරිඳ සමග යුග දිවියට එළඹෙන්නට ඇති. සමහර විට මේ තත්වය දිගින් දිගට පැවතීම නිසා හරස් කැපෙන කතා, ඇනුම් පද නිවාස තුළ හුවමාරු වෙන්න පුළුවන්. මේවා ඔබේ ඉරියව්, වචන වලින් කියාපාන විට ඔවුන් ඔබව පිළිගත් ආකාරය වෙනස් වන්නට පුළුවන්. කාලය සමග ගැටළු වෙනස් වුනත් ඒවා සිත තුළ තබාගෙන ජීවත් වීම ගැටළුකාරී වන්නට පුළුවන්.

 

 

ඔවුන්ට ගෞරවයක් නොදැක්වීම

ඔවුන් ඔබේ හැම කාරණයටම එබිකම් කිරීමට ඉඩදිය යුතු නැතත් ඔවුන්ට ගරුත්වයක් දැක්වීම නොකළ හැකි දෙයක් නෙමෙයි. එය ඔවුන්ට අනුව ගරුත්වය කුමක්දැයි වටහා ගැනීම ඔබට කළහැකියි. සමහර විට ඔබට එය නොදැනුනත් ඔවුන්ට ඔබ ආමන්ත්‍රණය කරන ආකාරය හා ස්වරය අනුව ඔවුන්ට එය දැනෙන ආකාරය වෙනස් ලෙස හැඟෙන්නට පුළුවන්.

ඔවුන් සකසන ආහාර

ආසියාතික රටක් ලෙස අපේ රටේ කෑමට විශාල ගෞරවයක් තැනක් ලබාදෙනවා. ඔබ කාලද කියලා ගෙදරට ආවහම අහන එක පුරුද්දක්. ඔබ ඔවුන් පිළිගන්වන කෑම නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කිරීම මගින් ඔවුන්ට එය කරන අගෞරවයක් ලෙස දකින්න පුළුවන්. ඔබ කෑම ගැන රසය ගැන හිතන ආකාරය වෙනස් වුනත් ප්‍රසංශා කරන්න අමතක කරන්න එපා.

දෙමාපිය දූදරු සම්බන්ධතා පවත්වා ගැනීම ඉතා සැලකිල්ලෙන් කළයුතු කාරණයක් නිසාම theAsianparent Sri Lanka අපි මේ ලිපිය සකස් කළා.

theAsianParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ