අම්මලාට මේ අනතුරු ඇඟවීම දරුවන්ගේ කන් පිරිසිදු කිරීම ගැනයි

lead image

කන් පිරිසිදු කරන්න කොට්න් බඩ්ස් (cotton buds) යොදා ගන්න අම්මලාට අනතුරු ඇඟවීමක්

වෛද්‍යවරයා ළඟ ඉන්නකොට ඇමෙන්ඩා හිතා ගත්තා පුංචි දරුවගෙ කන් පිරිසිදු කිරීම සඳහා ආයේ නම් කොට්න් බඩ්ස් පාවිච්චි කරන්නේ නැහැ කියලා. කිසි කෙනෙක් දන්නේ නැහැ කොට්න් බඩ්ස් අනතුරු දායකයි කියලා. කන් පිරිසිදු කිරීම ඇත්තටම ඔබේ පෞද්ගලික සනිපාරක්ෂාවට තිබිය යුතුම කාරණයක්.

කොහොම වුනත් කොට්න් බඩ්ස් නිවැරදි ලෙස භාවිතා නොකලොත් එය අනතුරුදායක වෙන්න පුළුවන්. විශේෂයෙන් ළදරුවන්ට. එක මවකට මෙහි නරකම අත්දැකීමකට මුහුණ දෙන්න වුණා.

බබාගේ කන් පිරිසිදු කිරීම සඳහා cotton bud පාවිච්චි කරන්න එපා

ඇයගේ අන්තර්ජාල සංවාද පිටුවක ඒ ගැන විස්තර කොට තිබුණා. ඇමෙන්ඩා රෆෙට ජීවිතයේ මෙතරම් බයක් දැනුනේ ඇගේ දියණියගේ කන් පිරිසිදු කරපු  කොට්න් බඩ් එකෙන් ලේ එළියට අවට පස්සෙයි.

මම නිතරම දුවගේ කන් පිරිසිදු කරන්න ආරක්‍ෂිත කොටන් බඩ්ස් පාවිච්චි කරනවා. කනේ සිදුරෙන් පුංචි දුරක් විතරක් යා හැකි අමුතු හැඩයක් ඇති කොට්න් බඩ්ස් තමයි මම ගන්නේ. එත් එදා ඒක වෙනස් වුණා.

රෑ නින්දට යන ගමන් ඉන්න ඇමෙන්ඩා ට මතක් වුණා ටික දවසකින් දූගේ කන් පිරිසිදු කලේ නැහැ කියලා. දුව දත් මදින ගමන් ඇයව ළඟට අරගෙන ඇමෙන්ඩා ඇගේ කන් පිරිසිදු කරන්න ගත්තා.

එක පාරටම ඇය ඔලුව කරකවා කෑගහලා මගේ ළඟට පැන්නා. මම ඔයාගේ කන් පිරිසිදු කරන්නයි ගියේ. මම ඇයට සන්සුන්ව කිව්වා. 

පුංචි ලේ බින්දුවක් දැක්ක නිසා වුනත් ඇගේ කනෙන් ලේ ගලනකොට ඇමෙන්ඩා හිතුවා එය වුනේ ඇගේ වරදින් කියලා. තවත් බලන් ඉන්නේ නැතුව ඇය දියණියවත් ඔසවාගෙන ඇගේ මුළුතැන් ගෙය වෙත ගිහින් ඇගේ ළමා රෝග විශේෂඥයාට ඇමතුමක් ගත්තා.

දුරකථනය නාද වෙනකොටත් මට හිතුනා දරුවාගේ කන් බෙරයට හානි වෙලා නම් මොනවා කරන්නද කියලා. නැතිනම් එහෙම ලේ ආවේ.

මම හින්දා දුවට ආයි කවදාවත් ඇහෙන්නේ නැතිව ගියොත් ඇමෙන්ඩා කියනවා. එත් ඒ බව දැනිලද මන්දා දුව මං දිහා බලලා “මට දැන් හොඳයි අම්මි” කියලා කිව්වා.

වෛද්‍යවරයා ළඟට ගියහම කන් බෙරයටවත් වෙනත් කනේ පටකයකටවත් හානි වෙලා නැති බවත් මෙය කනේ වැක්ස් වැනි දෙයක් එහි මාර්ගය තුළ තදින් වැදීම මත මෙය ඇති වෙන්නත් පුළුවන් කියලා වෛද්‍යවරයා කිවුවා.

මේක ඕනෙම කෙනෙකුට වෙන්න පුළුවන්. ඒත් ඇමෙන්ඩා නම් හිතුවේ අයේ කවදාවත් කන් පිරිසිදු කරන්න දරුවාගේ කනට නම් කිසිවක් දන්නේ නැහැ කියලයි. කෝකටත් කියලා වෛද්‍යවරයා අපිට ප්‍රතිජීවක ඖෂධයක් දුන්නා. ඒ වගේම වෛද්‍යවරයා කිව්වේ කනේ වැක්ස් ඇති වන්නේ කනේ ආරාක්ෂවට කියලා.

කනේ  පිරිසිදු විය යුතු කොටස නෑමට ගිය අවස්ථාවක තුවායෙන් පිරිසිදු කිරීම ප්‍රමාණවත් කියලයි කියන්නේ. කොට්න් බඩ් එකකින් වැක්ස් සමහර විට කන ඇතුළට තල්ලු කරන්න පුළුවන්. මින් කනේ ගුහාව අවහිර වෙලා අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්.

මේ අත්දැකීමත් සමග ඇමෙන්ඩා තවත් වැදගත් කරුණු 8 ක් ඉගෙන ගත්තා.

  • කනේ පිටත කොටස පිස දැමීමට පමණක් තෙත පිරිසිදු රෙදි කඩක් ගන්න. කනේ ඇති වැක්ස් ඇත්තේ හේතුවකටයි. එය තිබීම අවශ්‍යයි.
  • දරුවාගේ කන් පිරිසිදු කිරීම අවශ්‍යනම් ආරක්‍ෂිත කොට්න් බඩ්ස් පාවිච්චි කරන්න.
  • ඉතා ලොකු ශබ්ධ දරුවාට ඇසීම වළක්වන්න. දරුවාට කනට දමන earplug එකක් අරන් දෙන්න. එවිට එළිමහනේ ප්‍රසංගයකදී වැනි අවස්ථාවක ඔහුට ඉතා කරදරකාරී ශබ්ධයන් ඇසෙන්නේ නැහැ.  
  • දරුවා පිහිනීමට යනවා නම් ඊටම සුදුසු කැප් එකක් යොදාගන්න.
  • දරුවාට ඇසීමේ දුර්වලතාවයක් ඇතැයි සිතන්නේ නම් දරුවාව නිසි වෛද්‍යවරයෙකුට යොමු කරන්න.

පුංචි පැටව් එක්ක ඉන්නකොට නොසිතන අනතුරු රාශියක් සිදු වෙන්න පුළුවන්. ඉන් තවත් අවස්ථාවක්  theAsianparent Sri Lanka අපි ගෙනාවේ ඔබේ ජිවිතයට නව අරුතක් එක් කරන්නයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ