theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තාත්තායි දුවයි මේ ආදරයයි - ඇබැද්දියක් වෙලා

1 අවම කියවීම
තාත්තායි දුවයි මේ ආදරයයි - ඇබැද්දියක් වෙලාතාත්තායි දුවයි මේ ආදරයයි - ඇබැද්දියක් වෙලා

"තාත්තී මගේ කන, අනේ මොකෙද්ද දගලනවා. මට රිදෙනවා!"

දුව සාලේ පුරා දුවනවා. හරිම දගයි. අද තාත්තා නම් ශබ්දයක් නෑ. පත්තරයක් කියවනවා.

මමත් ගේ ඇතුලේ පුංචි පුංචි වැඩ කලාට අවධානයෙන් ඉන්නේ ,

" අයියෝ අයියෝ අනේ අම්මේ "

දුව අඩාගෙන දුවගෙන ආවා.

" ඇයි රත්තරන් ?"

මොනවා හරි කරදරයක්ද මගේ හදවත නතර වුනා.

" අනේ අම්මේ ඉන්න බෑ රිදෙනවා"

දුව හයියෙන් අඩනවා. මටත් හිතාගන්න බෑ. ඒ ගමන තාත්තාත් දුවගෙන ආවා.මගේ ඇස් වලත් කදුලු පිරිලා.

" ඇයි මැණික"

තාත්තා දුවව උකුලට අරගෙන ඇහුවා.

" තාත්තී මගේ කන, අනේ මොකෙද්ද දගලනවා. මට රිදෙනවා."

දුව හයියෙන් කෑගහලා ඇඩුවා. අනේ දෙයියනේ මොකද කරන්නේ මං කල්පනා කලේය.

" අනේ අපි දරුවාව ඉස්පිරිතාලෙට අරන් යමු"

මම කෑගැහුවා.

" යන්න ගිහින් කොට්ටෙකුයි, සුදු රෙද්දකුයි අරන් එන්න"

තාත්තාගේ අණ නිකුත් වෙද්දී මම ඒවා ඉක්මනට හොයලා දුන්නා. තාත්තා කොට්ටය ඇද උඩින් තියලා ඊට උඩින් සුදු රෙද්ද එලලා දුවව ලගට ගත්තා. ඊටපස්සේ  දුව රිදෙනවා කියපු කන කොට්ටයට තද වෙන විදියට එයාව ඇදෙන් තියලා. අනෙක් කන අතින් වැහුවා. ටික වේලාවක් එහෙම තියලා හිස ඔසවලා බැලුවා. මොනවත් නැහැ. මමත් බය වෙලා බලාගෙන හිටියා. මෙහෙම කිහිප වරක් කලා. අන්තිමට වරද කරුවා එලියට ආවා. එයා තෙල් කූඹියෙක්,

දුව වේදනාව නැතිවෙලා හිනා වුනා. තාත්තාව ආදරයෙන් බදාගත්තා.

තාත්තා දුවත් එක්ක දගවැඩ කරනවා වගේම වේලාවකට එයාගේ ආදරණීය හෙදකම් දුවට සුවපහසුව සලසනවා.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • වර්ධනය
  • /
  • තාත්තායි දුවයි මේ ආදරයයි - ඇබැද්දියක් වෙලා
බෙදාගන්න :
  • දරුවන්ගේ මොළයේ වර්ධනයට අම්මාගේ හඬ බලපාන්නේ මෙහෙමයි

    දරුවන්ගේ මොළයේ වර්ධනයට අම්මාගේ හඬ බලපාන්නේ මෙහෙමයි

  • ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

    ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

  • දරුවන්ගේ මොළයේ වර්ධනයට අම්මාගේ හඬ බලපාන්නේ මෙහෙමයි

    දරුවන්ගේ මොළයේ වර්ධනයට අම්මාගේ හඬ බලපාන්නේ මෙහෙමයි

  • ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

    ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it