අවුරුදු දෙකක් වයසැති නිවුන්නු මතට කබඩ් එකක් කඩා වැටේ

lead image

දරුවන් නිතර කුතුහලයෙන් පිරි පිරිසක්. ඔවුන් හැම මොහොතකම ගවේෂණයක නිරත වන්නට කැමති මුත් අනතුරු හඳුනාගැනීමට තරම් බුද්ධිය වර්ධනය නොවී ඇති බැවින් දෙමාපිය අපි නිරන්තරයෙන් කල්පනාකාරී වීම ඉතාමත්ම වැදගත්.

මෙම වීඩියෝ දර්ශනය තත්පර කිහිපයකට ඔබේ හෘද ස්පන්දනය නතර කලත් වාසනාවකට මේ දරුවන්ට අනතුරක් වන්නේ නැහැ.

මෙම නිවුන් දරුවන්ගේ කාමරයේ සවි කර තිබු CCTV කැමරාවේ සටහන් වූ මේ සිද්ධිය අපට වැදගත් පාඩමක් කියා දෙනවා නොවේද?

දරුවන් නිතර කුතුහලයෙන් පිරි පිරිසක්. ඔවුන් හැම මොහොතකම ගවේෂණයක නිරත වන්නට කැමති මුත් අනතුරු හඳුනාගැනීමට තරම් බුද්ධිය වර්ධනය නොවී ඇති බැවින් දෙමාපිය අපි නිරන්තරයෙන් කල්පනාකාරී  වීම ඉතාමත්ම වැදගත්.

දරුවන්ගේ කුතුහලය සහ උස මට්ටම නිසා දකින දකින දේ කටේ දැමීම, ලනු, පටි වැනි දෑ ඇඟේ ඔතා ගැනීම, බඩු භාණ්ඩ, ගෘහ භාණ්ඩ ඒ මේ අත ඇදීම හෝ තල්ලු කිරීම, දකින දකින සිදුරු වල ඇඟිලි ඇල්ලීම, එල්ලෙන ලණු සමග සෙල්ලම් කිරීම වැනි ඉතාම භයානක ක්‍රියා වල  නිතර යෙදෙන්නට යොමු වන බව ගැන අප දැනුවත් විය යුතුයි. 

මෙම  තත්වය තුළ දරුවන් සිටින නිවසක මෙවන් අවධානම් වලින් දරුවන් සුරැකීමට අවශ්‍ය සියලු පියවර ගැනීම දෙමාපිය අපගේ යුතුකමක් වනවා.

දරුවන් සිටින නිවසක නිදන කාමරය මෙවන් අවධානම් රහිතව සැකසීමට ගත හැකි ආරක්ෂිත උපාය මාර්ග කිහිපයක්.

1. අස්ථායි ගෘහ භාණ්ඩ බිත්තියට සවි කිරීම.

නිවසේ අස්ථායි ගෘහ භාණ්ඩ වේ නම් ඒවා බිත්තියට තබා සවි කල යුතු වනවා. මේවා නිතර අගුලු දමා තැබීමටත් සිහිතබා ගත යුතුයි. දරුවන් නිතර ගෘහ භාණ්ඩ විවෘත කිරීමටත් ඒවායේ තට්ටු මත නැගීමටත් පෙළඹෙන අතර ඒවා ඇතුලේ තිබෙන නොයෙක් උපාංගද පරිහරණය කිරීමට පෙළඹෙන නිසයි.

2. තියුණු මුල් සහිත මේස පුටු භාවිතයෙන් වලකින්න.

හැකි තරම් වක්‍රාකාර හෝ මොට කොන් ඇති මේස පුටු භාවිතය වඩාත් යෝග්‍ය වනවා.

3. රාක්ක මත හානිකර උපාංග නොතැබීම

හානිකර උපාංග හෝ කටේ දැමිය හැකි ප්‍රමාණයේ කුඩා උපාංග ඇතුළු විදුරු බදු සහ තියුණු උපාංග දරුවාට ලඟා විය හැකි දුරක කිසි විටෙකත් තබන්නට එපා.

4. ජනේල කිට්ටුවෙන් දරුවාට නැගිය හැකි මේස පුටු තබන්නට එපා.

දරුවා නිතර මේස පුටු මත නගින්නට යොමු වන බැවින් අනතුරුදායක ස්ථාන වල ඒවා නොතැබිය යුතුයි. ඔබ තට්ටු නිවාසයක වෙසෙන්නෙක් නම් මෙය ඉතාමත්ම වැදගත්.

5. විදුලි සැපයුම් සහ කේබල් දරුවට හසු නොවන ආකාරයට සකස් කරන්න. ප්ලග් පොයින්ට් ආවරණය කර තබන්න.

දරුවන් ප්ලුග් පොයින්ට් වල ඇඟිලි ඔබන්නට ඉතාම කැමතියි. මේවා සම්පුර්ණයෙන් වැසෙන ආකාරයට ගෘහ භාණ්ඩ තැබීමෙන් දරුවාගේ අවධානය ඊට යොමු වීම වලක්වන්නට පුළුවන්.

ඉතින් මේ කරුණු ඔබගේ හා දරුවාගේ නිදන කාමර ආරක්ෂාකාරීව තැබීමට ඉවහල් වේවි කියා අපි විශ්වාස කරනවා.