කාර්‍යබහුල මව්වරුන්ට හදන්න පහසු කරි පේස්ට් recipe එකක්

lead image

උදේට උයද්දී කොයිතරම් වැඩ තියෙනවාද? ලූණු මිරිස් කපන්න, පහේ දාන්න, තව ගොඩාක් වැඩ. මේ සේරම පහසුවෙන් කරගන්න තියෙනවා කියලා ඔබට හිතෙනවා නම් මේ ක්‍රමයත් අත්හදා බලන්න.

කාර්‍යබහුල මව්වරුන්ට පහසු තවත් රහසක් කියන්නයි මම මේ සුදානම් වෙන්නේ. මේ රහසත් අපිත් එක්ක බෙදා ගත්තේ ගමේ සමිති  සමාගම්  වලට සහභාගී වෙමින් ඒ තුලින් ලබා ගන්නා දැනුම අපිට තිලිණ කරන පාදුක්කේ කල්‍යාණි වීරකෝන් මහත්මියයි.

උදේට උයද්දී කොයිතරම් වැඩ තියෙනවාද? ලූණු මිරිස් කපන්න, පහේ දාන්න, තව ගොඩාක් වැඩ. මේ සේරම පහසුවෙන් කරගන්න තියෙනවා කියලා ඔබට හිතෙනවා නම් මේ ක්‍රමයත් අත්හදා බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

• බැදගත් මිරිස් කුඩු 100g

පොල් තලපය මේස හැන්දක්

පළමු  මිශ්‍රණය

• උළුහාල්

• සූදුරු

• කොත්තමල්ලි

• මහදුරු

• ගම්මිරිස්

• එනසාල්

• කරාබු නැටි

• කුරුදු කුඩු

ඉහත ද්‍රව්‍ය ග්‍රෑම් තුන බැගින් ගෙන  එකට එකතු කර කොටා ගන්න

දෙවැනි  මිශ්‍රණය

•කරපිංචා ඉති 02

•රම්පේ  කොල 01

•සුදුලූනු  බික් 06

•රතුලූනු ගෙඩි 08

•අමුමිරිස් කරල් 04

• ඉගුරු පෙති 5 ක් පමණ

හිනියට කපා ගත් කපා ගන්න. භාජනයක් ලිප තබා ඒ තුලට තෙල් දමා රත්වන විට එයට හීනියට ලියාගත් ද්‍රව්‍ය එකතු කර රන්වන් පාට වනතුරු බැදගන්න.

සාදන ක්‍රමය

•බැදපු මිරිස් වලට පළමු  මිශ්‍රණය මිශ්‍ර  කරන්න.

•දැන් ලිප තිබෙන දෙවැනි මිශ්‍රණයට බැදපු මිරිස් මිශ්‍ර කල පළමු මිශ්‍රණය දමා සියඹලා හා දෙහි ටිකත් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

• දැන් එයට පොල් පැල තලපයෙන්  (මෙය සාදන ක්‍රමය කලින් ලබා දී ඇත) හැන්දක් ද දමා නැවත හොඳින් මිශ්‍ර කර පිරිසිදු ව අසුරා ශීතකරණයේ තබන්න

• අවශ්‍ය වූ විට හැන්ද බැගින් භාවිතයට ගත හැක

බලන්න කොතරම් පහසුවෙන් සකස් කර ගන්න පුලුවන් කරි පේස්ට් එකක්ද කියලා. රැකියාවට යන මවකට මෙය කදිම ක්‍රමයක් වේවි.

ඔබට ස්තුතියි කල්‍යාණි වීරකෝන් මහත්මිය