කරීනා කපුර්ගේ නිෂ්පාදකයින්, ඇගේ පුතනුවන් රුගත කිරීම් වලට ගෙන ඒම තහනම් කරයි!

විශේෂිත හේතුවක් නිසා අලුත් මවක් වන කරීනා කපූර් කාන්ට ඇගේ පුතනුවන් රුගත කිරීම් වලට ගෙනයාම තහනම් කෙරේ.

අලුත් මවක් වන කරීනා කපූර් කාන් තම කුළුඳුල් දරු ප්‍රසුතියෙන් පසු නැවතත් චිත්‍රපට රුගත කිරීම් වල වැඩ ආරම්භ කිරීමට සුදානම්ය. ඇගේ නවතම චිත්‍රපට රූගත කිරීම් වලට සහභාගී වෙමින් සිටිනා ඇයට අන් මව්වරුන්ට නැති භාග්‍යයක් ලෙස ඇගේ 8 මසක් වයසැති සිඟිති පුතනුවන් රුගත කිරීම් වලට ගෙන ඒමට අවසර දී ඇත; ඉතින් ඈ රුගත කිරීම් සඳහා උද්යෝගයෙන් ගියේ ඔහුත් කැටුවයි.

36 හැවිරිදි මවක් වන කරීනා නව දිල්ලිය වෙත ගමන් කරමින් සිටි ඇගේ ආදරණීය පුංචි පුතු පටියාද කටුව ගියේ ඉමහත් සතුටින්. ගුවන්තොටුපලටයමින් සිටියදී කරීනා පුතනුවන් අස්වසාලන අයුරු දිගින් දිගට ඡායාරූප කර තිබිණි.

www.instagram.com/p/BYkM4dyHWv3/

කරීනා පුංචි ටයිමුර්ව දිල්ලියට ගෙන යයි

සුප්‍රකට සුරූපී නව මව පුංචි ටයිමුර්ව ඇගේ රූගත කටයුතු සිදුවන ස්ටනයට ගෙනයයි. මෙවැනි දිගු කාලයකට ඔහු ගෙන යාමට ගත් තීරණය අභියෝගාත්මක එකක් වුවා.

"මම ටයිමූර්ගෙන් ඈත් වන්නට කැමති නැහැ. ඔහුගේ ළමා කාලයෙන් එක් මොහොතක්වත් අතපසු කරන්නට මට හිත දෙන්නේ නැහැ. මගේ රුගත කිරීම් වලට මා ඔහු ගෙන යන මුත් එය මට පහසු කටයුත්තක් නෙවෙයි.. "

ඉතින් මේ නිසා.. කරීනාගේ නිෂ්පාදකයින් ඇය නිවසින් බැහැර විට ටයිනුර් සමඟ කාලය ගත කරන්නට අවශ්‍ය සියලු පහසුකම් යට සැපයුවත්, දිවා කාලයේදී මව සමඟ සිටීම ඔහුට තහනම් වූවා.

ඔව්, ඔබ කියෙව්වා නිවැරදියි.  දිවා කාලයේදී මව සමඟ සිටීම ඔහුට තහනම් වූවා.

කෝ ටයිමුර්?

චිත්‍රපට නිෂ්පාදක වන රිචා කපූර් විසින් බෙදාගත් සුහද වීඩියෝ පටයකදී, ‘ටමියුර්ගේ කොහේදැයි’ කියා ප්‍රශ්න කරන කරීනා ඔහු රුගත කරන ස්ථානයේ පෙනෙන්නට නැත්තේ ඇයිදැයි අසනු දැකිය හැකිය.

වීඩියෝව පටන් ගැනෙන්නේ කරීනාගේ පැනයකින් “ඒත් කෝ ටයිමුර්? හැමෝම අහන්නේ ඒ ගැන. නමුත් නිෂ්පාදකයා ඔහුගේ ඒම තහනම් කරලා”

මිට රියා (Rhea) සිනහමුසුව පිළිතුරු දෙන්නේ “ටයිමුර් හෝටලයෙන් පිට වන්නේ නැහැ. ඔහේ අපගේ ලොකුම වත්කමයි” යනුවෙනි.

නවසානයේ නිහඬතාවය බිඳිමින් කරීනා පවසන්නේ “මට අවශ්‍ය වන්නේ එක් ආරක්ෂකයෙක් පමණයි, ඒත් ටයිමුර් බලාගන්න හමුදාවක්ම ඕනේ” කියාය.

ඇත්තෙන්ම අපි මෙයට එකඟ වනවා. මොකද කරීනා සහ සයිෆ් කියන්නේ ඉන්දියාවේ සුප්‍රකට චරිත දෙකක් වුවත් දැන් මුළු ඉන්දියාවේම අවධානය යොමුව තිබෙන්නේ ඔවුන් වෙත නොවේ ටයිනුර් වෙතයි. දැන් ටයිමුර් ඔහුගේ දෙමාපියන්ට වඩා සුප්‍රකට තරුවක්.

ඉතින් ටයිමුර් කෙරෙහි සමාජ ආකර්ශනය ගැන කරීනා සහ සයිෆ් හොඳින් දන්නා මුත් ඔහුව සාමාන්‍ය පරිසරයක සමබර ලෙස ලොකු මහත් කිරීම ඔවුන්ගේ අරමුනයි.

"මගේ බිරිඳයි මමයි අපිට පුළුවන් තරම් සමබර ජිවිතයක් ගත කරන්න උත්සාහ කරනවා. ඉතින් අපෙන් එක් කෙනෙක් හැම විටම ටයිමුර් ළඟින් ඉන්නවා. හැමෝටම ඒක කරන්න බැරුව ඇති. මට ඔවුන් ගැන කනගාටුයි.  දරුවන්ටද අපගේ සහාය දිය යුතුය. ඉතිං ඒ ගැන අප මහන්සි විය යුතු වනවා. සංතුලනය යනු මෙයයි. එය ජීවිතයේ වඩාත්ම වැදගත් දෙයයි. රැකියාවෙන් තෘප්තිමත් වීමත් රැකියාව හා පවුල සමබවර පවත්වාගෙන යා හැකි වීමත් විශාලතම භාග්‍යයක් ලෙස මා සලකනවා." සයිෆ් කීවා. 

TheIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා