බොහෝ කල් ගබඩා කර තැබිය හැකි මුළුතැන්ගෙයි අත්‍යවශ්‍ය දේවල් අටක්

lead image

මුළුතැන්ගෙයි ඇති මෙම දේවල් අට නිවැරදිව ගබඩා කළහොත් බොහෝ කාලයක් නරක් නොවී තබාගත හැක.

සමහර ආහාර දින කිහිපයක, සති කිහිපයකින් හෝ මාස කීපයකින් කල් ඉකුත් වෙනව. නමුත් මුළුතැන්ගෙයි ඇති මෙම දේවල් අට නිවැරදිව ගබඩා කළහොත් බොහෝ කාලයක් නරක් නොවී තබාගත හැක.

1.  මීපැණි

අවුරුදු 3000 ට වඩා පැරණි මී පැණි පුරාවිද්‍යාඥයින් වසර කිහිපයකට පෙර සොයා ගෙන ඇති බව ඔබ දන්නවාද?  පුදුමයට කරුණ නම් ඔවුන් සොයා ගත් මීපැණි  ආහාරයට ද සුදුසුයි.

මී පැණි වල සීනි අධිකයි. තෙතමනය අඩුයි. එහි ප්‍රති බැක්ටීරියා සංඝටක අඩංගු වේ. මෙම කරුණු නිසා නරක වේයැයි කණගාටු වීම අවශ්‍ය නැතිව මී පැණි ඔබට මුළුතැන්ගෙයි කබඩ් එකක ගබඩා කර තැබිය හැකිය.

මීපැණි පෝෂණ ගුණයෙන් අනූන වන අතර එහි සීනි වලට ආදේශකයක් ද වෙනවා.

2. වියළි බෝංචි හා ඇට වර්ග

වියලි බෝංචි, පරිප්පු,  ඇට වර්ග, රනිල කුලයේ ඇට වර්ග සියල්ලම වියළි ස්ථානක  ගබඩාකර තැබූ විට ( සුළං නොවදින සේ භාජනයක් තුළ ) වියළි බව විසින්  බැක්ටීරියා වර්ධනය නිශේධනය කරන බැවින් ඒවා නරක් නොවී ඔබට මුළුතැන්ගේ තබාගත හැක.

3. සෝයා සෝස්

නිවැරදිව ගබඩා කළ විට සෝයා සෝස් වසර තුනක් දක්වා තබා ගන්න පුළුවන්. සෝයා සෝස්  වල ඇති අධික ලුණු හා පැසවීමේ ගුණය නිසා එය නරක් නොවී බොහෝ කල් තබා ගත හැක.

4. විනාකිරි

විනාකිරි අම්ලයක් බැවින් ආහාර නරක් මේ කරන බොහොමයක් බැක්ටීරියා වලට ප්‍රතිරෝධී වේ. විනාකිරි කෑම කල්තබා ගැනීම සඳහා ආච්චාරු සැදීම  සඳහා භාවිතා කරයි. ඔබ එය තදින් වසා තබන තාක්කල් ඔබේ කබඩ් එකේ ඇති විනාකිරි නරක් නොවන බව සහතික කළ හැකිය.

5. සුදු සහල්

සිසිල්, වියළි ,සුළං නොවදින ඇසුරුමක බහා තැබීමෙන් සුදු සහල් නරක් නොවී අවුරුදු කීපයක් තබා ගත හැක. අනෙක් අතට සහල් වල ආහාර පැරණි බවට පත් කළ හැකි අසංතෘප්ත මේද බොහොමයක් අඩංගු වන නිසා ඒවා එසේ තබන්න බැහැ.

6. කළු චොක්ලට්

ඇත්තෙන්ම චොක්ලට් යනු ඔබේ මුළුතැන්ගෙයි අත්‍යවශ්‍යම දෙයක් වෙනවා. ඒ රසවත් අතුරුපසක් වන අතර ඒ මගින් ඔබේ දරුවාට ප්‍රියමනාප අතුරුපස පිළියෙල කරගත හැකි වෙනවා. ඔබේ සීනි භාවිතය පාලනයටත් මෙය සුදුසු වේ.

7.සීනි

අධික සීනි සහිත ආහාර බොහෝ කාලයක් පැවතීමට හේතු තියෙනවා. ඒ සීනි තෙතමන ඉවතට ඇද දමන නිසයි. එම නිසා තෙතමනය තුල හැදෙන බැක්ටීරියා වර්ධනය ඒ මගින් නිශේධනය වෙනවා.

8. ලුණු

සීනි වගේම ලුණුත් ජලය පිට කරනවා. එනම් ඔබේ ආහාර වල හානිදායක බැක්ටීරියා වර්ධනය  නිශේධනයට එය හේතු වෙනවා.

සුළං නොවදින භාජනයක බහා තබන තාක්කල් වුනු  ලුණු හෝ සීනි නරක් නොවී තබා ගත හැකිය.

නරක් නොවී භාවිතා කළ හැකි මේ ආහාර ද්‍රව්‍ය ගැන තොරතුරු ආදරයෙන් ඔබ වෙත ගෙන ආවේ , The Asianparent Sri Lanka වෙතිනි .

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී