ක්ෂණික නූඩ්ල්ස් වලට ආදරය කරන්න ඔබේ පවුලේ අයට ඔබ පුරුදු නොකළ යුත්තේ ඇයි?

මිලෙන් අඩු රසයෙන් වැඩි ඉක්මනින් සාදාගත හැකි ක්ෂණික නූඩ්ල්ස් දෙමාපියන්ටත් දරුවන්ටත් හුඟක් පහසුයි. හැබැයි ඒවගෙ ගුණයක් තියෙනවද?

මිලෙන් අඩු රසයෙන් වැඩි ඉක්මනින් සාදාගත හැකි ක්ෂණික නූඩ්ල්ස් දෙමාපියන්ටත් දරුවන්ටත් හුඟක් පහසුයි.

නමුත් වර්තමානයේ කරන ලද පර්යේෂණ වලට අනුව දිර්ඝකාලිනව ඉන් කිසිඳු පෝෂණයක් නොලැබුණා වුනත් එය හුඟක් මව්වරුන්ගේ තේරීමට හේතුව ලෙස රස වගේම පහසුවත් හේතුවෙලා.

නමුත් මේ නුඩ්ල්ස් සමග එන තෙම්පරාදු කරන තෙල් හා රසඛාරක සෞක්‍ය සම්පන්න නැහැ. මෙහි මේද හා කාබෝහයිඩ්රේට් වැඩියෙන් අඩංගු වුනත් ෆයිබර්, ප්‍රෝටීන්,විටමින් හා මිනරල් අඩංගු වන්නේ නැහැ. ලෝක ක්ෂණික නුඩ්ල්ස් සංගමයේ පර්යේෂණ වලට අනුව ලොව පුරා 2015 වසරේ රටවල් 32 ක මිලියන 97.7 ක් පමණ දෙනා ක්ෂණික නූඩ්ල්ස් පරිභෝජනයට ගෙන තිබෙනවා.

ක්ෂණික නූඩ්ල්ස් චීනයේ හා හොංකොං වල වැඩිපුරම පරිභෝජනය වන අතර බිලියන 40.43 පරිභෝජනයක් ඇති බවත් ඉන්දුනීසියාවේ බිලියන 13.20 ක් ලෙසත් වාර්තා වෙනවා.

මෙය කෙටි කෑමක් වගේම ඉන් හෘද රෝග වැළඳීමේ අවධානමක්ද පවතිනවා. වොෂින්ටන් පෝස්ට් මගින් කරන ලද සමීක්ෂණයකදී දකුණු කොරියාවේ වයස 19-64 අයගේ ආහාර වේල් 11,000 ක් ඇසුරෙන් පරික්ෂා කර තිබෙනවා. මෙම පර්යේෂණයට අනුව දකුණු කොරියානු කාන්තාවන් බොහෝ දුරට මෙම ආහාර රටාවන් නිසා මෙටබොලික් සින්ඩ්‍රොම් තත්වයට පත්විමට ඇති අවධානම ඉහළ බවත්, ක්ෂණික කෑම පුරුදු ඊට හේතුවන බවත් පැවසෙනවා.

මෙටබොලික් සින්ඩ්‍රොම් රුධිරයේ සීනි වැඩි වීමටත් ඉවහල් වන බවත් කාන්තාවන් සතු රෝග හා දියවැඩියාව තත්වයට ගොඳුරු වීමට ඉඩ ඇති බව කියවෙනවා. මෙම පරීක්ෂණය පිරිමින් සමග කළවිට විවිධ ප්‍රතිඵල හා දැනෙන වෙනස් ආකාරයක් ගෙන තිබුණා.

ඒ වගේම ක්ෂණික නූඩ්ල්ස් සමග ගන්න පෙර පිසින ලද මස් වර්ග නිසාද සෞක්‍යට අහිතකර වන බව සොයාගෙන තිබෙනවා.

මෙම ක්ෂණික නූඩ්ල්ස් පහසු රසවත් ආහාරයක් වුනත් මෙටබොලික් සින්ඩ්‍රොම් තත්වය ඇතිවීමත් සමග මෙම ආහාර වල ඇති සෝඩියම් බහුල බව හා සෞක්‍ය සම්පන්න නැති අසංතෘප්ත මේදයද මෙම රෝග තත්වයන්ට හේතුවන බව පොදු සෞක්‍ය පිළිබඳ හාවර්ඩ් පාසලේ සම කතෘ හයින් ෂින් පවසනවා.

අපගේ පරීක්ෂණ වලට විවිධ සෞක්‍ය ගැටළු වාර්තා වි තිබෙනවා. උදාහරණයක් ලෙස ඉන්දියාවේ ආහාර වල ආරක්ෂාව හා තත්වය පිළිබඳ අධිකාරිය බොහෝ ක්ෂණික නූඩ්ල්ස් ගුණාත්මක බවින් තොර වීම නිසා තහනම් කර තිබෙන අතර මිනිසුන්ට ආහාරයට ගැනීමට නුසුදුසු බව පවසනවා.

උතුරු කොරියාවේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය මගින් නූඩ්ල්ස් සන්නාම 6 ක පිළිකාඛාරක බෙන්සොපිරන් අඩංගු බව සොයාගෙන තිබෙන අතර මෙය මුළු ලෝකයේම අවධානය ලැබිය යුතු කරුණක්.

ක්ෂණික වුවත් එය පහසු වුවත් ඉන් වන දිර්ඝකාලින ප්‍රතිඵල ගැන සිතන්නට ඔබව යොමු කිරීමට the Asianparent Sri Lanka අපි මේ තොරතුරු සටහන් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ