කාන්තාවන්ගේ කෝපය පාලනය කරන්නේ කොහොමද?

lead image

කාන්තාවන්ගේ කෝපය හේතුවෙන් සැමියන්ට සිදුවිය හැකි ශාරීරික හානි වළක්වා ගත හැකි ක්‍රම මෙන්න

කෝපයේ ගින්දර තුල අපි නොසිතන දේ අපි කරනවා. ඒක ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම පොදු සත්‍යයක් වෙනවා.

Florence Terry නැමැති කාන්තාව ඇයගේ සැමියාට පහරදීම හා දිගින් දිගටම හිංසා කිරීම යන්නද මෙවැනි සිද්ධියක් වුනා.

ඇය පළමු වරට කෝපයට පත්වී ඔහුට පහර දුන් අයුරු ඇය සිහිගන්වනවා. සිද්ධියෙන් පසු ඇයට විශාල දුකක් වේදනාවක් ඇතිවුනා.  ඇය එවැන්නක් සිදු නොකිරීමට සිතා ඇය සැනසීමට පත් වුනත් එය ආයෙමත් සිදුවුනා.

අවුරුද්දකට පස්සේ එය ආයෙමත් ඔවුන්ගේ රණ්ඩුවක් අතරතුර සිදුවුනා. දෙවැනි වාරයෙන් පසුව එය රටාවකට සිදුවෙන බව ඇය දුටුවා.

Guardian හි පළවෙන ලද ලිපියකට අනුව ඇයගේ විශ්වාස කල නොහැකි හා බලාපොරොත්තු නොවන කෝපය ගැන ඇය මතක් කලා.

ඇයගේ සැමියා කාමරයට පමා වී පැමිණීම, වැඩකටයුතු  නොකර තැබීම වැනි කුඩා දේවල් සාමාන්‍යයෙන් ඇයව කෝපයට පත්කලා.

මොකක් හෝ හේතුවකට ඇය අවසානයේදී ඔහුට පහර දෙන අතර , ඇයගේ සංසුන් හඩ වහා ඉහල ගොස් ඇයගේ ශරීරය ඇයටම පාලනය කරගත නොහැකි වන බව ඇය දුටුවාය.

ඔබ Terry ගේ අත්දැකීම දෙස කල්පනාකාරීව බැලුවහොත් ඇයට පිහිට වු දේවල් ඔබටද උපකාරී විය හැකිය.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/10/angry.jpg කාන්තාවන්ගේ කෝපය පාලනය කරන්නේ කොහොමද?

කාන්තාවන්ගේ කෝපය

1. ඔබගේ හැසිරීමට හේතුව සොයා ගන්න.

Terry ඇයගේ ගැටළුව දෙස විමසා බැලු නිසා ඇයගේ පීඩනයෙන් පිරි රැකියාව හා කාර්‍යබහුලත්වය ඇයගේ කෝපයට හේතු වු බව ඇය සොයා ගත්තා. ඇයගේ සති අන්තය හා විවේක කාලයන් පුණ්‍ය කටයුතු වැනි දේ වල යෙදීමේ පුරුද්දක් ඇයට තියෙනවා.

2. බලාපොරොත්තු කළමනාකරණය කරන්න.

ඇය සමාජයට නියතවම ආපසු ලබාදිය යුතු නිසා අනෙක් අයගෙන් අවශ්‍ය සහය නොලැබෙන විට ඇය නොදැනුවත්වම ඇයගේ සැමියා ඇය හා අදහස් බෙදාගනිවි යැයි බලාපොරොත්තු වෙනවා.

ඔහු ගෙන් පමණට වඩා බලාපොරොත්තු වීම   අමනාපය හා කෝපය ලෙස පිටවීමට ඉඩ ඇති  කලකිරීමක් බවට  පත්විය හැක.

3. ඔබට වෙනසක් අවශ්‍ය බව පිළිගන්න.

Terry වගේ වෙනසක් ඔබ ඉඩ දෙන තුරු සිදුවිය නොහැක. පිළියම් සොයා ගත යුතු ගැටළු ඇති බවත්, ප්‍රචණ්ඩකාරිත්වය එයට විසදුම නොවන බවත් දැන ගන්න.

4.කෝපය කළමනාකරණය කිරීමේ ක්‍රමයක සහය ගන්න.

කෝපයේ හැගීම් විසදාගැනීම සදහා විශ්වාසවත්ත මිතුරෙකුගේ, නැදෑයෙකුගේ සහය ගන්න. මේ වගේ අවස්ථා වලට මුහුණ දුන් අයගෙන් අවබෝධයක් ලබාගන්න. ඔබ සියල්ලම තනිව විසදීමට උත්සාහ කල යුතු නැහැ. මෙය කලකිරීමකට හෝ ගැඹුරු කෝපයක් බවට පවා පත් විය හැක.

ඇමෙරිකානු මනෝවිද්‍යා සංගමය අනුව, කෝපය සමඟ කටයුතු කළ හැකි ආකාර තුනකි. එවා ප්‍රකාශ කිරීම, මර්ධනය හෝ සංසුන් කිරීම වේ.

මේ තුනෙන් කෝපය ප්‍රකාශ කිරීම සෞඛ්‍ය සම්පන්න වේ. නමුත් මේ කෝපය ප්‍රකාශ කිරීම ආක්‍රමණශීලිත්වය හා නොපැමිණිමට වගබලා ගන්න.

කාන්තාවන්ගේ කෝපය හා  කෝපයට පත් අනෙක් අය සදහා ඔබගේ උපදෙස් මොනවාද?  අපිට දැනගන්න පහතින් සටහනක් යොදන්න.

කාන්තාවන්ගේ කෝපය ගින්දර හා සමාන නම් සියල්ල මොහොතකින් දවා හළු කරයි නම් මෙන්න මේ විසදුම ඔබ වෙත ගෙන එන්නේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී