theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ බිරිඳ ගේ බර වැඩිවීම නොසලකා ඇය සුන්දර බව ඇයට අගවන්න පුළුවන් ක්‍රම පහක්

3 අවම කියවීම
ඔබේ බිරිඳ ගේ බර වැඩිවීම නොසලකා ඇය සුන්දර බව ඇයට අගවන්න පුළුවන් ක්‍රම පහක්ඔබේ බිරිඳ ගේ බර වැඩිවීම නොසලකා ඇය සුන්දර බව ඇයට අගවන්න පුළුවන් ක්‍රම පහක්

ඇයගේ බර වැඩි වීම නිසා ඇය රූපය සම්බන්ධයෙන් තැවෙනවාද? ඇයගේ විශ්වාසය ඉහල නංවා ඇය ඇත්තෙන්ම සුන්දර බව ඇයට අගවන්නේ මෙන්න මෙහෙමයි.

ඔබේ බිරිඳ ලස්සනයි හා ආකර්ෂණීයයි. ඒ නිසා ඇය එය විශ්වාස නොකරන්නේ  ඇයි? මෑතකදී සිදු වු බර වැඩි වීම හේතුවෙන් ඇයගේ ශරීරයේ ස්වභාවය සහ ආත්ම අභිමානය  සමඟ  අරගල කරමින් සිටිනවා විය හැක. ඇය ඇයගේ සිරුරේ නව ස්වරූපය  පිලි ගැනීමට  උත්සාහ කරන නිසා ඉවසන්න.

ඇය ඕනෑම ශාරීරික හැඩයකදී  ලස්සන හා ආකර්ෂණීය  බවට විශ්වාසයක් ඇති  කිරීමට ඔබට හැකි ආකාර කිහිපයක් වේ.

1. ඇය අවැසි බව ඇයට හැඟෙන්න දෙන්න.

ඇය ඔබ  හා ආදරයෙන් බැදුනු  පුද්ගලයාමයි. ඇය ඔබව ආකර්ෂණය කල  කාන්තාවමයි. ඇයට ඔබ ඇය දෙස බලන බව හෝ ඇය සමග  නිරන්තරයෙන්ම සිනහා වෙන බව ඇයට දකින්න  ඉඩ දෙන්න. ඕනෑම ඇඳුමකින් ඇයට ඉස්තරම් හා ප්‍රියජනක වන නිසා ඇගේ ඇඳුම ප්‍රමාණය ගැටළුවක් නොවන  බව ඇයට  සහතික කරන්න.

2. ඇගේ හැඟීම් වලංගු බව පිළිගන්න.

ඇයගේ ප්‍රසංශා  පිළිගැනීමට තරම් ඉක්මන් නොවන විට ඉවසිලිවන්ත වෙන්න . ශරීරයේ ස්වභාවය සහ ආත්ම අභිමානය පිලිබඳ ඇයගේ අරගල වලංගු බව දැන ගන්න. ඒවා ඉවත දමන්න  එපා. ඇයට  ඇහුම්කන් දීමට ඔබ සිටින බව  ඇයට අගවන්න. ස්ථාවර වෙන්න. තේරුම් ගන්න.

3. ඇයට  ප්‍රසිද්ධියේ (සහ පෞද්ගලිකව) ප්‍රශංසා කරන්න .

පවුලේ අය, මිතුරන් සහ සමකාලීනයන් ඉදිරියේ ඇයට ප්‍රශංසා කරන්න. ඇයගේ වඩාත් ප්‍රියජනක ගති ලක්ෂණ තෝරගන්න. ඒවා භෞතික දේවල් වීමට  අවශ්‍ය නැත. ඒවා සමරන්න. ඇයගේ සැමියා වීම ඔබට සැබවින්ම ආඩම්බරයක් බව ඇයට පෙන්වන්න.  නිරතුරුව ඇයව ප්‍රශංසා  කිරීමෙන්  ඇයගේ ආත්ම අභිමානය මන්දගාමී වීමක් විය නොහැකිය . ඇය බර වැඩි වු පමණින්  ඇය නිරෝගී නොවන බව හෝ ඇය තුල යම්කිසි වැරදීමක් ඇති බව අදහස් නොකරන බව  ඇය මතක් කරන්න.

4. සමීප බාවය ආරම්භ කරන්න .

ඇයව ස්පර්ශ කිරීමට හෝ සිප ගැනීමට , ලිංගිකත්වය ආරම්භයට හෝ වෙනත් ආකාරයේ සමීප සබඳතාවයක් ආරම්භ කිරීමට  පළමුවැන්නා වීම  තුලින් ඇය කෙරෙහි වු ඔබගේ  ආශාව නැති වී ගොස් නැති බව ඇය සහතික කරන්න. මෙය නිතර  කරන්න, නමුත් ඇය ප්‍රතික්ෂේප කරන්න  විට තේරුම් ගන්න. ඇය තවමත් ශරීරයේ පිලිබඳ ගැටළු  විසඳමින් සිටිනවා. ස්ථිරව සිටින්න, ඔබේ ඉවසීම  ඇයට විශ්වාසය  ඇති කර ගැනීමට   උපකාරයක් වනු ඇත.

5. ඇයට ආදරය හා අවධානය යොමු කරන්න.

ඇයව සැනසීමට පත් කරමින්  පුදුම හිතෙන  ත්‍යාග පිරිනමන්න. මේ නිසා ඇය කොතරම් වටිනවා ද හා අගය කිරීමට ලක් වෙනවාද යන්න ඇයට මතක් කරාවි. ඇයගේ ආදරය නැවත නැවත ලබා ගැනීමට උත්සහ කරමින් ප්‍රේමය ඉහල නංවාගන්න.  ඔබ ඇයව දිනා ගැනීම සඳහා අභිනයන් කල නිර්මාණශීලී අවධියට  ආපසු යන්න.

සියල්ලටත් වඩා, ඇය වෙනුවෙන්   සිටින්න. ඔබ කිසි තැනක යන්නේ නැති බවත් ඇය කෙරෙහි වු ඔබගේ ආශාව ඇයට ආදරය කල පළමු දිනයේ මෙන් ශක්තිමත් බවට සහතික වන්න.

පෙනුමෙන් කොහොම වුනත් ඇය ඔබේ සදා ආදරණීය බිරිද නේද ? එහෙනම් ඔබයි ඇයව මානසිකව ශක්තිමත් කල යුත්තේ , මේ ආදරණීය මතක් කිරීම The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ඔබේ බිරිඳ ගේ බර වැඩිවීම නොසලකා ඇය සුන්දර බව ඇයට අගවන්න පුළුවන් ක්‍රම පහක්
බෙදාගන්න :
  • සැමියා බිරිදට නොදැන කරන වැරදි

    සැමියා බිරිදට නොදැන කරන වැරදි

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • සැමියා බිරිදට නොදැන කරන වැරදි

    සැමියා බිරිදට නොදැන කරන වැරදි

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it