කාන්තාවන්ට සරු බව ගෙන දෙන ආහාර වර්ග 15ක්

හාවර්ඩ් පාසල මගින් කරන ලද පර්යේෂණයකට අනුව අධික තෙල් හා සත්ව ප්‍රෝටීන් අධික කබෝහයිඩ්රේට් අඩංගු ආහාර ගන්න කාන්තාවන්ගේ සරු බවට බලපෑම් ඇතිවිය හැකි බව සොයා ගෙන තිබෙනවා.

ඔබත් දරු සම්පත් බලාපොරොත්තු වෙන් ඉන්න දේපලක් නම් මේ ගැන දැනුවත් වීම වැදගත්. පොදු සෞක්‍ය පිළිබඳ හාවර්ඩ් පාසල මගින් කරන ලද පර්යේෂණයකට අනුව අධික තෙල් හා සත්ව ප්‍රෝටීන් අධික කබෝහයිඩ්රේට් අඩංගු ආහාර ගන්න කාන්තාවන්ගේ සරු බවට බලපෑම් ඇතිවිය හැකි බව සොයා ගෙන තිබෙනවා.

සරුබව වැඩි කරන ආහාර කියන්නේ මොනවද?

විටමින් හා ඛණිජ ලවන බහුල ආහාර කාන්තාවන්ගේ සරු බව වැඩි කිරීමට සමත් වෙනවා.

සරු බව ඇති කරන ආහාර හුඟක් ලබාගත යුත්තේ ඇයි?

ආර්තවහරණයෙන් පසු නැවත සරු බීජයක් හෙවත් ඩිම්බයක් වැඩීමට හොඳ පෝෂණයක් අවශ්‍ය වෙනවා.

ආර්තවහරණයෙන් පසු

මේ කාලය නැවත ඩිම්බයක් වැඩීමට පරිසරය සකස් වෙනවා. එහිදී ගර්භාෂය තුළ ගර්භ බිත්ති ශක්තිමත් වීම සිදු කරනවා.

ඊට අවශ්‍ය මොනවද ? : විටමින් E සහ දි-ඉන්ඩොලිල්මිතෙන්.

ගතයුතු ආහාර : ඊස්ට්‍රජන් හෝර්මෝනය වැඩි ආහාර එළවළු එනම් ගෝවා, මල්ගෝවා, බ්රෝකලි වැනි ආහාර ගැනීම වැදගත්. ඊට ඔලිව් ඔයිල්, ඇට වර්ග, ධාන්‍ය, විටමින් බහුල ආහාර ගැනීම වැදගත්.

ඩිම්බනහරණය හා කාලය

මෙහිදී ඩිම්බයේ හටගැනීමට පෝෂණය අවශ්‍ය වෙනවා.

අවශ්‍ය මොනවද ? : විටමින් B, C, සින්ක්, ඔමේගා 3, ෆැටි ඇසිඩ්.

ගත යුතු ආහාර : සින්ක් හා විටමින් C මගින් ප්‍රොජෙස්ටරෝන් නිෂ්පාදනයට උදවු වෙනවා. ෆැටි ඇසිඩ් අඩංගු බව රුධිර සංසරණය ක්‍රමවත් කරනවා. එසේ වන්නේ ට්‍රෙස්ටරොන් හෝර්මෝනය ඇතිවීමට උදවු වෙනවා.

ඩිම්බය වැඩ

ඩිම්බයේ වර්ධනයට අවශ්‍ය පෝෂණය ලබාදීමට.

අවශ්‍ය මොනවද ? : බීටා කැරොටින්

ගත යුතු ආහාර : පළා වර්ග, දොඩම්, බතල වැනි ආහාර ඊට උදවු වෙන අතර කෘතිම ආහාර වෙනුවට ස්වභාවික ආහාර ගැනීමට අවශ්‍ය වෙනවා.

මෙවැනි ඔබට පිහිට වන ආහාර වර්ග 15ක් ගැන දැනුවත් වෙන්න.

කෙසෙල්

සුවිශේෂී පෝෂණ ගුණ : විටමින් B6  

කෙසෙල් සරු බව ඇතිකරන සුවිශේෂී පළතුරක්. එහි විටමින් B6 බහුල අතර ශුක්‍රාණු හා ඩිම්බ සංවර්ධනයේ සිට වැදගත් වන අතර ගැහැණු පිරිමි දෙපක්ෂයටම වැදගත් වෙනවා.

තෙල් සහිත මාළු

සුවිශේෂී පෝෂණීය ගුණ : ෆැටි ඇසිඩ්

මැකරල්, සැමන් වැනි ආහාර වල බහුලව ඇති අතර ශුක්‍රාණුව රඳවා තබා ගැනීමට ඉන් උදවු ලැබෙනවා. 

සුදුළුණු 

සුවිශේෂී පෝෂණීය ගුණ : සෙලනියම් හා විටමින් B6

මෙම විටමින් වර්ග වලින් ගබ්සා වීම වළකන අතර ප්‍රතිශක්තිය සහ හෝර්මෝන ක්‍රියාකාරිත්වය ශක්තිමත් කරනවා.

මීපැණි, නිවිති, අලිගැටපේර, ඛණිජ ලවන හා ඇන්ටි ඔක්සිඩන්ට් බහුල ආහාර.

මීපැණි

සුවිශේෂ පෝෂණ ගුණ : ණිජ ලවන හා ඇමයිනෝ ඇසිඩ්

අතීතයේ පටන් සරු භාවය වෙනුවෙන් භාවිතා කළ බෙහෙතක් වගේම ඇමයිනෝ ඇසිඩ් බහුල වන අතර කොපර්, පොටෑසියම්, සෝඩියම්, සින්ක් වැනි ඛණිජ ලවන අඩංගු වෙනවා.

නිවිති

සුවිශේෂී පෝෂණ ගුණ : ෆෝලික් ඇසිඩ්

නිවිති හා පළා වර්ග සරු භාවයට, ඩිම්බනීහරණයට හා ගර්භණි කාලයේ මුල් කාලයේ ඉතා වැදගත් වෙනවා. ධාන්‍ය හා විටමින් C බහුල ආහාර ශුක්‍රාණු වල තත්වය ඉහළ දමනවා.

අලිගැටපේර

සුවිශේෂී පෝෂණ ගුණ :  විටමින් E ඇන්ටි ඔක්සිඩන්ට්

කාන්තාවන්ගේ හා පිරිමින්ගේ සරු භාවයට ගුණදායක වන අතර තරුණ බව රැකදෙනවා.

තවරිය

සුවිශේෂී පෝෂණීය ගුණ : ෆෝලික් ඇසිඩ්

මෙය බොහෝ වෛද්‍යවරුන් නිර්දේශ කරන සරු බව වැඩිකරන පලා වර්ගයක්.

බෙල්ලන්

පෝෂණීය ගුණ : විටමින් 12

ඩිම්බනීහරණයේදී කාන්තාවන්ට අවශ්‍ය වන අතර විටමින් B12 අඩු කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝර්මොනයේ අසමතුලිතතා මතු වෙනවා. ඉන් ගබ්සා ඇතිවීම වැඩිවීමේ අවධානමත් තිබෙනවා.

බිත්තර

සුවිශේෂී ගුණ : විටමින් D

බාගෙට තම්බා ගත් බිත්තර ඉතා සුදුසු අතර ප්‍රෝජෙස්ටරෝන් ඇතුළු ගර්භණි සමයට අවශ්‍ය හෝර්මෝන නිෂ්පාදනයට උදවු වෙනවා.

ආමන්ඩ්

සුවිශේෂ පෝෂණ ගුණ : විටමින් E

විටමින් E බහුල නිසා ශුක්‍රාණු වල පෝෂණයට වැදගත් වන අතර එහි ඇති ඇන්ටිඔක්සිඩන්ට්, ඩිම්බය ආරක්ෂා කරනවා.

පැඟිරි සහිත පලතුරු

අඩංගු පෝෂණ ගුණ : විටමින් C

දොඩම්, ලෙමන් , ලයිම්, මිදි වැනි පලතුරු වල බහුල වෙනවා. ශුක්‍රාණු ඩිම්බය කරා යාම ශක්තිමත් කරනවා. කාන්තාවන්ගේ හෝර්මෝන ක්‍රියාවලිය සමතුලිත කරනවා.

පෙයාස්

අඩංගු පෝෂණීය ගුණ : සින්ක්

පෙයාස් වල සින්ක් බහුල අතර කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හා  ප්‍රෝජෙස්ටරෝන් හෝර්මෝනය සමතුලිත ලෙස පවත්වාගෙන යාමට උදවු කරනවා. 

මැකරල්

පෝෂණ ගුණ : ෆැටි ඇසිඩ්

ශුක්‍රාණු වලට පෝෂණය දෙන අතර ඩිම්බ මේරීමට උදවු වෙනවා.

සැමන්

පෝෂණ ගුණ : සෙලනියම්

ඩිම්බයේ හා ශුක්‍රාණු වල පෝෂණයේ වැදගත් වන අතර ගබ්සා වීම් වලින් ආරක්ෂා කරනවා.

ටොෆු

වැදගත් පෝෂණ ගුණ : යකඩ

සෝයා කිරි වලින් සාදනු ලබන අතර ඩිම්බ වර්ධනයට වැදගත් වෙනවා.

ඔබේ ආහාර වේලට මේ වැදගත් ආහාරත් මුසු කොට ඔබේ බලාපොරොත්තු ඉටු කරගන්න theAsianparent Sri Lanka ඔබ වෙනුවෙන් එක්කළ වැදගත් කරුණු ගොනුවකි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ