පුතුන් ඇති පියවරුනි, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට ඔබට උදව් කල හැක්කේ මෙහෙමයි.

ඔබ ඔබගේ පුතුන් මත ඇති කරන ධනාත්මක බලපෑම මත අනාගතයේදී ආරම්භයට පෙරම කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට හැකියැයි බලාපොරොත්තුවක් තියෙනවා.

ඔබ ඔබගේ පුතුන් මත ඇති කරන ධනාත්මක බලපෑම මත අනාගතයේදී ආරම්භයට පෙරම කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට හැකියැයි බලාපොරොත්තුවක් තියෙනවා.

ලෝකයේ බොහෝ රටවල එය සිදුවෙන අතර මෙය දරුණු තත්වයක් වේ. සමහර පුරුෂයින් දිනපතා කාන්තාවන් රිදවමින් සිටින අතර ඔවුන්ව මරණයට පවා පත් කරනවා.

මේ ප්‍රචණ්ඩත්වය වැඩියෙන් සිදුවෙන්නේ ශාරීරිකව කියලා අපි හිතන්න නැඹුරු වුනත් එය කායික ප්‍රචණ්ඩත්වයට අදාල කොටසක් වන අතර එහි හැගීම් අපයෝජනය, තනි කිරීම හා පාලනය, බලහත්කාරය, බිය ගැන්වීම, අපහස කිරීම හා මානසික බලපෑම්ද අඩංගු වේ.

ප්‍රචණ්ඩත්වය කාන්තාවන්ට ඍජුවම බලපාන අතර මානසිකව දැඩි කලකිරීම, කනස්සල්ල හා තමාටම හානි කරගන්නා සිතුවිල්ලක් ලෙස මතු වේ.

එසේනම්  පුරුෂයින්ට කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නැවැත්විය හැක්කේ කෙසේද? ප්‍රචණ්ඩත්වයෙන් තොර වීම හොද දෙයක් වන නමුත් පුරුෂයින් සජීවිව ප්‍රචණ්ඩත්වය වැලැක්වීමට ක්‍රියා නොකීරිම එතරම් හොද දෙයක් නොවේ.

පිතෘත්වය ඒ සදහා කදිම අවස්ථාවක් සලසාදෙන අතර විශේෂයෙන්ම පිරිමි දරුවන් හදාවඩා ගැනීමේ කාර්යය තුලදී මෙය සිදුකල හැකි වේ.

තව දුරටත් පියවරුන්ට ක්‍රියාකාරීව මේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ දුෂ්ට චක්‍රය බිද හෙලමින්  වගකීමෙන් හා අවබෝධයෙන් දරුවන් හදාවඩා ගැනීම තුලින් සක්‍රීයව දායක විය හැකිය.

පුතුන් ලද පියවරුනි, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට ඔබට උදව් කරගත හැකි ක්‍රම පහක්  මේ සමග ඇති අතර ඊලග පරම්පරාව සකස් කිරීමට ඔබේ පුතුන්ට සත්‍ය පුරුෂයින් යනු කවුද යන්න පිලිබඳ සියලු දෑ උගන්වන්න.

1. පුරුෂයෙක් වීම සැබෑ අරුත කියාදෙන්න .

අතීතයේ පුරුෂයෙක්  වීම තුල සටන් කිරීම හා මාංශපේෂි වර්ධනය ඇතුලත් වුනා. ඔබේ පුතාට ඔහු පාසැලේ විහිලු, මුරණ්ඩු පිරිමි ළමුන් හා ආධිපත්‍යය ලබා ගන්නා පිරිමි ළමුන් අනුමත නොකල යුතු බව තහවුරු කරන්න.

ප්‍රචණ්ඩ මිනිසුන්ගේ හානිදායක සමාජීය ප්‍රතිඵල මාධ්‍ය හා වීඩියෝ ක්‍රීඩා තුලින් ප්‍රවර්ධනය ඔබේ පුතා සමග කථා කරන්න. දුක හා බිය ප්‍රකාශ කිරීමේ ගැටලුවක්  නොමැති බවත් උදව් අවශ්‍ය විටෙක එය ඉල්ලන ලෙසත් ඔබේ පුතාට කියන්න.

ප්‍රචණ්ඩත්වයෙන් තොරව ඔබේ පුතුන්ට ශක්තිමත් හා සංවේදී, පිරිමිකමින් පිරි හා හැගීම්බර විය හැක.

ඔබ ඔබේ බිරිදට සලකන ආකාරය තුලින් කාන්තාවන්ට සලකන ආකාරය ගැන ඔබේ පුතුට උදාහරණයක් වන්න.

2. උදාහරණයක් වී මග පෙන්වන්න.

පුතෙකු විසින් තම පියා ශාරීරිකව හෝ මානසිකව කාන්තාවකට හිරිහැර කරනු දුටුවිට ස්වභාවයෙන්ම පුතෙකු තම පියා දෙස බලා සිටින නිසා ඔහු එම හැසීරීමේ ප්‍රතිබිම්බයක් වනු නොඅනුමානය.

එමනිසා පියවරුනි, ඔබේ සහකාරියට ගෞරවයෙන් ආදරයෙන් සලකන්න. මෙම ගෞරවය පවුලෙන් පිට කාන්තාවන් කෙරෙහිද දක්වන්න.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිලිගත නොහැකි බව සරලව ඔබේ පුතුන්ට උගන්වන්න. ඒ වගේම, විහිලු , මාධ්‍ය වල රූප, අදහස් හා හැසීරම කාන්තාවන්ට අපවාදාත්මක ලෙස පෙනේ නම් අභියෝග කිරීමට ඔවුන්ව උනන්දු  කරවන්න.

3. ප්‍රචණ්ඩකාරී නොවන ක්‍රීඩා සදහා උනන්දු  කරවන්න.

ක්‍රීඩා හා සෙල්ලම් කිරීම් තුලින් වුනත් දිගටම ප්‍රචණ්ඩත්වයේ යෙදේ නම් පසුකාලයේදී ජීවිතය තුල ප්‍රචණ්ඩත්වය ඇතිවිය හැක. හැකිතරම් ඔබේ පුතු ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වෙනවාදැයි සුපරීක්ෂාකාරී වෙමින් හැකි සෑම විටම ප්‍රචණ්ඩකාරී නොවන ලෙස ක්‍රීඩා කිරීමට ඔබ ඔවුන්ව   උනන්දු කරවන්න.

පුංචි පුතාලා රලු සෙල්ලම් කිරීමට කැමති වුනත් ඔබට ඔබේ පුතු හා ඔහුගේ සගයන් එවැනි සෙල්ලම් කරන විට ඔහුට ඉක්මවා යා නොහැකි මායිම් දක්වමින් නිතී සම්පාදනය කිරීම තුලින් ඔබට ආරක්ෂාවක් නිර්මාණය කරන්න පුලුවන්.

4. ඔහු තුල දයානුකම්පාව වැඩි කිරීම.

රෝහල් තුල ස්වේච්ඡාවෙන් වැඩ කිරීම, අසරණ අයට කෑම ලබා දීම, අසරණ සතුන් සිටින ස්ථාන වලට උදව් කිරීම වැනි අන් අයට උදව් කරන ක්‍රියා වල ඔබේ පුතාත් සමග නිරත වීමෙන් මෙය කරන්න පුලුවන්.

පැලයක් සිටුවීම වැනි සරල ක්‍රියාවක් තුලින් වුවද සත්‍ය ලෙසම ඇයි එසේ කිරීමට අවශ්‍ය වන්නේ යන්න විස්තර සහිතව ඔබේ පුතුට කියා දීම මගින් ඔබේ පුතුගේ දයානුකම්පාව වැඩිකල හැකි අතර ඔහුට සමාජ වගකීම් පිලිබඳව හැගීමක් ලබා දිය හැකිය.

ඔහු ඔහුට සලකනවාට කැමති විදියට අනෙක් අයට සලකන්න ඔහුට උගන්වන්න.

5. ප්‍රචණ්ඩකාරී නොවී තරහා පිට කරගන්න ඔබේ පුතුට උගන්වන්න.

තරහා යෑම සාමාන්‍යයි. ඒ වගේම එය මිනිස් හැගීමක් වෙනවා. නමුත් ඒ තරහා සමග ප්‍රචණ්ඩකාරිත්වය සුදුසු නොවේ.

ඔබේ පුතුට තරහා ගිය විට  ගැඹුරු හුස්මක් ගැනීම, ටික වේලාවක් ගැනීම, එම අවස්ථාවෙන් ඉවත්වීමට එම ස්ථානයෙන් ඉවත් වීම වැනි විකල්ප ක්‍රම ඔබේ පුතුට උගන්වන්න.

මෙසේ කිරීමෙන් ඔබ  ඔබේ පුතුට ඔහුගේ හැගීම් අනෙක් කෙනෙක් වෙත මුදා හැරීමෙන් තොරව හැගීම් සමග ආරක්ෂිතව කටයුතු කිරීමට උදව් කරයි.

පියාණනි,  ඔබ ඔබේ පුතු ඔබට වෙන්න අවශ්‍ය පුද්ගලයා කිරීමට හැඩගැස්වීම සදහා විශාල හා බරපතල භූමිකාවක් රග දක්වනු ලබයි. ඔබේ දෙස ඔබේ පුතු බලනවාද යන්න ඔබ අගය කරනවාද යන්න කවදාවත් අවතක්සේරු කරන්න එපා.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය එය ඇතිවීමට පෙරම එය නැවැත්විය හැකිබව ඔබ ඔබේ පුතු මත ඇති කරන ධනාත්මක බලපෑම මත අනාගතය ගැන බලාපොරොත්තුවක් තියාගත හැකිය.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය  කිසිසේත්ම අනුමත කල නොහැකි බවත් මව, බිරිද හා දියණිය මෙන්ම ලොව සියලුම කාන්තාවන් ගෞරවයට පාත්‍ර විය යුතු බවත් ඔබේ පුතුට ඉගැන්විය යුතු බව සෙනෙහසින් මතක් කර දෙන්නේ The  Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී