හැම කාන්තාවක්ම මේ රෝග ලක්ෂණ 4 නොසලකා ඉන්න එපා

lead image

ශරීරයේ නිතර විවිධ රිදීම් හා වේදනා ඇතිවීම සාමාන්‍යයි. නමුත් ඔබ මේ වේදනාවන් නම් නොසලකා ඉන්න එපා.

ශරීරයේ නිතර විවිධ රිදීම් හා වේදනා ඇතිවීම සාමාන්‍යයි. නමුත් ඔබ මේ වේදනාවන් නම් නොසලකා ඉන්න එපා.

ශරීරයේ ඇතිවන වේදනා ජිවත් වීමේදී ඇතිවන්නක් වගේම වයස් ගතවීමේදීත් ඇතිවන්නක්. මෙය සාමාන්‍යයි.

නමුත් කාන්තාවන් තුළ පහත රෝග ලක්ෂණ ඇතිවන්නේ නම් විශේෂයෙන් වයස 40 වන විට ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්.

Today සඟරාවේ ලිපියක ජෝන් රේමන්ඩ් ඒ බව මෙසේ පෙන්වා දෙනවා.

මේ රෝග ලක්ෂණ 4 නොසලකා ඉන්න එපා

1. දණහිස් වේදනා

බොහෝ විට: ගෙවීම හා කාලය සමග වැඩිපුර යෙදවීම.
උද්ගතවන රෝග: ලිගර්මන්ට් හෝ කාටිලේජ දුර්වල වීම, ආතරයිටිස්.

මෙවැනි තත්වයන්ට අමතරව පමණ ඉක්මවා දණහිස ක්‍රියා කිරීම නිසා දණහිස ඉදිරියේ සිට හෝ දෙපස වේදනාවන් ඇතිවෙනවා.

හුඟක් වෙලාවට විවේක ගතයුතු බව මිනිසුන්ට කිව්වට ඔවුන් හිතන්නේ යමක් කළයුතුයි කියලයි.

ඇමෙරිකාවේ අස්ථි විශේෂඥය දොස්තර බාර්බරා බෙර්ගින් පවසන ආකාරයට වේදනාවක් කියන්නේ ඔබේ ශරීරයෙන් විවේකයක් ඉල්ලන සංඥාවක්.

අයිස් ඉක්මන් සුවයට හොඳයි. නමුත් ඔබට වේදනා නාශක ගැනීමට අවශ්‍ය නම් වෛද්‍යවරයෙකු හමුවන්න.

ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න - ඉඳගෙන සිටින විට කකුලේ ඉදිමුමක් ඇතිවෙනවා නම් වෛද්‍යවරයෙකු හමුවන්න. ඒ වගේම දණහිස ලොක් වීම, ශබ්ධ නැගීම හෝ දුර්වල බවක් දැනීම වැනි කරුණු ගැනත් සැලකිලිමත් වීම වටිනවා.

2. කකුලේ වේදනා

බොහෝ විට: වෙහෙස වීම, මාංශ පේශි ඇදීම.
බරපතල තත්වයන්: Chronic venous insufficiency (CVI), DVT

උවමනාවට වඩා ඇවිදීම, දිවීම වැනි හේතු නිසාත් කකුලේ වේදනා ඇතිවෙනවා. ඒ වගේම දවස පුරා ඉඳගෙන ඉඳීමත් ඊට හේතු වෙන්න පුළුවන්.

මේ වේදනාවන් අත්බෙහෙත් සමග පහව යනවා නම් ඒ ගැන එතරම්ම කලබල විය යුතු නැහැ.

නමුත් කාන්තාවකට ඇතිවන කකුලේ වේදනා CVI යන රුධිර කැටි වැනි රෝගී තත්වයක් ඇතිවෙන්න පුළුවන්.

ඊට අමතරව deep vein thrombosis (DVT) නමැති තත්වයද තවත් භයානක කකුලේ ඇතිවන රෝගී තත්වයක්.

මේ තත්වය වැඩිපුර ඉඳගෙන සිටීමෙන් ඇතිවෙන්නත් පුළුවන්. හෝර්මෝන ක්‍රියාකාරිත්වය සඳහා ඖෂධ ගන්න අයට වගේම දුම්පානය කරන කාන්තාවන්ටත් මේ තත්වය ඇතිවෙන්න පුළුවන්.

ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න - CVI රෝග ලක්ෂණ එනම් ඉදිමීම, මාංශ පේශි වේදනා, කකුල් කැසීම්, කකුලේ බර ගතිය හෝ DVT ලක්ෂණ එනම් රතු වීම, බත්කෙණ්ඩ ඉදිමීම, උණුසුම් බව, හුස්ම ගැනීමේ අපහසුතා, කෙටි හුස්ම වැටීම වැනි රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්.

3. පෙනීමේ දුර්වලතා

බොහෝ විට: දිගු වෙලාවක් තිරයන් දෙස බලා සිටීම නිසාත් ඇතිවන පීඩාවන් නිසා ඇස් පෙනීම අඩුවෙනවා. රූපවාහිනිය, පරිගණකය මෙයට හේතු වෙන්න පුළුවන්. බේත් ගැනීම, තිරයේ ආලෝකය හා පසුතල වෙනස් කිරීම මගිනුත් ඉක්මන් සුවයක් දැනෙනවා.

ඒ වගේම හෘදයාබාධ තත්වයක රෝග ලක්ෂණයක් ලෙසත් කාන්තාවන්ට ඇස් පෙනීමේ දුර්වලතා ඇතිවෙන්න පුළුවන්.

ඇමරිකාවේ Stroke Association ආයතනයට අනුව කාන්තාවන් 100,000 පමණ වයස 65 ට අඩු කාන්තාවන්ට හදිසි අබාධ ඇතිවී තිබෙනවා. කාන්තාවන්ට හදිසි අබාධ හැදීමේ සම්භාවිතාවය වැඩි අතර හෘද රෝග හා දියවැඩියාව වැනි රෝගද ඊට හේතුවිය හැකියි.        

ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න - ඇස් වල පෙනුම ඉක්මනින් අඩුවීම මෙය හදිසි අබාධයක ලක්ෂණයක් විය හැකියි. මුහුණේ මාංශ පේශි අකර්මන්‍ය වීම, අත්වල දුර්වලතා, කතා කිරීමේ අපහසුකම් මේ සමග ඇතිවෙන රෝග ලක්ෂණ විය හැකියි

4. නිතර මුත්‍රා කිරීමේ උවමනාව

බොහෝ විට: මුත්‍රා ආසාදනයක් නිසා.
බරපතල තත්වයන්: දියවැඩියාව

කාන්තාවන්ට UTI නමැති ආසාදනය බහුලව දක්නට ඇති අතර මෙය ඊස්ට්‍රජන් හෝර්මෝනය පහළ යාමත් සමග ඇතිවන තත්වයක්. නමුත් ඔබ මුත්‍රා පිට කිරීමේදී නිතර වේදනාවන් ඇතිවන්නේ නම් වෛද්‍යවරයෙකු හමුවීම සුදුසුයි.

නමුත් මෙය දියවැඩියාව නිසාත් ඇතිවිය හැකියි. විශේෂයෙන් වැඩිහිටියන් අතර බහුල දෙවන වර්ගයේ දියවැඩියාව කාන්තාවන් තුළ ඇති වීමෙන් ඇස් වල පෙනීමේ හා හදවත් රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතිනවා.

ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න - නිතර බඩගින්න, පිපාසය වැනි රෝග ලක්ෂණ ඇතිවුවත් මේවා ඉතා සාමාන්‍ය තත්ත්ව නිසාම බොහෝ විට හුඟ දෙනෙක් නිරීක්ෂණය කරන්නේ නැහැ.

ඔබේ නිරෝගී බව මුළු පවුලටම සම්පතක්. theAsianparent Sri Lanka ඔබ වෙනුවෙන් කරුණු සොයා යන්නේ ඒ නිසාමයි.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ