කාර්‍යබහුල උදෑසන මෙන්න මෙහෙම පහසු කර ගනිමු.

කලබලකාරී කරදරකාරී උදෑසන මෙන්න මෙහෙම පහසු කර ගන්න පුළුවන් නම්...

උදෑසන කොච්චර කාර්‍යබහුලද? කරන්න තියෙන වැඩ නිමක් නැහැ. උදෑසන ගෙවිලා ඉවරවෙද්දී වැඩ වලින්ම හති වැටිලා. ඒ මදිවාට වැඩ කරගන්න බැරි වුනාහම චුට්ටක් තරහාත් යනවා.

මොකද  කරන්නේ ??

උදෑසන ටිකක් සැලසුම් කරගත්තොත් ?

ඔව් ඒක තමයි උත්තරය.

ආහාර පිසීම

1. රාත්‍රියට පොල් ගා කිරි මිරිකා තියන්න පුලුවන්. හදිස්සි අවස්ථාවකදී ගන්න පිටිකල පොල්කිරි පැකට් එකක් තියා ගන්න. අපි කලින් කියලා දුන්න පොල් තලපය, කරි පේස්ට් වැනි උපක්‍රම යොදන්න පුලුවන්.

2.  රාත්‍රීයේ එළවළු කැබලි කර පහේ අතගා ලූණු , කරපිංචා කැබලි යොදා පෙට්ටි වල අසුරා   ශීතකරණයේ තබන්න.

3. රාත්‍රියේ මස් මාළු මිරිසට පිස තබන්න. එය රාත්‍රී  වේලට වුනත් ගන්න පුලුවන්.

4. රාත්‍රියට මැල්ලුම් රාත්‍රීයට ලියා පොල් අනා ශීතකරණයෙන් තබන්න.

5. හාල්මැස්සන්  සති අන්තයේ සුද්ද කර අසුරා තබන්න. කරවල කැබලි කර අසුරා තබන්න.

උදේට තියෙන්නේ පොඩි මැජික් එකක් කරන්න  විතරයි. මහන්සිත් නෑ. රෑට ටිකක් මහන්සි වුනත් නිදාගන්න නිසා උදේට නැවුම්ව ඉන්න පුලුවන්.

මුළුතැන්ගෙය අස් කිරීම

1. රාත්‍රී නින්දට පෙර මුළුතැන්ගෙය සම්පුර්ණයෙන්ම අස් කරන්න

2. උදේට පාවිච්චි වෙන්නේ භාජන ටිකයි. ඒවා ඒ වේලේම සෝදා වේලේන්න තියන්න.

ඇදුම් සකස් කිරීම

1. සති අන්තයේ ඇදුම් සෝදා අසුරා ගන්න.

2. බබාලාගේ ඇදුම් , බබාගේ තාත්තාගේ ඇදුම් සතියේ දවස් ගානට වෙන් කර අසුරන්න.

3. ඇදුම් සියල්ල අයන් කර තබන්න.

ඔන්න උදේට හරිම ලේසියි. අල්මාරිය ඇරියා. පිලිවෙලට ඇදුම් ටික තිබ්බා.

සපත්තු , බෑග් අස්කිරීම

1. මේවා කලින් දවසේ රාත්‍රියේ කරන්න.

2. බබාගේ තාත්තාට මේ වැඩ පවරන්න.

උදේට ඒ ගැන තැවෙන්න අවශ්‍ය නැහැ . සපත්තු නම් දාගත්තා , බෑග් එක නම් ගත්තා . ගියා. එච්චරයි .

• උදේට තේ සැදීම

1. බබාලාගේ කෝප්ප, බෝතල් රාත්‍රියේ සෝදා හොදින් තම්බා තබන්න.

2. තේ හදන්න ගන්න භාජන සෝදා ගබඩා කර තබන්න.

උදේට තේ හදන්න යන්නේ වතුර රත්වෙන පරක්කුව විතරයි.

ඔන්න අම්මලා මේ වැඩවැඩි උදේ පහසු කරගන්න පුංචි මග පෙන්වීමක්  විතරයි.