theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කාර්‍යබහුල මව්වරුන්ට ඉතා පහසු ව්‍යායාම සදහා ඉගි 5 ක්

3 අවම කියවීම
කාර්‍යබහුල මව්වරුන්ට ඉතා පහසු ව්‍යායාම සදහා ඉගි 5 ක්කාර්‍යබහුල මව්වරුන්ට ඉතා පහසු ව්‍යායාම සදහා ඉගි 5 ක්

වැඩි වෙලාවක් ගත කරන්නේ නැතිව හොද ප්‍රතිඵල ගත හැකි අඩුම තරමින් අත්හදා බැලිය හැකි මා විසින් කරන ලද ඉතා පහසු  ව්‍යායාම ඉගි 5 ක් මේ සමග ඉදිරිපත් කරනවා.

වැඩි වෙලාවක් ගත කරන්නේ නැතිව හොද ප්‍රතිඵල ගත හැකි අඩුම තරමින් අත්හදා බැලිය හැකි මා විසින් කරන ලද  ඉතා පහසු මව්වරුන්ට ව්‍යායාම 5 ක් මේ සමග ඉදිරිපත් කරනවා.

ඉහත ඔබට පෙනෙන ඡායාරූපයේ ඉන්නේ මම, පළමු ඡායාරූපය මගේ දෙවැනි දරු ප්‍රසුතියට පසු 80   kg  බරක ඉන්න කොට , දෙවැනි ඡායාරූපය පසුගිය අවුරුද්දේ 54 kg  ඉන්න කොට හා අවසාන ඡායාරූපය මේ දැන් ගත්ත එකක්,බර 52 kg ක් වෙනවා.

මම ස්වභාවයෙන් ව්‍යායාම කිරීමට පුරුදු වුන කෙනෙක් නෙවේ.මවක් වු පසු ව්‍යායාම  කිරීමට කාලයක් සොයා ගැනීමට අපහසු වුනා.

කාර්යාලයේවැඩ ,ගෙදර දොර වැඩ, දරුවන් රැකබලා ගැනීම හා දරුවන්ගේ පාසැල් වැඩ කටයුතු වැනි බොහෝ වැඩ කටයුතු අතර ව්‍යායාම වෙනුවෙන් කැප වෙන්න වෙලාවක් සොයා ගන්න අපහසුයි .

මම ඉතාම කැමති කවදාවත් අත් නොහැරිය මම කොහේ හිටියත් කරන ඇවිදීම මට ඒ සදහා උදව් කල පළමු දේ වෙනවා.

ව්‍යායාම ජීවිතයේ කොටසක් කර ගැනීම ශරීරයේ බර හා මුලු සෞඛ්‍යයට විතරක් නොවේ මුලු පවුලටම වැදගත් වන බව මම ඉගෙන ගත්තා.

ඔබ සෞඛ්‍ය සම්පන්නව සතුටින් සිටින විට ඔබ ආදරය කරන සියලු දෙනාම ඔබට රැක ගන්න පුලුවන්.

මව්වරුන්ට ව්‍යායාම: වැඩි කාලයක් වැය නොකර පහසුවෙන් කරන්න පුලුවන් ව්‍යායාම පහක්

වැඩි වේලාවක් ගත නොවී හොද ප්‍රතිඵල ලැබෙන අඩුම තරමේ උත්සහ කල හැකි මම සැමදාම කරන සරල  ව්‍යායාම 05 ක් ඔබට කියා දෙනවා.

1. මව්වරුන්ට ව්‍යායාම: Planks

 

මව්වරුන්ට ව්‍යායාම

මම පළමු වරට එය කරන විට තත්පර තිහෙන් එය අතහැර දැමුවා. සමහර මිනිස්සු ඉතා පහසුවෙන්  බොහෝ වෙලා එහි නිරත වන්නේ කෙසේදැයි මට හිතාගන්නවත් බැරි වුනා.

නමුත් දැන් මගේ සිරුර එයට හුරු වු පසු මම එහි විනාඩි 6 ත් 8 ත් අතර කාලයක් නිරත වෙනවා.

විනාඩි  2 කට වරක් තත්පර 30 ක විවේකයක් ගනිමින් මම අඩුම තරමේ දවසකට වරක් වත් මෙහි නිරත වන අතර හැකි වුනොත් දවසට කිහිප වතාවක් යෙදෙනවා .

2. මව්වරුන්ට ව්‍යායාම: පඩිපෙළ නැගීම

 

කාර්‍යබහුල මව්වරුන්ට ඉතා පහසු ව්‍යායාම සදහා ඉගි 5 ක්

 ඔබට නිවසේ මේ සදහා අවශ්‍ය උපකරණ නොමැති නම් ඔබ සිටින ගොඩනැගිල්ලේ පඩිපෙළ මේ සදහා භාවිතා කරන්න පුලුවන්.

එක පඩියක් නැගීම හොදයි වගේම පඩියක් හැර පඩියක් නැගිය හැකිනම් හොදයි. දකුණු හෝ වම් කකුලෙන් පටන් ගෙන එකම පඩි ප්‍රමාණයක් පහලොස් වරක් ඉහල පහල යන්න.

විනාඩි 20 ක් විවේක ගෙන අනෙක් කකුල භාවිතා කර එය කරන්න.හැකිනම් දිනකට කිහිප වරක් මෙය කරන්න.

3. මව්වරුනට ව්‍යායාම: ලණුවකින් පැනීම (skipping rope)  

මව්වරුන්ට ව්‍යායාම

මම මගේ දියණිය පැනීමට භාවිතා කරන ලණුව ඉල්ලා ගෙන දවසට 100 ත් 150 ත් වාර ගණනක් පනිනවා.

මම එය ඉතා පහසුවෙන් කරනවා .මුලින් මට එය අපහසු වුනා. මම දැනට 150 ට වඩා පැන්නත් මම තවත් වැඩියෙන් පනින්න කැමතියි.

4. මව්වරුන්ට ව්‍යායාම: ක්රන්චස් (crunches)

කාර්‍යබහුල මව්වරුන්ට ඉතා පහසු ව්‍යායාම සදහා ඉගි 5 ක්

මටත් මෙය මුලදී බොහොම අපහසු වුනා .ඒත් බොහෝ පුහුණු වීමේදී ඔබට එය කල හැකි වේවි.

ඔබ කලයුතු වන්නේ යෝගා පැදුරක කොන්ද පිටුපසට සිටින සේ දිගා වන්න.

පළමුවෙන්ම කද කොටස දණහිස් වෙතට ගෙන යන්න.ඔබට ඔබේ දෑත් දණහිස් වල ගාවන්න පුලුවන් නම් බොහොම හොදයි.

ඔබට නොහැකි වුනත් එය අතහරින්න එපා. ඔබට එය හැකි වෙනකම් උත්සහ කරන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

5. මව්වරුනට ව්‍යායාම: ට්විස්ට්ස්/ twists (රවුමට කැරකවීම)

කාර්‍යබහුල මව්වරුන්ට ඉතා පහසු ව්‍යායාම සදහා ඉගි 5 ක්

මෙය ඔබ මුලුතැන් ගෙයි වැඩ කරමින් සිටින විට පවා කරන්න පුලුවන්.කෙලින් සිටගෙන අත්දෙක ඉනෙහි තබා ගන්න.

ඔබේ සිරුරේ පහල කොටස සොලවන්නේ නැතුව ඉනෙන් උඩ කොටස පමණක් වමේ සිට දකුණට රවුමට කරකවන්න.

ඔබට නැවිලා කකුලේ ඇගිලි ඇල්ලීමත් නැවත සිරුර කෙලින් කිරීමත් ඔබට අවශ්‍ය නම් කරන්න පුලුවන්.

theIndusparent  අනුමැතිය ඇතිව නැවත ප්‍රකාශනය කරන ලදී.

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • ව්‍යායාම
  • /
  • කාර්‍යබහුල මව්වරුන්ට ඉතා පහසු ව්‍යායාම සදහා ඉගි 5 ක්
බෙදාගන්න :
  • පිහිනීම යනු ගර්භණි අවධියේදී කිරීමට සුදුසුම ව්‍යායාමයක් බව ඔබ දන්නවාද?

    පිහිනීම යනු ගර්භණි අවධියේදී කිරීමට සුදුසුම ව්‍යායාමයක් බව ඔබ දන්නවාද?

  • ඔබ දැන සිටිය යුතු ජිවිත කාලය තුල සිදුවෙන ඔබේ යෝනියේ වෙනස්වීම්

    ඔබ දැන සිටිය යුතු ජිවිත කාලය තුල සිදුවෙන ඔබේ යෝනියේ වෙනස්වීම්

  • පිහිනීම යනු ගර්භණි අවධියේදී කිරීමට සුදුසුම ව්‍යායාමයක් බව ඔබ දන්නවාද?

    පිහිනීම යනු ගර්භණි අවධියේදී කිරීමට සුදුසුම ව්‍යායාමයක් බව ඔබ දන්නවාද?

  • ඔබ දැන සිටිය යුතු ජිවිත කාලය තුල සිදුවෙන ඔබේ යෝනියේ වෙනස්වීම්

    ඔබ දැන සිටිය යුතු ජිවිත කාලය තුල සිදුවෙන ඔබේ යෝනියේ වෙනස්වීම්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it