කෑම අපතේ නොයවන ලෙස මගේ දරුවන්ට මම කියාදෙන ඉඟි කිහිපයක්

"මගේ දරුවන්ට කෑම ගැන එහි වැදගත්කම ගැන ඇති දැනුම මදි කියලා මට හිතෙනවා. හුඟක්ම කෑම පිඟනක ඇති කෑම ටික ගැන ඔවුන් තුළ ඇති ගෞරවය මදි බව මට හිතෙනවා."

මගේ දරුවන් කෑම වල වැදගත්කම ගැන එතරම් අවබෝධයක් නැතිව කටයුතු කිරීම ගැන මම හැම වෙලාවකම දුක් වුණා.

දින කිහිපයකට පෙර මගේ දුවයි මමයි ටිකක් එළියට ගියා. ඒක අපි දෙන්නගේ පුරුද්දක්. ඉඳහිට දුවයි මමයි මෙහෙම ඇවිදින්න යන්න මම කාලය වෙන් කරනවා. අපි දෙන්නත් එක්ක ටිකක් සාප්පු සවාරි, පොත් සාප්පු වල ඇවිදලා අන්තිමට එයා ආස කෑම වේලක් එහෙම කාලා අපි දෙන්නා හරි නිදහසේ ඒ දවස ගෙවනවා.

ඒ කොහොම වුනත් මගේ දරුවන්ට කෑම ගැන එහි වැදගත්කම ගැන ඇති දැනුම මදි කියලා මට හිතෙනවා. හුඟක්ම කෑම පිඟනක ඇති කෑම ටික ගැන ඔවුන් තුළ ඇති ගෞරවය මදි බව මට හිතෙනවා.

අඩුපහසුකම් සමග ලොකු මහත් වීම

එදා අපිට ඉතා සීමා සහිත පහසුකම් තිබුණ නිසා අපිට හැමදේම ගැන හුඟක් අගයක් තිබුණා. නමුත් අද දෙමාපියන් විදිහට අපි හැමදේම දරුවන්ට කෙසේ හෝ ලබාදෙන නිසා ඔවුන්ට ඒවායේ අගය අඩුවෙන් දැනෙනවා වෙන්නට පුළුවන්.

මේ වෙලාවේ මමත් මගේ දුවත් අවන්හලක කෑම ගනිමින් හිටියත් කෑම එකෙන් භාගයක් අවසන් වෙන්නට කලින් එයාගේ බඩ පිරිලා කියලා කියන්න ගත්තා.

අපි ආහාර ඇනවුම් කරන කොටම ඇයට තවත් ආහාර ඇනවුම් කරන්න ඕනේ කියලා කිව්වත් අපි පළමුව ඇනවුම් කළ ආහාර අවසන් කර ආයෙත් ආහාර ඇනවුම් කළයුතු බව ඇයට කිව්වා වගේම එයාට කෑම අරගත්තු ටික අවසන් කරන්න බැරි වුණා. අවසානයේ ඉතිරි කෑම ටික ඔතාගෙන යන්න සුදානම් කර දෙන්න කියලා මම සේවකයෙකුගෙන් ඉල්ලා සිටියා.

අපි අවන්හලෙන් එළියට එනකොට තරමක් වයසක කාන්තාවක් අවුරුදු හතරක පහක විතර බබෙකුත් ළඟ තියාගෙන පදික වේදිකාවේ ඉඳගෙන හිටියා. ඒ දරුවට සෙරෙප්පු තිබුණේ නැහැ. ඇඳුම් ඉරිලා තිබුණා. හොඳටම බඩගින්නේ ඉන්න බව තේරුණා. ඒත් ඒගොල්ලෝ හිඟමන් ඉල්ලුවේ නැහැ.

මම කියන තුරු ඉන්නේ නැතිව මගේ දුව අපි ළඟ ඉතිරි වෙලා තියෙන කෑම ඒගොල්ලන්නට දෙමුද කියලා ඇහුවා. මම එය අනුමත කරපු සැනින් ඇය දුවගෙන ගිහින් කෑම එක පුංචි දරුවාට දීලා මගේ ළඟට තුරුල් වෙලා ඇය නැවත කෑම අපතේ නොයවන බව කිව්වා.

ඒක හුඟක් හොඳ දෙයක් වුනත් තවත් දින කිහිපයකින් මෙය ඔවුන්ට අමතක වන බව මම දන්නවා. කෑම වැඩියි, කෑම එපා කියන කතාව නැවත පටන් ගන්නා බව මම දන්නවා.

දරුවන් කෑම අපතේ යවන එකෙන් දරුවන්ව නවත්වන්නේ කොහොමද?

මගේ දරුවන් මේ ක්‍රම නිසා ටිකක් හැදිලා කියලා මට හිතෙනවා. ඔබත් ඒ දේවල් උත්සාහ කරලා බලන්න.

  • කෑම ප්‍රමාණය සීමා කරන්න

එකවරටම කෑම ඔක්කොම බෙදනවාට වඩා කෑම ටිකක් මුලින් බෙදුවහම ඔවුන් ඉක්මනට එය කාලා ඉවර කරන බව මට දැනුණා. එවිට නැවත අනෙක් කෑම ඉල්ලන්න ඔවුන් පුරුදු වෙනවා. ඒ නිසා ඉක්මනින් කෑම කාලා තවත් කන්න ඔවුන් පෙළඹෙනවා.

  • ටිකක් බඩගින්න දන්වන්න

ඔබ මගේ මේ විනිශ්චය ගැන හිතන්න පුළුවන්. ඒත් මම කාලයක් පුරා මෙය අධ්‍යනය කළා. නමුත් ඔවුන් ටිකක් බඩගින්නේ තැබීමෙන් කෑම වේල ගැන සිහි තබා ගන්නවා. ඔවුන් නිරාහාරව තැබීම අතර තුර කිසිවක් නොදී කෑම වේලක් විතර එහා මෙහා කළහම ඔවුන් බඩගින්නට පුරුදු කරගන්න පුළුවන්. ඉන් ඔවුන් කෑම ඉල්ලගන්නත් පිඟානෙ තියෙන කෑම ටික ඔක්කොම කන්නත් පුරුදු වුණා.

  • එය සෞක්‍ය සම්පන්න ඇයි කියලා කියා දෙන්න

මගේ දුව යමක් තේරුම් ගන්නත් මතකයේ තබාගන්නත් උනන්දුවක් දක්වනවා. විශේෂයෙන් ආහාර ගැන. නිවිති වලින් යකඩ ලැබෙනවා, කැරට් වලින් ඇස් පෙනීම වැඩිවෙනවා, මොලය වර්ධනය වෙනවා. ඇය සමහර කෑම වලට අකමැති වුනත් එහි ගුණයන් ගැන සිහිකරන විට අකමැති කෑමත් කනවා.

ඒ වගේම ඔවුන් එක්ක එකතු වෙලා විවිධ කෑම ගැනත් බුෆේ ක්‍රමයට කෑම තියන්නත් මම වෙලාවකට යොමු වෙනවා. එක තැනක කෑම මේසයේ වාඩිවෙලා සංයමයෙන් කෑම ගැනීමටත් එහි රස ගුණ ඇගයීමටත් ඔවුන් පුරුදු කිරීම නිසා ඔවුන් කෑම අපතේ යැවීම හුඟක් අඩු කරලා වගේම මම වගේම ඔබත් පුංචි පුංචි උපක්‍රම යොදාගන්නවා නම් ඒ ගැන අපට කියන්න.

හැමදාමත් පෝෂණය ගැන theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය කතා කරන්නේ දරුවන් අපේ ජීවිතය නිසයි.

theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි. 

Author: Debolina. 

පරිවර්තනය: නිසංසලා ලියනගේ