හොඳින් කිරි දෙන ලොව පුරා මව්වරුන්ගේ රහස් දැනගන්න.

lead image

මව්කිරි දීමේ ක්‍රියාවලිය ඉතා සාර්ථක ලෙස ජයගත් ලොවපුරා අම්මලාගේ කතාවලින් අපි එකතු කරගත් වටිනා අදහස් කිහිපයක් ඔබටත් වැදගත් වේවි.

අලුත් මවකට දරුවෙකු සමග ගතකරන කාලය ඉතා නුහුරු වෙන්න පුළුවන්. ඒ වගේම අභියෝගාත්මකයි. නමුත් එය ඉතාම සාමාන්‍ය තත්වයක්. ඒ නිසා හැම අම්මා කෙනෙකුගේම මව්කිරි දීමේ අත්දැකීම එකවගේ වන්නේ නැහැ. සමහර අම්මලා සහ දරුවන්ට එය කිසිදු ගැටළුවක් නොවුනත් සමහර අම්මලාට එය ගැටළු සහගත වන්නට පුළුවන්. නමුත් සමහර අම්මලා වසර ගණනාවක් යනතුරුත් කිසිදු කරදරයක් නැතිව දරුවන්ට මව්කිරි දෙනවා.

නමුත් ගැටළු මතුවෙන අම්මලාට එය අතරමැද නතර කරන්න වෙනවා. නමුත් ඉන් අම්මා හා දරුවාට සතුටින් ඉන්න බැරි වෙන්නේ නැහැ. නමුත් මව්කිරි දීම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගන්න විශාල වැසි රැසක් ගැනත් අපිට අමතක කරන්න බැහැ.

මව්කිරි දෙන විට ඇතිවන ගැටළු - නවීන ලෝකයේදී පැනනගින ගැටළු

ඈත අතීතයේ ඉඳන්ම මව්කිරි දීම සාමාන්‍ය පුරුද්දක්. එදා නම් අවුරුදු 5ක් ගියත් දරුවන්ට කිරි දීම ගැටළුවක් ලෙස ඔවුන් දුටුවේ නැහැ. එය ඈත කාලයේදී හුඟක් ජාතින් අතර අහන්නට දකින්නට ලැබෙනවා. නමුත් වර්තමානයේ මව්කිරි පිළිබඳ මතයන් තරමක් වෙනස් වෙලා. සතුටු දායක කාරණය වන්නේ හුඟක් ප්‍රවර්ධන වැඩසටහන් මව්කිරි දීම ගැන හා එය සාමාන්‍යකරණය වීම ගැන කතා කිරීමයි.

හුඟක් අධ්‍යනයන් මගින් මව්කිරි දීම සාමාන්‍යකරණය කරන අතර අපි විවිධ ජාතීන්ගේ පුරුදු ඇසුරෙන් සලකා බලන විට මව්කිරි දීම හැමවිටම සාමාන්‍ය තත්වයක් ලෙස සලකා ඇති බව පෙනුනත් අපිව ඔවුන්ගෙන් ඉගෙන ගත හැකි බොහෝ දේ තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිරතුරුවම මව්කිරි දීමේ අගය ගැන කතාකරන නිසා මේ හැම කරුණක් ගැනම දැනුවත්වීම වැදගත්.

මව්කිරි දීමේදී ඇතිවන ගැටළු - දියුණු වන ලෝකයේ ගැටළු

අපි අසා දැන ඇති කාලයේ ඉඳන් මව්කිරි දීම සාමාන්‍ය සම්ප්‍රදායක්. බොහෝ සංස්කෘතීන් තුළ මව්කිරි දීම මාස 6ක් යනතුරු කළ යුතු යැයි විශ්වාස කරනවා. මෙය පෙර අපර දෙදිග බොහෝ රටවල් වල දක්නට ලැබෙන පුරුද්දක්. නමුත් වර්තමානයේ විවිධ හේතූන් මත එහි වැදගත්කම් හඳුනා ගැනෙනවා. නමුත් ඒ ගැන සිදුවෙන ප්‍රචාරණ වැඩසටහන් වල අඩුවක් නොවීම සතුටට කරුණක් වෙනවා.

මෙහි මූලික ලෙසම සාකච්ඡාවට ලක් වන්නේ එදා මෙන්ම අදත් ලොව පුරා මව්කිරි දීම ඉතා සාමාන්‍ය සිදුවීමක් ලෙස පැවත එන්නක් බවයි. ඒ නිසාම අපි ලොව පුරා මේ ගැන ඇති මතයන්, අදහස් හා අත්දැකීම් ගැන දැනුවත් වෙමු. මේ ගැන උතුරු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් සරසවියේ මානව විද්‍යාඥ බෲක් සෙයස් විසින් ලොව පුරා කිරි දෙන මව්වරුන් ගැන සොයා දැනගත් සුවිශේෂී කරුණු බෙදා ගන්නවා.

නැම්බියාවේ හිම්බා ගෝත්‍රිකයන්

උතුරු නැම්බියා කාන්තාර ප්‍රදේශ වල ජීවත් වන හිම්බා ගෝත්‍රිකයන් දියුණු නගර ආශ්‍රයේ ඈත්ව ජීවත් වෙනවා. ඔවුන්ගේ නිවාස මැටි නිවාසයි. මේවයේ ජිවත් වන කාන්තාවන් දරු ප්‍රසූතිය නිවසේම සිදු කරන නමුත් දරුවන්ට මව්කිරි දීම සිදු කරනවා. නමුත් මට එලෙස මව්කිරි නොදෙන කාන්තාවක් හමුවුණා.

ඇයට මව්කිරි එරෙන්නේ නැහැ. ඒ නිසා ඇය දරුවාට එළුකිරි දෙන්නට පටන් අරගෙන. මෙය සාමාන්‍ය කාන්තාවක් වුනත් ඔවුන්ට බෝතල් හෝ පිටි කිරි අවශ්‍ය වන්නේ නැහැ.  හිම්බා ජාතිකයන් අතර කාන්තාවන් ඔවුන්ගේ පිටේ දරුවන් රඳවාගෙන වැඩවල නිරත වීම සාමාන්‍ය දසුනක්. දරුවාට බඩගිනි වූ විට මව්කිරි දීමෙන් පසුව නැවත පිටුපස රඳවා ගන්නවා.

ඇගේ පර්යේෂණ හා උපකල්පනයන් මත හිම්බා ජාතිකයන් මව්කිරි දීම හොඳින් සිදුකරන බවට හේතු ලෙස

  • නිරන්තර දරුවා සමග ඇති සම්බන්ධය. 
  • වෙනත් වෛද්‍ය පර්යේෂණ සඳහා දරුවා උපතේදී යොමු නොවීමෙන් මව හා දරුවා අතර ඇතිවන අඛණ්ඩ සම්බන්ධතාවය.
  • මොවුන් හැමදෙනෙකුම මව්කිරි දීම විවෘතව කරන නිසා අලුත් අම්මලාට එය පුරුදු දසුනක් හා අත්දැකීමක් වීම.

හේතු විය හැකි බව දක්වනවා. මෙය ප්‍රජාව තුළ පුරුදු ලෙස සිදුවුනත් එසේ නොවන අවස්ථාවන්ද ඇති බවට බෲක් පවසනවා.

ඔවුන්ටත් සමහර අලුත් අම්මලාට ඇතිවන ගැටළු, වේදනාවන් මව්කිරි දීම පිළිබඳ ගැටළු ඇති බව පවසනවා. ඒත් මේ ගැටළු අභිබවා යන්න ඔවුන් අනුගමනය කරන රහස මොකද්ද?

දරුවන්ගේ අත්තම්මා

දරු ප්‍රසූතියට පෙර මව ඇගේ මවගේ නිවසට යාම සාමාන්‍ය තත්වයක් ලෙස පැවත එනවා. විශේෂයෙන් අවසාන මාස කිහිපයේ ඇයට ඇගේ මවගෙන් සියලු ගුරුහරුකම් ලැබෙනවා. මේ අම්මලා තමන්ගේ දියණිය මව්කිරි දිය යුතු අවස්ථාවේ ඇයව අවදි කරවන බව බෲක් පවසනවා.

බෙන්ග් ගෝත්‍රය - අයිවරි කෝස්ට්

මෙය ඉතා කුඩා ගෝත්‍රිකයන් කොටසකින් සමන්විතයි. මේ ගෝත්‍රිකයන් අතර කාන්තාවන් අනෙක් කාන්තාවන්ගෙන් මව්කිරි දීම ඉගෙන ගන්නා බව අල්මා ගොට්ලිබ් ඇගේ Afterlife is where we come from පොතේ සඳහන් කරනවා. අලුත් මවක් ප්‍රසූතියෙන් පළමු සතියේ හුඟ දෙනෙක් නිවසට එනවා. විශේෂයෙන් කාන්තාවන් හුඟක් අය දරුවන්ට මව්කිරි දුන් අම්මලා. ඔවුන් අලුත් අම්මා සමග තොරතුරු බෙදා ගන්නවා. මේ නිසාම අලුත් අම්මාට මේ පුරුද්ද ඉතා සාමාන්‍ය වගේම දැනුවත් බවක් ලබාගන්නවා.

චීනය

චීනයේ අලුත් අම්මලා සම්ප්‍රදායික ලෙස Zuo yue හෙවත් sitting the month නම් පිළිවෙත අනුගමනය කරනවා. මෙය සාමාන්‍යයෙන් කාන්තාවන් මගින් මාසයක් පුරා ඇයව රැකබලා ගන්නා පිළිවෙතක්. මේ නිසා පවුලේ කාන්තා ඥාතීන් අලුත් අම්මාට පෝෂණීය ආහාර ලබාදෙමින්, මව්කිරි එරෙන කෑම වර්ග සපයා දෙමින්, ඇයට ප්‍රසූතියෙන් පසු ඇතිවී ඇති වේදනා හා දුර්වලතා වලින් සුවයක් ලබාගන්න උදව් කරනවා. ඒ වගේම දරුවාව රැකබලා ගන්නා හැටිත් කියා දෙනවා. නැවතත් අලුත් අම්මලා මුහුකුරා ගිය අයගේ දැනුමෙන් ඉගෙන ගන්නවා.

ඉගෙන ගත හැකි පාඩම්

මේ හැම අත්දැකිමකින්ම අපට කියාදෙන්නේ හැකිතරම් ශක්තිමත් උදව් උපකාර ඇති පරිසරයක් ලැබීමේ වැදගත්කමයි. මේ නිසා මාස 6ක් පුරා නොකඩවා මව්කිරි දීමේ කාර්යය පහසු වෙනවා.

උදව් උපකාර, අධ්‍යාපනය, දැනුවත් බව නිසා කිරිදෙන මව්වරුන්ගේ කර්තව්‍ය හුඟක් පහසු වෙනවා. අපේ ඉපැරණි චාරිත්‍ර වාරිත්‍ර එදා සිට පැවත එන්නේ මේ වැදගත්කම් නිසයි. ඒ වගේම ඔබේ දැනුම ගැටළු අලුත් අම්මලා එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ