බබාගේ ආහාර වට්ටෝරු: කිරි මාළු

බබාගේ ආහාර වට්ටෝරු: කිරි මාළු

පොඩ්ඩෝ කන්න කැමති රස ගුණ කිරි මාළු...

මාළු කියන්නේ මොළය වර්ධනයට හිතකර ආහාරයක් වගේම හොද කැල්සියම් ප්‍රභවයක් වෙනවා. අන්න ඒ නිසා තමයි  බබාගේ  ආහාර වට්ටෝරු අතරට මාළු වලින් රසවත් කෑම වට්ටෝරු කිහිපයක් එකතු කර ගත යුත්තේ. බබාගේ ආහාර වට්ටෝරු අතරට ඔබට කිරි මාළු එකතු කර ගන්න පුළුවන් නම් මිරිස් කන්න අකමැති පොඩ්ඩන්ට හොද විසදුමක් වේවි. එහෙනම් බබාට ගැලපෙන විදියට  මාළු සකස් කර ගත හැක්කේ කෙසේද?

දරුවාගේ මොළය වර්ධනය

කිරි මාළු

අවශ්‍ය ද්‍රව්‍ය :

  • තෝර මාළු හෝ වෙනත් සුදු පැහැති කටු අඩු මාළු කැබැල්ලක්
  • පොල් කිරි ටිකක්
  • තුනපහ
  • කහ
  • කුරුදු
  • කරපිංචා
  • රම්පා
  • ලියාගත් රටළුණූ
  • රස අනුව ලුණු

 

සාදන ක්‍රමය 

  • මාළු කැබැල්ල අයිස් ඉවත් කර  හොදින් සෝදා ගන්න.
  • භාජනයකට ජලය යොදා මාළු කැබැල්ල දමන්න.
  • එයට පොල්කිරි හැර ඉහත සදහන් සියළු කුළු බඩු හා ජලය එකතු කරන්න.
  • දැන් මාළු කැබැල්ල හොදින් තැම්බෙන්න දෙන්න.
  • මාළු කැබැල්ල හොදින් තැම්බුන පසු එයට පොල් කිරි එක්කර නටවා ගන්න.
  • දරුවාට මාළු ලබාදීමේදී අනිවාර්යයෙන්ම කටු ඉවත් කරන්න.

රසයෙන් මෙන්ම ගුණයෙන් යුතු මාළු වලට ඔබේ පොඩ්ඩා කැමති වේවි.

බබාගේ ආහාර වට්ටෝරු: කිරි මාළු

මාළු වල ගුණ

අපේ පවුලේ ආහාර වේලට එකතු කිරීම සඳහා මාළු නිරතුරුවම සෞඛ්‍ය සම්පන්න ආහාරවලින් එකකි. මාළු වල සන්තෘප්ත මේද අඩු අතර  ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් ද ඔමෙගා-3 හා

මේද අම්ල  ශරීරයේ සහ මොළයේ ක්‍රියාකාරිත්වයට හා සංවර්ධනයට  අත්‍යාවශ්‍ය  වේ. ඔමෙගා 3   බහුල ලෙස අඩංගු සැමන්, හා මාළු වර්ග ඇතුළු ආහාර ගැබිනි මව්වරුන්ට  සහ කිරි දෙන මව්වරුන්ට තම ආහාර වේලට එකතු කරගන්නා ලෙස උපදෙස් ලැබෙන්නේ අන්න ඒ නිසයි.

කෙසේ වෙතත්, මතක තබා ගැනීමට වැදගත් පූර්ව ආරක්ෂිත පියවර ඇත.

  • නිර්දේශිත මත්ශ්‍ය පරිභෝජනය සතියකට ග්රෑම් 340 හෝ අවුන්ස 12 ක් වේ.
  • සමහර මාළු වැඩි රසදිය අන්තර්ගත අතර ඒ මගින් මොළයේ සංකූලතා ඇති විය හැක.
  • දරුවන් අපේක්ෂා කරන මව්වරුන් අමු හා නොපිසු ආහාර නොගත යුතුය.

බබාලගේ කෑම

එය මතකයේ තබාගෙන , මාළු ඔබේ පවුලේ ආහාරයේ කොටසක් කරගැනීමට වෙහෙසවන්න.

අතීතයේ අධ්‍යනය  සොයාගෙන ඇත්තේ නිතිපතා මාළු ආහාරයට ගැනීම මානසික සෞඛ්‍යය කෙරෙහි හොඳ බලපෑමක් ඇති කරන බවයි.

ඇල්සයිමර් වැනි වයස සම්බන්ධ රෝග වලින් ඔබේ මොළය ආරක්ෂා කර ගැනීමට සහ මානසික පීඩනය අවදානම අඩු කර ගැනීමට එයට ඔබට උදව් කල හැකිය.

මාළු වල විටමින් ඩී සහ බී 2 (රයිබෝෆ්ලැ්වින්) අඩංගු  වේ.

 

කතන්දර ලිපි