බබාගේ ආහාර වට්ටෝරු: කිරි මාළු

බබාගේ ආහාර වට්ටෝරු: කිරි මාළු

පොඩ්ඩෝ කන්න කැමති රස ගුණ කිරි මාළු...

මාළු කියන්නේ මොළය වර්ධනයට හිතකර ආහාරයක් වගේම හොද කැල්සියම් ප්‍රභවයක් වෙනවා. අන්න ඒ නිසා තමයි  බබාගේ  ආහාර වට්ටෝරු අතරට මාළු වලින් රසවත් කෑම වට්ටෝරු කිහිපයක් එකතු කර ගත යුත්තේ. බබාගේ ආහාර වට්ටෝරු අතරට ඔබට කිරි මාළු එකතු කර ගන්න පුළුවන් නම් මිරිස් කන්න අකමැති පොඩ්ඩන්ට හොද විසදුමක් වේවි. එහෙනම් බබාට ගැලපෙන විදියට  මාළු සකස් කර ගත හැක්කේ කෙසේද?

දරුවාගේ මොළය වර්ධනය

කිරි මාළු

අවශ්‍ය ද්‍රව්‍ය :

  • තෝර මාළු හෝ වෙනත් සුදු පැහැති කටු අඩු මාළු කැබැල්ලක්
  • පොල් කිරි ටිකක්
  • තුනපහ
  • කහ
  • කුරුදු
  • කරපිංචා
  • රම්පා
  • ලියාගත් රටළුණූ
  • රස අනුව ලුණු

සාදන ක්‍රමය 

  • මාළු කැබැල්ල අයිස් ඉවත් කර  හොදින් සෝදා ගන්න.
  • භාජනයකට ජලය යොදා මාළු කැබැල්ල දමන්න.
  • එයට පොල්කිරි හැර ඉහත සදහන් සියළු කුළු බඩු හා ජලය එකතු කරන්න.
  • දැන් මාළු කැබැල්ල හොදින් තැම්බෙන්න දෙන්න.
  • මාළු කැබැල්ල හොදින් තැම්බුන පසු එයට පොල් කිරි එක්කර නටවා ගන්න.
  • දරුවාට මාළු ලබාදීමේදී අනිවාර්යයෙන්ම කටු ඉවත් කරන්න.

රසයෙන් මෙන්ම ගුණයෙන් යුතු මාළු වලට ඔබේ පොඩ්ඩා කැමති වේවි.