කුඩා දරුවන්ට අනතුරුදායක ආහාර වර්ග ගැන දෙමාපියන්ට පුංචි මග පෙන්වීමක්!

lead image

මෙම කෑම වර්ග ඔබේ දරුවට දීමෙන් උවදුරු ඇතිවෙන්න පුළුවන් බව මතක තියාගන්න, අම්මිලා!

වසවිස පිරි ආහාර වලින් පිරි ආහාර සහිත නූතන සමාජයේ කුඩා දරුවන්ට අනතුරුදායක ආහාර ගැනත් දෙමාපියන් දැනුවත්ව සිටීම ඉතා වැදගත්.

මෑත කාලයේ සිට අවුරුදු 1ත් 2ත් අතර දරුවන් නොසිතන අවස්ථා වලදී විවිධ කෑම වර්ග සිරවීමෙන් ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් බොහෝ අවස්ථාවන් අපට අසන්නට ලැබුණා. මෙය අප කිසි විටෙකත් නොසිතන අවස්‌ථාවකදි සිදුවිය හැකිවීම නිසාම කුඩා දරුවන්ට අනතුරුදායක ආහාර වන මෙවන් ආහාර ගැන සැලකිලිමත් වීම හරිම වැදගත්.

මේ තත්වය වළක්වා ගන්නට නම් මූලිකවම දරුවාගේ වයසට ගැළපෙන ආහාර ඔවුන්ට දීම වැදගත්. දරුවන් සඳහා ප්‍රකට වෙබ් අඩවියක් වන බේබි සෙන්ටර් හි ළදරුවන්ට සිරවිය හැකි කෑම වර්ග එක් එක් අවදීන් අනුව වර්ග කොට පෙන්වා දී තියෙනවා.

choking-toddler

ග්‍රේප් එක මේ ආකාරයට කපා දෙන්න

මාස 12ත් 24ත් අතර කුඩා දරුවන්ට අනතුරුදායක විය හැකි කෑම වර්ග

රටකජු ඇටයක් තරමක කැබැල්ලකට වඩා ලොකු කෑම කැබැල්ලක් මෙම වයසේ දරුවෙකුගේ උගුරේ සිරවිය හැකියි.

වෙනත් කාර්යයක නිරත වෙමින්, රිය පදවමින් හෝ ඔබට සොයා බැලිය නොහැකි අවස්ථාවන් වලදී දරුවන්ට කෑම දීමෙන් වැළකීම ඊට කළ හැකි හොඳම පියවරයි. නිතරම කුඩා කැබලි හෝ සිහින් තීරු වශයෙන් දරුවන්ට කෑම පිළිගන්වන්න මතක තබාගන්න.

කැරට්, බෝංචි, ඇපල් වැනි පලතුරු: මෙවැනි ආහාර නිතරම කෑලි වලට කපා 1/4ක් පමණ ප්‍රමාණය බැගින් වරකට දරුවාට හොඳින් විකා කෑමට හැකි ලෙස දෙන්න. ග්‍රේප් වැනි පළතුරු දෙනවනම් දෙකට මැදින් කපා දරුවට දෙන්න. මුළු ග්‍රේප් එක කවදාවත් නොදෙන්න – දරුවාගේ උගුරේ හිරවීමට ඉඩ ඇත. 

චීස් සහ මස් වර්ග: මෙවැනි ආහාර විශාල කැබලි වශයෙන් නොදී ඉතා කුඩා කැබලි වශයෙන් දෙන්න. චීස් තැවරුම් වැනි දේ පැතලි ලෙස පාන් වල තවරා දෙන්න.

දරුවන්ට අනතුරුදායක වන මේ ආහාර දීමෙන් සම්පුර්ණයෙන් වළකින්න

තද ආහාර: රස කැවිලි, ලොලි පොප්, ඇට වර්ග, පොප් කෝන්, ලොවි වැනි තද පළතුරු. 
ඉතා මෘදු ආහාර: චුවින්ගම්, මාශ්මෙලෝ.

කුඩා දරුවන්ට අනතුරුදායක ආහාර

ඔබේ දරුවට ස්වාධීනව කෑම කන්න හැකියාව තිබුනත්, කන වෙලාවේ සෝදිසියෙන් ඉන්න

වයස මාස 24කට වැඩි දරුවන්ට අහිතකර විය හැකි ආහාර

ඔබේ දරුවාට ඉහතින් දැක්වූ ආහාර හොඳින් ස්වාධීනව කෑමට ගන්නා දරුවෙක් වුවත්, තව දුරටත් ඔවුන්ට මෙම ආහාර සිරවිය නොහැකි යැයි සිතන්න එපා. සිරවේ යැයි අවධානම් සහිත කෑම ඔවුන්ට පිළියෙළ කරන කොට නිතර පරීක්ෂාවෙන් සිටින්න.

එමෙන්ම කෑම ගන්නා විට කිසි විටෙකත් තවත් වැඩක යෙදෙමින් කෑම ගැනීම නුසුදුසු බව ඔවුන්ට කියා දෙන්න. ඊට හුරු කරන්න.

පුංචි ඇත වැරදීමකින් අපි නොසිතන අනතුරු වෙන්න පුළුවන්. පුංචි පැටවුන්ට අනතුරක් වුනොත් එය අපේ ජීවිත කාලයටම කඳුළු එක කරන අමිහිරි මතකයක් වේවි. ඒ නිසා ඔබට මේ කරුණු උදව් වේවි යැයි අපි විශ්වාස කරනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

Written by

theAsianparent