මගේ කුළුඳුල් පැටියාට මේ ලිපිය ලියුවා: “මට නම් අමතක වෙන්නේ නැහැ”

lead image

"ඔයාගේ මල්ලි එන්න කලින් ඔයා හිටපු හැටි ඔයාට අමතක ඇති. ඒකට තමයි මම ඉන්නේ. මට ඒ හැමදේම මතකයි. ඉතින් මම ඔයාට ඒ ගැන කියන්නම්..."

මේ ළඟකදී මට පුතා ඉපදුන දවසේ ගත්ත පරණ පින්තූරයක් හම්බවුණා. පරණ කියන්නත් බැහැ. හරියටම අවුරුදු 6 කට කලින්.  ඒත් ඒක දැක්කම මට මගේ හැඟීම් හංගගන්න බැරි වුණා. ඔයා දැන් කොයි තරම් වෙනස් වෙලාද? ඉපිලෙන කම්මුල්, හීන් දිගැටි අත්, දත් නැති කට, අහිංසකයෙක් වගේ ඔහේ උඩු අතට වැටිලා හිටපු හැටි. ඒ ඔක්කොම ඔය තරම් ඉක්මනට කොහේ ගියාද?

දැන් එයා හුඟක් වගකීම් දන්න ලොකු අයියා කෙනෙක්. දැන් මල්ලිගේ දඟ වැඩ බලලා අවවාද කරන්නේ හොඳ ලොක්කෙක් වගෙයි. ඔයා කතා මල්ලක්. ඒත් පුංචි මල්ලි තරම්ම සූක්ෂම නැහැ. සමහර වෙලාවට මල්ලිගේ උපායන් වලටත් එයා රැවටෙනවා. මම ටිකක් මේකට දුක් වෙනවා.

සමහර විට මේ හැලහැප්පීම් කලබල මැද්දේ ජීවිතයත් අමතක වෙලා වගේ. නමුත් මාව දන්නා අය කියන්නේ ඒක ඒ හැටි ගණන් ගන්න එපා කියලයි. එය ප්‍රශ්නයක් නොවන බවයි ඒගොල්ලෝ මට කියන්නේ.  අපි හතර දෙනාගේ මේ ශබ්ද වලින් පිරි ලෝකය තුළ සමහර විට ලොකු වුණාට පස්සේ ජීවිතයේ මේ ගෙවෙන කාලය ගැන පමණක් මතක තිබේවි කියලා ඔවුන් කියනවා.

සමහර විට ඔයාම පුංචි මල්ලියා එන්න කලින් ගෙවුණු කාලය අමතක වෙලා වෙන්න පුළුවන්. ඔයා අපේ ලෝකයට ඇවිත් දෙන්නා තුන්දෙනෙක් වුණ හැටි පුංචි පැටියෙකුට එතරම් මතක නැහැනේ. ඒත් මට ඒ දවස කවදාවත් අමතක වෙන්නේ නැහැ. මගේ පුංචි කුරුළු පැටියා අපේ ලෝකෙට ආව හැටි මම ඔයාට කියන්නම්.

මට හැමදාම මතකයි අපේ ජීවිත වල නරකම කාලයක් තිබුණ බොහෝ වාර වල මාව පිළිසිඳුනත් ඒවා සාර්ථක වුනේ නැහැ. අවුරුද්දෙන් අවුරුද්ද ගෙවුනා. හිත රිදෙන සිතුවිලි ගොඩක් හිත යට තිබුණා. අපිට ඔයාව අපේ කරගන්න බැරි වේවි කියලා හුඟක් බය වුණා. වරින්වර කළ IVF සත්කාරයන් අසාර්ථක වුණා.

අපිට දරුවෙක් ලැබෙයි කියන බලාපොරොත්තුව අවසානයේ බබෙක් අරගෙන හදාගන්න, නැතිනම් වෙන අයෙකුගේ දරු ගැබක් අපි හදාවඩා ගන්නවද කියලත් හිතුවා. මට කවදාවත් අමතක වෙන්නේ නැති දවස ඔයා මගේ කුසේ පිළිසිඳගෙන ඇති බවට දුටු සාක්ෂිය. මම ඒ වෙලාවේ අපේ කාමරය පිරිසිදු කරමින් ඉන්න ගමන් පරීක්ෂණය කරන්න තීරණය කළා. මම එවලේම ඔයාගේ තාත්තට කතා කරලා පිළිසිඳ ගැනීමේ නිලධාරිනිය අත පණිවිඩයක් තිබ්බා. හැකි ඉක්මනින් එයාට ගෙදර එන්න කියලා දැන්වුවා. මම නැවත නැවත මේ බව සනාථ කර ගන්න තවත් පරීක්ෂණ හුඟක් කළා.

අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයෙන් මම ඔයාගේ පුංචිම පුංචි හදවත හා එය ගැහෙන හඬ අසා ගත්තා. ඒ වගේම පුංචිම පුංචි ඔයා මගේ කුසේ යන්තම් සෙලවෙන හැටි බලාගෙන හිටියා. ඔයා ඉපදෙන්න ගිය මොහොතේ ගෙවුන හැම දිගු නිමේශයක්ම මට අද වගේ මතකයි.

පළවෙනි වතාවට දිගැති, ලිස්සන සුළු, රෝස පාට හඬමින් හිටපු මගේ ජීවිතය මගේ අත්දෙකට දුන්නා. මගේ පපුවට තුරුල් වෙලා ඔයා උණුසුම හෙව්වා මට නම් අමතක වෙන්නේ නැහැ. ඔයයි මමයි හුඟක් දුර ගිහින් ඇවිදපු, හුරතල් වුණ කාලය, සමහර වෙලාවට මගේ තනපුඩු වල එල්ලිලා කිරි බොමින් මගේ දිහාම බලාගෙන ඇස් දෙකෙන් කතා කියන හැටි, රෑ වෙනකොට ඉවරයක් නැතිව කතන්දර කියපු හැටි ඔයාගේ පෙර පාසලේ විස්තර කොහොම කියලා ඉවර කරන්නද?

ඔයා මුලින්ම හිනාවුණා හැටි, මුලින්ම ඝන ආහාර කාපු හැටි, දණගමින් ඔයා යන්තම් නැගිටපු හැටි, පළවෙනි උපන්දිනයට ඉස්සෙල්ලා ඔයාගේ කිරි දතක් ආපු හැටි හුඟක් දේවල් ජීවිතේ පළවෙනි වතාවට ඔයත් මමත් අත්දකිමින් ගෙවුන කාලය මටනම් කවදාවත් අමතක වෙන්නේ නැහැ.

මට හැමදාමත් මතකයේ තියෙනවා ඔයා මට මව් පදවිය දුන් හැටි. ඔයා ආදරයේ නියම අරුත මට කියා දුන්නා. ආඩම්බරය, සතුට හා හදවත රිදෙන හැටිත් කියා දුන්නා. මේ හැමදෙයකින්ම ඔයා මගේ ජීවිතය වෙනස් කළා. ඔයා මගේ පපුවට තුරුල්වුණ පළවෙනි මොහොතේ පටන් මගේ ජීවිතයට ලැබුනේ දෙවැනි තැන.

මම දන්නවා ඔයාට මේ දේවල් මතක නැහැ කියලා. ඔයාගේ පුංචි මල්ලි මේ ලෝකෙට එන්න ඉස්සෙල්ලා දඟකාරකම් කරමින්, හයියෙන් කෑගසමින් ලොක්කෙක් වගේ හිටියා. මල්ලිටයි ඔයාටයි අපේ ආදරේ නම් එක වගේමයි. ඉස්සර අම්මගෙයි තාත්තගෙයි ආදරේ කාටවත් බෙදිලා ගියේ නැහැ තමයි.  ඒත් එහෙම හිතන්න එපා. එදා ආදරේ අදත් එක වගේමයි. දැන් ඔයා හුඟක් වගකීම් දන්න ලොකු අයියා කෙනෙක් වෙලා.

ඉතින් ඔයාට මල්ලි එන්න ඉස්සෙල්ලා අපි ඔයාව බලාගත්තු හැටි අමතක ඇති. ඒකනේ ඒකට ඔයාගේ අම්මා ඉන්නේ. මම ඔයාට ඒ ගැන කියන්නම්. ඉතින් ඒ මතකය අමතක කරන්න නම් එපා.

කුළුඳුල් දරුවාට දෙවැනි දරුවා ඉපදුනහම ඔහුට තරමක් ඉර්ෂ්‍යාවක් දැනෙනවා. ඔයාටත් අම්මයි තාත්තයි මෙහෙම  කළා කියලා, මෙච්චර ආදරෙයි කියලා දෙමාපියන්ට කියන්න වෙනවා. අපි කවුරුත් ආදරේට ලෝබයි. අම්මගේ ඒ ආදරේ මතක සැමරුම ඔබටත් දැනේවි.  

theAsianparent Sri Lanka මේ ලිපිය අම්මගේ නොඉඳුල් ආදරේ වෙනුවෙනුයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ