කේට් කුමරියගේ දරුවන්ට iPad පාවිච්චිය තහනම්!

විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අපට දැනගන්නට ලැබුනේ කේට් මිඩ්ල්ටන් සහ විලියම් කුමරු විසින් තම දරුවන්ට නිවසේ iPad භාවිතා කරන්නට ඉඩක් ලබා නොදෙන බවයි. ඔබ ඔබේ දරුවන්ට iPad පාවිච්චි කරන්නට ඉඩ දෙනවාද?

US Weekly සඟරාවට අනුව කේට් කුමරිය සහ විලියම් කුමරු විසින් තම දරුවන් හට නිවසේදී iPad සමඟ සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන බව කියැවෙනවා. ඇතැම් දෙමව්පියන් මීට එකඟ විය හැකි නමුත් තවත් සමහරෙක් ඊට එකඟ නොවිය හැකි අතර මෙම ක්‍රියාවලිය විවේචනයට ලක් කළ හැකිය.

තාක්ෂණික මෙවලම් හා උපාංග රහිත ළමා වියක් ගත කල රාජකීය යුවලක් වන කේට් කුමරිය සහ විලියම් කුමරු සෙල්ලම් බඩු, එළිමහන් ක්‍රීඩා සහ ක්‍රියාශීලී පරිකල්පනය ගැන තරයේ විශ්වාස කරන අතර එවන් ජිවන රටාවක් ආශ්‍රිත ක්‍රියාදාමයන් දිරිගන්වමින බවක් දක්නට ලැබෙනවා.

දරුවන් හට තාක්ෂණික මෙවලම් පාවිච්චිය සුදුසුද? නුසුදුසුද?

අප ලද ආරංචි මාර්ග වලට අනුවජෝර්ජ් කුමරු තම පියා සමඟ බයිසිකල් ධාවනය කිරීමට කැමත්තක් දක්වන අතර චාලට් කුමරිය ඩිස්නි කුමරියක් ලෙස සෙල්ලම් කිරීමට කැමැත්තක් දක්වනවා. (ඇය සැබෑ කුමාරිකාවක් බව ඇය නොදන්නවා විය හැකි නේද?).

කෙසේ වෙතත්, දෙමාපියන් තම දරුවන්ට උපකරණයන්ගෙන් සම්පූර්ණයෙන්ම තහනම් කිරීම කෙතරම් දුරට යෝග්‍යද?

අප කවුරුත් දන්නා යථාර්තය වන්නේ තාක්ෂණික මෙවලම් වලින් දරුවන් 100%ක් ඈත් කර තැබීම ප්‍රයෝගිකව කල හැක්කක් නොවේ. විශේෂයෙන්ම අන්තර්ජාලය අපගේ එදිනෙදා ජීවිතයේ කොටසක් වී ඇති මෙවන් යුගයක iPad, ටැබ්ලට් සහ ස්මාර්ට්ෆෝන් (Smart Phone) වැනි උපාංග අපේ එදිනෙදා ජීවිතයේ කොටසක් වේ .

අද කාලයේ බොහෝ පාසල් වලද දරුවන්ට ඉගෙන ගත හැකි මෙවලමක් ලෙස තාක්ෂණික උපාංග පාවිච්චි වනවා. ඉතින් වැදගත් වන්නේ දරුවන් මෙම උපකරණ භාවිතා කරන්න අකාරය ගැන නිරතුරුවම නිරීක්ෂණයේ යෙදීමයි.

විද්වතුන් නිර්දේශ කරන්නේ කුමක්ද?

ඇමරිකාවේ ළමා රෝග විද්යා පීඨය (AAP) විසින් නිර්දේශ කරනුයේ, "ළදරුවන්ට සහ කුඩා දරුවන්ට තාක්ෂණික මෙවලම් ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා ප්‍රමුඛතාවයක් දී ඊට දිනපතා යම් කාලයක් අනිවාර්ය කිරීම සුදුසු බවයි . ඇතැම් තාක්ෂණික ක්‍රීඩා වයස මාස 18ක දරුවන් සඳහා පවා ඇති බවත් මේවා ඉහල මට්ටමක අධ්යාපනික වටිනාකමක් ඇති ඒවා බවට තහවුරු කරගත යුතු බවත් නිර්දේශ කරයි."

ඇමරිකාවේ ළමා රෝග විද්යා පීඨය (AAP) විසින් නිර්දේශිත තාක්ෂණික මෙවලම් සහ මාධ්ය භාවිතය සම්බන්ධ ක්‍රමවේද කිහිපයක්:

  • වයස මාස 18ට අඩු ළමයින් සඳහා Screen Media භාවිතා කිරීම නුසුදුසු අතර වීඩියෝ-චැට් කිරීම හැර අනෙකුත් තිර ආශ්‍රිත ක්‍රියාකාරකම් වල දරුවා නොදිය යුතුය.  දෙමාපියන් තම දරුවන්ට පෙන්වීමට උසස් තත්වයේ මාධ්යයන් පමණක් තෝරා ගත යුතු අතර, ළමයින් සමඟ එක්වී එම දර්ශන නැරඹීමට වග බලා ගත යුතුය.
  • අවුරුදු 2-5 අතර වයසේ සිටින දරුවන් සඳහා තිර ආශ්‍රිත ක්‍රියාකාරකම් වල නිරත වන කාලය පැයකට පමණක් සිමා කල යුතුය. මෙම මාධ්‍ය සහ වැඩසටහන් උසස් තත්ත්වයේ ඒවා බවට තහවුරු කරගත යුතුය. සුපුරුදු පරිදි දෙමව්පියන්ද තම දරුවන් සමඟ මේවා නිරීක්ෂනය කළ යුතු අතර, ඔවුන් දකින දෙය තේරුම් ගැනීමට දරුවන්ට උපකාර කළ හැකිය.
  • වයස අවුරුදු 6 සහ ඊට වැඩි දරුවන්ට ඊට කුඩා දරුවනට වඩා තිර කාලයක් ගත කළ හැකි වුවද එම ක්‍රියාකාරකම් දරුවාගේ නින්දට, ශාරීරික ක්‍රියාකාරකම් වලට හෝ දරුවාගේ වර්ධනය සඳහා අවශ්‍ය කිසිඳු ක්‍රියාවලියකට බාධාවක් නොවිය යුතුය.
  • වඩාත් වැදගත් වන්නේ දවසේ පවුලක් ලෙස එකට එක වන කාලය තුල මෙම මෙවලම් සහ උපාංග වලින් ක්ෂණිකව විසන්ධි වී පවුල සමඟ සම්බන්ධ විය හැකි හැකියාව ප්‍රගුණ කිරීමයි. නිදසුනක් ලෙස රාත්‍රී ආහාර ගන්නා වෙලාව සම්පුර්ණයෙන්ම ජංගම දුරකථන සහ අනෙකුත් විද්‍යුත් උපාංග වලින් තොර විය යුතු අතර එය පවුලේ සියලු දෙනා එක වී දවසේ සිදුවීම් බෙදා හදාගන්නා කාලයක් විය යුතුය.

ඉතිං මෙම උපදෙස් තුලින් දරුවන්ට ලබා දිය නොදිය යුතු උපාංග, දුරකත තිරයේ කල් ගෙවීම  දෙන තිරයේ කාලය පාලනය කිරීමට දෙමාපියන්ට උපකාරී වේ. ඇත්ත වශයෙන්ම, අන්තර්ජාලය සමඟ කිසිඳු වැරැද්දක් නොමැති අතර ගැජට් උපකරණයක් භාවිතා කිරීමද, නමුත් එයින් බොහොමයක් නරක දෙයක් විය හැකිය.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා