කේන්තියෙන් ඉන්න දරුවා සමනයට පත් කරන්න මනෝ විද්‍යාත්මක වැකි 12ක්

lead image

ප්‍රවීණ දැනුමෙන් දරුවන්ගේ කෝපය පාලනය කරන්න දැන් ඔබට පුළුවන්.

ප්‍රවීණ දැනුමෙන් කේන්තියෙන් ඉන්න දරුවා ගේ කෝපය පාලනය කරන්න ඔබට පුළුවන්. ඕනෙම දරුවෙකුගේ වයස් භේදයක් නැතිව කේන්තිය ඇතිවීම පොදු ලක්ෂණයක්.

ඒ වෙනුවෙන් මුල සිටම ක්‍රියාත්මක වීම නිසා ඔබට එය නුවණින් පාලනය කරන්න පුළුවන්. නමුත් ඔබේ දරුවාගේ කේන්තිය පාලනය මේ මගින් ක්‍රමයෙන් ඉගෙනීම වැදගත්. නමුත් එය ඔවුන්ට ඉගෙනීම ඇතිවන්නේ ඔබ තුළින්මයි.

දරුවන්ගේ තරහව

කේන්තියෙන් ඉන්න දරුවා සමනයට පත් කරන්නේ කොහොමද?

මෑතකදී Psych Central කියන වෙබ් අඩවියේ රෙනේ ජයින් මගින් අන්තර්ජාලයට මතයක් මුදාහැරියා. එයට අනුව කේන්තියෙන් ඉන්න දරුවා යළි සන්සුන් කරන ආකාරය සාකච්ඡා කර තිබුණා.

මේ උපායන් කලකිරීමට හා කේන්තියෙන් ඉන්න දරුවා සන්සුන් කරන්න හුඟක් වැදගත් බව ඔබට වැටහේවි.

ඉතින් ඔබත් මේ උත්සාහයන් ගැන සිතා බලන්න.

කියන්න එපා: කරදර කරන්න එපා.
උත්සාහ කරන්න: මම දන්නවා මේක අමාරුයි. ඒත් අපි දෙන්නම උත්සාහ කරමුද බලන්න.

දරුවන් යමක් කරගන්න බැරිව වියවුල් උනහම ඉක්මන් කේන්තිය ගන්නවා. ඒක අවබෝධ කර ගැනීම ඔබේ වගකීමක්. ඒ අමාරු කටයුත්ත කරන්න ඔබත් ඔහුත් සමග එක්වෙන බව අඟවන්න. තනිව ඊට කේන්ති ගන්නවාට වඩා එක්ව ඔබ දෙදෙනාට එය විසඳිය හැකි බවත් ඔහු තනිවී නැති බවත් ඔහුට මේ ආකාරයෙන් හඟවන්න පුළුවන්.

කියන්න එපා: බඩු විසි කරන එක නවත්තන්න.
උත්සාහ කරන්න: ඔයාට සෙල්ලම් බඩු එපාද, ඒවාට කැමති නැද්ද? ඒකද මේ වැරැද්ද?

මේ නිසා දරුවා මොහොතකින් හිතනවා. ඉන් ඔබට ඔහු සමග සංවාදයකට පිවිසෙන්න ලේසියි. ඉන් ඔහුගේ කේන්තිය මගහැරී යනවා.

කියන්න එපා: කන්කෙඳිරිය නවත්තන්න.
උත්සාහ කරන්න: අපි ටිකක් සන්සුන් වෙමු.

ඔබේ දරුවට යමක් ඉවසීමෙන් හා අදාලවන ආකාරයට අවවාද කරන්න. නැතිනම් ඔවුන් ඊට ඇහුම්කන් දෙන්න යොමු වන්නේ නැහැ.

කියන්න එපා: දැන් මගේ සීමාව පැනලයි තියෙන්නේ.
උත්සාහ කරන්න: එන්නකෝ අපි දෙන්නම ටිකක් කතා කරමුද?

කේන්තියෙන් ඉන්න දරුවා සමග එකට ඉඳගෙන කාලය ගෙවීම හුඟක් ප්‍රයෝජන බව ජින් පවසනවා. මේ නිසා දරුවා තනිවීම මගහැරී ඔබ සමග ගත කිරීම නිසා ඔහුට සහනයක් දැනෙන්න පුළුවන්.

කියන්න එපා: මට නම් දැන් ඔයාගේ හැසිරීම ඇති වෙලා.
උත්සාහ කරන්න: ඔයාගේ හැසිරීම මගේ හිතට අමාරුයි. ඔයා ටිකක් සන්සුන් වෙන්න.

දරුවන්ටත් ඔවුන්ගේ හැඟීම් පාලනය කරගන්න උගන්වන්න. ඔවුන් ඔවුන්ගේ හැඟීම් හඳුනා ගැනීමත් සමග බරපතල අසාධාරණ හැසිරීම් වලට එළඹෙන්නේ නෑ.

ඊට හැඟීම් ගැන ඉගෙන ගන්න කාලය දෙන්න.

කියන්න එපා : ‘එපා’ කියන එක නවත්තන්න.
උත්සාහ කරන්න : මට තේරෙනවා ඔයා මේකට කැමති නැහැ කියලා. එහෙනම් අපි බලමුද මේකෙන් වෙනසක් කරන්න පුළුවන්ද කියලා.

එපා කියන එකට හේතුව අවබෝධ කරගෙන එහිම එල්බ නොසිට අතීතය අනාගතය දෙස බැලීම වටිනවා. ඉන් දරුවා තවදුරටත් ඔහු අකමැති දෙයින් පීඩාවට පත්වන්නේ නැහැ.

කියන්න එපා: ඔයා කාමරය අස්කරගන්නවද?
උත්සාහ කරන්න: අපි මේ කාමර අස් කරමුද? මම ඔයාට උදවු කරන්නම්.

දරුවන් මේ වගේ වැඩ වලට කැමති නැහැ. ඉන් ඔවුන් කේන්තියට පත් වෙනවා. නමුත් ඊට පෙර ඔවුන් සමග ඊට එකතුවී එය ආරම්භ කිරීමෙන් ඔවුන්ගේ හිතට ලොකු පීඩනයක් දැනෙන්නේ නැහැ.

කියන්න එපා: හැමතිස්සෙම චෝදනා කරන එක නවත්තන්න.
උත්සාහ කරන්න: මම දන්නවා ඔයා සතුටින් නැති බව. ඉතින් අපි ඒකට මොනවද කරන්න ඕනේ.

දරුවන් නිතරම චෝදනා කරනවා. බොහෝ විට පාසලේ වැඩ ගැන, යහළුවන් ගැන, පාසල් යන වාහනය ගැන. නමුත් මේ වාරයේ ඔබ ඔහුටම ඊට පිළිතුරක් හොයන්න උදවු කරන්න. කිසිවක් වැරදී නැති බව දරුවට කියන්න. ඇයට නිදහස්ව තම අදහස් කියන්න දෙන්න.

කියන්න එපා: ලොකු ළමයි ඕවා කරන්නේ නැහැ.
උත්සාහ කරන්න:
මම දන්නවා ඔයාට දැන් එහෙම හිතෙනවා ඇති ඒත් ඒක ඇරිලා යයි.

දරුවන්ට කාලය සමග දැනෙන හැඟීම් වෙනස් වෙන්න පුළුවන්. ලොකු ළමයින්ට කේන්ති යන්නේ නැහැ. නැතිනම් හැසිරීම හොඳ නැති බව කීම ඔහුව තව දුරටත් තරහ ගැස්සීමක් විතරයි.

නමුත් එය වඩාත් ඔවුන්ගේ සිත ගන්න විදිහට කිව්වොත් ඔහුට යම් ශක්තියක් දැනේවි. ඔබ ඔහුව අවබෝධ කරගන්න බව ඔහු සිතාවි.

කියන්න එපා: ගහන්න එපා
උත්සාහ කරන්න: තරහා ගියාට අනිත් අයට ගහන්න අපිට අයිතියක් නැහැ. ඒක වැරදියි.

දරුවන් කේන්තිය නිසා ඔවුන්ගේ ශරීරයෙන් එය පෙන්වීමට ඉඩ තියන්න එපා. ජේන් පවසන ආකාරයට කේන්තිය හැඟීමක් ලෙස ඇති වුනත් එය ක්‍රියාවට නැගීම කිසිසේත් නොකළ යුතු බව ස්ථිර ලෙසම දරුවන්ට කියා දෙන්න.

මේ අන්ත දෙක දරුවට පැහැදිළි කර දීමෙන් ඔවුන් ක්‍රමයෙන් ආවේග පාලනය ඉගෙන ගනීවි.

කියන්න එපා: කනවනම් කන්න, නැත්නම් බඩගින්නේ නිදාගන්න.
උත්සාහ කරන්න: මේ කෑම එක රස කරන්න අපි මොනවද කරන්නේ?

ඔබ නිතරම වගකීම හරවන්න උත්සාහ කරන්න. ඔවුන් උවමනා දේ සිතන්නත් අසන්නත් ඔවුන්ටම පුළුවන් බව ඔවුන්ට හඟවන්න. ඔහුගේ අදහස් මත කවුරුත් කැමති විදිහට කෑම එක වෙනස් කරන්න.

කියන්න එපා: පිස්සු වැඩ කරන්න එපා.
උත්සාහ කරන්න: මටත් කේන්ති යනවා. ඒත් අපි දෙන්නම බලමුද මේකට මොනවද කරන්න පුළුවන් කියලා.

ඔබට දරුවාගේ කේන්තිය පාලනය කරගත හැකි විට එක්ව හිතන්න මේ අවස්ථාවන් දෙන්න පුළුවන්. ඔබ ඔහුගේ හතුරෙක් නොව ඔබට උදවු කරන්න ඉන්න හොඳම මිතුරිය හෝ මිතුරා බව අවබෝධ කර දෙන්න.

තරහා කේන්තිය ලොකු පොඩි හැමෝටම පොදු වුනත් එය පාලනය කරගන්න ඉගෙන ගැනීම ජිවිතයේ ඔබේ දරුවා ලබන ඉහළම ජයග්‍රහණයක්. theAsianparent Sri Lanka ඔබට මේ අදහස් ගෙන ආවේ ඔබේ දරුවාට උදවු වෙන්න, ඔබට උදවු කරන්නයි.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Written by

theAsianparent

app info
get app banner