කොහිල අල පෙති ක්‍රිස්පි: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

lead image

කොහිල  කන්න හොර පොඩ්ඩාට කොහිල අල කවන්නේ මෙහෙමයි.

අපේ පොඩ්ඩෝ කොහිල  කන්න ගොඩාක් හොරයි නේද ? ඒත් මේ තන්තු වලින් අනූන මේ කොහිල කොහොම හරි පොඩ්ඩාට කවන්නත් ඕනීනේ. එහෙනම් මෙන්න මේ කොහිල අල පෙති ක්‍රිස්පි අත්හදා බලන්න. මේ වෙනසට අනිවාර්යයෙන්ම පොඩ්ඩා කැමති වෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය :

පෙති කපා ගත් කොහිල අල

බිත්තර                  01

පාන්පිටි ටිකක්

බිස්කට් කුඩු

පොල්තෙල්

රස අනුව ලුණු 

සාදන ක්‍රමය : 

•  බිත්තරය, පාන්පිටි හා රස අනුව ලුණු එකතු කරගෙන බැටරය සකස් කරන්න.

•  ඉන්පසු කොහිල පෙති බැටරයේ ගිල්වා බිස්කට් කුඩු දවටා ගන්න.

• තෙල් භාජනය ලිප තබා රත් වු පසු සකස් කරගත් කොහිල පෙති රන්වන් පාට වෙනතුර බැදගන්න.

• දැන් පුංචි පිගානකට ලස්සනට පිළිගන්වන්න. පුංචි සැරසිල්ලක් කරන්නත් අමතක කරන්න එපා.

පුංචි මතක් කිරීමක් :

කෑම වල රස, වර්ණය,හැඩය හා සුවද වෙනස් කිරීමෙන් දරුවා තුල ආහාර රුචිය ඇති කල හැක.

ඒ වගේම පිළිගන් වන සැරසිල්ල , භාජනය වෙනස් කරන්නත් පුලුවන්.

ඒ වගේම සැර කන්න ආස පොඩ්ඩෙක් නම් ගම්මිරිස් ටිකක් එකතු කලාට කමක් නෑ.

මේ වගේ රස රහස් The Asianparent Sri Lanka අපි ඔබට තිළිණ කරන්නේ හද පිරි ලෙන්ගතු කමිනි.