කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්නට තව ගියේ නැද්ද?

ඔබ තවමත් ප්‍රදර්ශනයට ගියේ නැතිනම් පවුලේ සමත් සමඟ ගොස් විශාල පොත් සංඛ්‍යාවක් අතුරින් ඔබට කැමති පොත් විශේෂ වට්ටම් වලට ලබා ගන්නට කල් දමන්නට එපා!

සැම වසරකම සැප්තැම්බර් මාසය ශි ලංකාවේ කතුවරයින්ට මෙන්ම පාඨකයින්ට විශේෂිත වූ සාහිත්‍ය මාසයයි. 19 වරට පවත්වනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පසුගිය 15 වන සිකුරාදා ඇති උත්කර්ෂවත් අන්දමින් ජනාධිපති තුමන් අතින් විවෘත වුනා.

ඔබ තවමත් ප්‍රදර්ශනයට ගියේ නැතිනම් පවුලේ සමත් සමඟ ගොස් විශාල පොත් සංඛ්‍යාවක් අතුරින් ඔබට කැමති පොත් විශේෂ වට්ටම් වලට ලබා ගන්නට කල් දමන්නට එපා!

පොත් ප්‍රදර්ශනය ගැන පුංචි හැඳින්වීමක්

කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රදයේ උදැසන 10 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් පවත්වනු ලබන මෙහි පොත් ප්‍රදර්ශන කුටි 450ක ප්‍රමාණයක් තිබෙනවා. ඇමෙරිකාව, එංගලන්තය, ජපානය ඇතුළු රටවල් කිහිපයක වෙළෙඳ කුටි 50ක් ද ඊට අයත් වනවා.

ඔබට ප්‍රදර්ශනය නැරඹීමට උපකාර වන කාරනා කිහිපයක්

1. ප්‍රදර්ශන පරිශ්‍රදය ඉතා ජනාකීර්ණ විය හැකි බැවින් දිනපතා ප්‍රදර්ශනය පෙරවරු භාගයේ එහි යාමෙන් ජනාකීර්ණ වේලාවන් මග හරිය හැක.

2. පොත් ප්‍රදර්ශන කුටි විශාල සන්ක්යාවක් ඇති බැවින් ඔබට අවශ්‍ය පොත් මොනවාදැයි කල් තියා තිරණයක සිටින්න.

3. පොත් සඳහා ඔබ ඔබ වියදම් කරන මුදල කල් තියා තීරණය කරගන්න. එම මුදල වෙනම කවරයක දමා එය පමණක් අයවැය සඳහා යොදාගැනීමෙන් ප්‍රයෝගිකව වියදම පාලනය කරගත හැක.

4. පොත් දැමීමට පිටේ එල්ලාගත හැකි ශක්තිමත් මල්ලක්, වතුර බෝතලයක් ගෙන යාම යෝග්‍ය අතර පවුලේ සැම, දිගු කාලයක් පහසුවෙන් ඇඳ සිටිය හැකි ඇඳුමක් සහ පාවහන් වලින්  සැරසී යාම වඩාත් සුදුසුයි.

5. ජංගම දුරකථන App එකක් ආධාරයෙන් ඔබට අවශ්‍ය වෙළඳ කුටි ලැයිස්තුගත කර ඇති බවත් විශේෂ කාරණයක්. 6. පොත් මිලදී ගැනීමේදී අදාළ ප්‍රකාශකයින්ගෙන් ලබා ගැනීමෙන් ඔබට 30% වැනි වට්ටමක් දක්වා ලබාගන්නට පිළිවෙන. බොහෝ ප්‍රකාශකයින්තම සමාජජාලා  හිතවතුන්ටද වැඩි වට්ටම් ලබා දෙන අතර ඒ ගැන අවධානයෙන් එම වට්ටම් භුක්ති විඳින්න.

පොත් ප්‍රදර්ශනයට යාමෙන් ඇති වන වාසි

1. ප්‍රදර්ශනයේ ලොකුම වාසිය වන්නේ ඉතාම සහනදායි මිලගණන් වලට පොත් මිලදී ගැනීමේ හැකියාවයි.

2. විශාල පොත් ප්‍රමාණයක්, දිවයිනේ සියලුම ප්‍රකාශකයින් පාහේ එක් වහලක් යට සිටින අවස්ථාවකට සහභාගී වී ලබාගැනීමේ හැකියාව තවත් විශාල වාසියකි.

3. මෙම පරිශ්‍රදයේ විශේෂාංග රැසක් දවස පුරා ඔබේ රස වින්දනයට සිදු වන අතර විශේෂ පිළිතුරු-පැන්  තරඟ හා දූ දරුවන් හට විශේෂ දිනුම් ඇදීමේ විවිධ අවස්ථා පැවැත්වීමත් විශේෂයි.

මෙම සේවා අතුරින් ශ්‍රී ලංකා මාධ්‍ය අභ්‍යාස ආයතනය මගින් පවත්වන විශේෂ කුටියක්ද ප්‍රදර්ශන භූමියේ ඇති අතර එම ආයතනය මගින් ආරම්භ කරන්නට බලාපොරොත්තු වන පාඨමාලා කිහිපයකට විශේෂ වට්ටම් යටතේ ලියාපදිචි වීමේ හැකියාවද ලබා දෙනවා. රූපවාහිනි හා චිත්‍රපට නිෂ්පාදනය, කැමරාකරණය, රූපවාහිනි සහ ගුවන් විදුලි ඉදිරිපත් කිරීම්, හඩකැවීම් යන පාඨමාලා ඉන් කිහිපයක්.

4.  ඔබ කවි ලිවීමේ හැකියාවක් ඇත්තෙක් නම් කැටපත් පවුරේ කවියක් අලවා ඒමටද අමතක කරන්න එපා! ඒවා බොහෝ දෙනා කියවන අතර හොද කවි වලින් බොහෝ දෙනා සතුටක් ලබන බැව් ඔබ දන්නවා.

5. මෙහි පාවිච්චි කල පොත් සඳහා ප්‍රදර්ශන කුටියක් ඇති අතර පාවිච්චි කල පොත් භාරගන්නා කුටියක්ද ඇති බවත් සඳහන් කල යුතුයි. එයට යම් අයුරකින් දායක වීමෙන් නැති බැරි කෙනෙක් සමඟ ඔබ කියවූ පොතක් බෙදාගත හැකි වනවා.

ඉතින් ඔබේ දු දරුවන් කැටුව මෙම අගනා ප්‍රදර්ශනය නැරඹීමට යාමෙන් දරුවාව තව තවත් උත්තරීතර කියවීමට යොමු කිරීමේ හැකියාවද වැඩි වනවා. මේ වසරේ පොත් ප්‍රදර්ශනයෙන් ඔබට උපරිම ප්‍රයෝජන ලබාගන්නට මෙම ලිපිය ඉවහල් වී යයි විශ්වාස කරන අතර ප්‍රදර්ශන භුමිය පවිත්‍ර බව සුරකින්නට ඔබ වග බලාගනිවී කියාත් අප විශ්වාස කරනවා.