කෝලා පානය කිරීමෙන් ඔබේ දියණිය ඉක්මනින් මල්වර වීමේ අවධානමක් ඇත

lead image

සීනි අඩංගු සෝඩා, කෝලා, පළතුරු පාන ඉක්මනින් මල්වර වීම හා බැඳී ඇත. මෙය බොහෝ දෙමාපියන් දැනුවත් විය යුතු හේතුවක් වෙනවා.

සීනි අඩංගු සෝඩා, කෝලා, පළතුරු පාන (Sugar Sweetened Beverages හෙවත් SSB) ඉක්මනින් මල්වර වීම හා බැඳී ඇත. මෙය බොහෝ දෙමාපියන් දැනුවත් විය යුතු වැදගත් කරුණක් වෙනවා.

මෙම සීනි සහිත පානයන් BMI අගය වැඩි කරන බව අපි දන්නවා. කොහොම නමුත් අධ්‍යනයන් තුළ සීනි වලින් රස ගන්වන ලද පාන හා ඉක්මනින් මල්වරවීම අතර සම්බන්ධතාවය පෙන්වා තියෙනවා .

SSB 1.5 කට වැඩි වාර ගණනක් දවසකට පානය කරන ගැහැනු දරුවන් මාස 2.7 කට කලින් මල්වර වීමට ඉඩ ඇත.

තවත් අධ්‍යයනයක් ඇමරිකාවෙ ප්‍රාන්ත 50ක දරුවන් 1687 සඳහා කරන ලද අතර එහි නිරීක්ෂණය වූයේ SSB හා ඉක්මනින් මල්වරවීම අතර සම්බන්ධතාවයක් ඇති බවටයි.

අධ්‍යයනයේ කාබනේට් අඩංගු නැති පළතුරු පාන, සීන වලින් රස ගැන්වූ සෝඩා,රස රහිත  සෝඩා,යුෂ, ශීත කල තේ වල භාවිතා කරන රටාව නිරීක්ෂණය කර ඇති අතර 5583 ක් ගැහැණු දරුවන් ඉක්මනින් මල්වර වීම වයස අවුරුදු  9 සිට 14 දක්වා සිදුවිය.

සතියකට වාර 2 කට අඩුවෙන් මේවා පානය කරන දැරියන්ට වඩා සතියකට 10.5 (1.5 දිනකට ) භාවිතා කරන දැරියන් මාස 2.7 කලින් මල්වර වන බව නිරීක්ෂණය කළා.

සිනී වලින් රස ගන්වන ලද සෝඩා,  කාබනේට් අඩංගු නොවූ පළතුරු බීම වරදකරුවන් බව පෙනේ.

සැහැල්ලු සෝඩා හා සීත කළ තේ මල්වර වීමේ වයස මත බලපෑමක් කළ බවක් නොපෙනේ. කැපේන් හා සිනී එකට පානය කිරීම හේතු ව බව මෙයින් අදහස් වේ. එයට හේතුව වන්නේ මෙම පානයන් සීනි බිද හෙලන ඉන්සියුලින්  හෝමෝනයේ ක්‍රියාකාරිත්වය වැඩි වේ.

ඉන්සියුලීන් වැඩි වීම තුලින්  ලිංගික හෝමෝන වල ඉහල යාමක් සිදුවෙන  අතර ඉක්මනින් මල්වර වීමටද සම්බන්ධතාවයක් ඇති කර එම අවස්ථාව ඉහළ නංවයි. කොහොම නමුත්  සැහැල්ලු සෝඩා හා අයිස් තේ නිතර භාවිතය සඳහා මෙමගින් දිරිගැන්වීමක් කරන්නේ නැහැ.

මෙය සැලකිය යුතු වන්නේ ඇයි?

ඉක්මනින් මල්වර වීම තුළ ගැටලු ඇත. එයත් සමග පියයුරු පිළිකා,එන්ඩෝමීටර් පිළිකා ඔසප් වීමේ ගැටලු, වැඩිහිටි තරබාරුව ඇති වෙයි.

සරලවම වැඩිවියට පත්වීම සිදුවිය යුත්තේ කලින් නොව එය සිදුවිය යුතු වයසේදී වේ.

දෙමව්පියන් වශයෙන් අපට කළ හැක්කේ කුමක් ද?

වඩාත් හොඳම විසඳුම වන්නේ සීනි රස ගන්වන ලද පානයන්  මුළු පවුල තුළම අඩු කිරීමයි. කොහොම නමුත් එය තදින් ක්‍රියාත්මක විය යුතු පුරුද්දක් බවට පත් කළ යුතුයි.

ඔබේ දරුවන්ගේ සෝඩා පරිභෝජනය අඩු කිරීමට පියවර 3 ක්‍රියාවලියක් මෙන්න.

1. සෝඩා වල සීනි ප්‍රමාණය පෙන්වා දෙන්න.

පුංචි  පරීක්ෂණයක් කරන්න. හිස් වීදුරුවක්  තෝරා ගන්න. ඔබ තෝරාගත් කෝලා වර්ගයකින් එහි භාගයක් පුරවන්න. ඉතිරි භාගය ක්ලබ් සෝඩා වලින් පුරවන්න. රස බලන්න. පුදුමයකට මෙන් එහි වෙනසක් නැහැ. හේතුව වන්නේ  තනුකකරණයෙන් පසු ද සෝඩාවල ඉහළ සීනි ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවා. එය ප්‍රමාණවත් පරිදි පැණි රස බව පෙනේ.

සෝඩා  කෑන් එකක සිනී ග්‍රෑම් 35 ක් අඩංගු වේ. එය දළ වශයෙන් කැෆේ එකක සීනි කුඩා පැකට් හතකට සමාන වෙනවා. මෙය ඔබේ දරුවන්ට වටහා දෙන්න. ක්ෂණිකවම කෝලා භාවිතය අඩු වෙනවා දැකිය හැකිය.

2. ක්‍රීඩාවේදී ගන්නා පානයන් වෙනුවට ගෙදරදීම සාදාගත් පානයක් භාවිතයට දිරිගන්වන්න.

කාබනේට් අඩංගු හා අඩංගු නොවන ක්‍රීඩාවේදී  පානයට ගන්නා පාන වර්ග වෙළඳ සැල් වල තියෙනවා. කණගාටුවට කරුණ නම් ඒවාට සෝඩා  පරිභෝජන රටාවක් ඇතුළත් කර තිබෙනවා. එමනිසා ඔබේ  දරුවාට ක්‍රීඩාවේ පානය කරන පානයන් වෙනුවට නිවසේ සෑදු පානයක් ඇයගේ ක්‍රීඩා වාර සදහා  ගෙන යාමට ඉඩ දෙන්න.

3. රවටන දවස් වලට ඉඩ දෙන්න.

යමක් තහනම් කිරීම විශේෂයෙන් නව යොවුන් දරුවන්ට  එය  ප්‍රතිවාදි ලෙස පෙනිය හැක. පෝෂණය හීන ආහාර භාවිතයට ඉඩ නොදුන් අයට වැඩෙන විට දැන් බොහෝ විට ඔවුන්ගේ ආහාර වේලට ක්ෂණික ආහාර අඩංගු කර ගෙන ඇති බව මම දන්නවා. ඉන් ඉවත් වන දවස් රවටන දවස්ද වෙනවා. ඔබේ දරුවාටද සෝඩා හා පෝෂණය රහිත කෑම එක් වරක් ලබා ගැනීමට  ඉඩ දෙන්න.

කොහොම නමුත් මේ දින සමරන්න එපා. සෝඩා හොඳ දෙයක් බව එය අගය කිරීම තුලින් ඇයට දැන ගන්න ඉඩ දෙන්න එපා. ඒ වෙනුවට එක් දිනක් නිවසින් පිට ගොස් රසවත් කෑම වේලක් ගන්න.

මේ සියුම් වෙනස්කම් ඔබේ දියණියගේ ජීවිතය තුළ කරන්න. ඇයට ලැබිය යුතු වේගයෙන් වර්ධනය වෙන්න ඉඩ දෙන්න.

මේ ආදරණීය මතක් කිරීම The Asianparent Sri Lanka වෙතින් ගෙන ඉන්නේ දියණියන් සිටින දෙමව්පියන් සඳහාමයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී