theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගංවතුර බැස ගිය පසු නැගී එන ආපදා වලින් දරුවන් බේරා ගන්නේ කොහොමද?

3 අවම කියවීම
ගංවතුර බැස ගිය පසු නැගී එන ආපදා වලින් දරුවන් බේරා ගන්නේ කොහොමද?ගංවතුර බැස ගිය පසු නැගී එන ආපදා වලින් දරුවන් බේරා ගන්නේ කොහොමද?

හැමවිටම ගංවතුරකින් පසු පරිසරය ඉතා අපවිත්‍ර වන නිසා බෝවන ලෙඩ රෝග වලට ඉන්පසුව අපිට මුහුණ දීමට සිදුවන එක් දැවැන්ත ප්‍රශ්නයක්. ඒනිසා ගංවතුරට පෙරත් පසුත් එක ලෙස ඒ ගැන සිටීම වැදගත්.

ගංවතුරට පෙරත් පසුවත් අපි දැන සිටිය යුතු කාරණා බොහෝමයක් තිබෙනවා. අද වන විට ගංවතුරින් ජීවිත රැසක් රටට අහිමි වුණා. දරුවන්ට දෙමාපියන් දෙමාපියන්ට දරුවන් අහිමි වී ඛේදවාචකයක නටඹුන් පමණක් ඉතිරි වුණා. නමුත් මේ ව්‍යවසනය අපි අද පමණක් මුහුණ දුන් කාරණයක් නොවෙයි.

හැම වසරකම ගංවතුරින් මිනිස් ජීවිත අහිමි වුනත් එය සති කිහිපයක් යද්දී අපටම අමතක වී යාම ඉතාම ඛේදජනකයි.

අවධානමට පෙර අපට සූදානමක් තිබුණා නම් මේ විනාශය මෙතරම් බරපතල නොවන්නට ඉඩ තිබුණා. අධික වැසි නැතුවත් සමහර තැන් ජලයෙන් යටවුණේ ඒකයි.

ගංවතුරට පෙර

නිසි ප්‍රමිතියකින් ගොඩනැගිලි සෑදීම හා කසල බැහැර කිරීම

අද වන විටත් නිවාස හා ගොඩනැගිලි සැදීමේදී ඇති නිර්දේශ නීති කඩ කරමින් අපිම අපේ ගෙවල් සාදාගන්නවා. බොහෝ විට අවධානම් කලාප වල ජීවත් වන අයට මෙය ඉතාම ගැඹුරු ප්‍රශ්නයක්. නමුත් කිසි විටකත් ප්‍රමිතියට පටහැනි ලෙස නිවාස ඉදි කිරීමට තම තමන් පෙළඹෙන්නේ නැත්නම් මේ ගැටළු අවම කරගන්න පුළුවන්.

ජලය බැස යන ක්‍රම හා නිසි කසල බැහැර කිරීමේ ක්‍රමයන් පවුල තුළින්ම ආරම්භ කිරීමට අපේ දරුවන් හා අපිත් උනන්දු වීම හා උනන්දු කිරීම කළයුතු වෙනවා.මේ ගැටළු නිසා අද වන විට ජලය බැසයාමේ ක්‍රම නැතිවීමෙන් වර්ෂාව නැතත් පාර ජලයෙන් යට වෙලා.   

ගංවතුර කියන්නේ නැරඹීමට යායුතු දෙයක්ද?

ගංවතුරෙන් විපතට පත්වූවන්ට ආධාර කරනවා හැරෙන්න අද බොහෝ දෙනා ගංවතුර නැරඹීමටත් යනවා. බොහෝ විට කුඩා දරුවන් රැගෙන තරුණ තරුණියන් පවා විනෝද ජනක ක්‍රීඩාවන් කරමින් සිටිනවා. නමුත් එහි අනතුරු දායක බව ගැන අවබෝධ කරගැනීමත් අනෙක් අතට මේ නිසා          

  • ජීවිත හානි පවා ඇතිවීමට අවධානම වැඩි බව අපි අවබෝධයක් කර ගැනීම වැදගත්.
  • වතුර නිසා පාරේ ඇති ගැඹුරු කාණු ආදියට වැටීමට ඉඩ තිබීම.
  • වතුර සමග විෂඝෝර සර්පයන් ජලයේ නොපෙනී සිටීම.
  • ඉතා අපිරිසිදු තැන් වල ජලය මුසුවීම නිසා ලෙඩ රෝග වලට ලක්වීමට ඉඩ තිබීම.

වැනි කාරණා ගැන සිතීම වැදගත්.

ඔබ අවධානම් කලාපයක ජීවත් වන්නේ නම්

මීට අමතරව ගංවතුරට පෙර විශේෂයෙන් අවධානම් කලාප වල ඔබ ජීවත් වෙනවා නම් ඔබට ආරක්‍ෂිත පිළිවෙත් කාලගුණය ව්‍යාප්ත වන ආකාරය ගැන අවබෝධයෙන් ලබාගන්න පුළුවන්.

  • වටිනා ලිපි ලේඛන ලැමිනේට් කර ඉක්මණින් තමන් අතට ගත හැකි ස්ථාන වල තැබීම.
  • ගෘහ භාණ්ඩ හා විදුලි උපකරණ ආරක්‍ෂිත ස්ථාන වලට රැගෙන ගොස් තැබීම.
  • ඇඳුම් පැළඳුම් ආදිය හිතවතුන් සමග කතා කර කෙටි කාලයකට ගබඩා කිරීමට අවස්ථාවක් ඉල්ලීම.
  • දරුවන්ට අත්‍යවශ්‍ය දේවල් පහසුවෙන් රැගෙන යා හැකි ගමන් මල්ලක සුදානම් කර තැබීම.
  • අත්‍යවශ්‍ය සනීපාරක්ෂක හා බෙහෙත් සූදානම් කර තබා ගැනීම.
  • ආපදා සහන සේවාවන්හි අංක පිළිබඳ දැනුවත්ව සටහන් කර තබා ගැනීම.
  • පොලීසිය, ගුවන් හමුදාව වැනි සහන සේවා සපයන ආයතන ගැන දැනුවත්ව සිටීම.
  • ජලය ගැලීමකදී කළ හැකි ප්‍රථමාධාර ගැන දැනුවත්ව සිටීම.
  • තමන්ට දින කිහිපයකට හෝ නවාතැන් ගත හැකි නෑදෑ හෝ හිත මිතුරු පවුලක නිවාස දැනුවත් කර තැබීම.

ගංවතුරට පසු

ගංවතුර නිසා ඔබ පීඩාවට පත් වුනත් නැතත් මේ අවස්ථාවේ සෞක්‍ය ගැන සිතීම වැදගත්.

  • විශේෂයෙන් උණුකර නිවාගත් ජලය පානය කිරීම.
  • දරුවන්ට නිතර පාවහන් පැළඳ සිටීමට උපදෙස් දීම.
  • පවුලේ හැමදෙනාටම කොත්තමල්ලි වැනි ඉපැරණි එහෙත් ඵලදායි බීම වැඩිපුර පානය කිරීම.
  • එළවළු පලා වර්ග හැකි තරම් ගස් උඩ හැදෙන දේවල් තෝරා ගැනීම.
  • පලා වර්ග කාලයක් යනතුරු විශ්වාසවන්ත තැනකින් හැර නොදන්නා වෙළඳුන්ගෙන් මිලදී නොගැනීම.
  • විවිධ සර්පයන් වැනි සතුන් වතුර සමග එන නිසා නිතර අවධානයෙන් සිටීම.
  • දරුවන්ට ගංවතුර සමග ක්‍රීඩා කිරීමට ඉඩ නොහැරීම.
  • සීග්‍රයෙන් බෝවෙන රෝග පැතිර යන නිසා දරුවන්ට ඒ ගැන කියා දීම.
  • නිතර දෑත් පිරිස්දුව තබා ගැනීම.
  • හැකිතරම් නිවසේ පිළියෙළ කරන ආහාර ලබාගැනීම.
  • ඔබ ගර්භණි මවක් නම් හෝ බිළිඳුන් නිවසක සිටී නම් ගංවතුරට යටවී ඇති මහාමාර්ග හා ඔබට ඉතා කඩිනමින් ළඟා විය හැකි රෝහලක් ගැන දැනුවත්ව සිටීම.
  • නිතර පාවිච්චි කරන ඖෂධ වැනි දේවල් අතිරික්තයක් මිලදී ගෙන තබා ගැනීම.
  • දරුවන්ට අත්‍යවශ්‍ය බෙහෙත් හා කිරිපිටි හා වියළි ආහාර නිවසේ තබා ගැනීම.

හැමවිටම ගංවතුරකින් පසු පරිසරය ඉතා අපවිත්‍ර වන නිසා බෝවන ලෙඩ රෝග වලට ඉන්පසුව අපිට මුහුණ දීමට සිදුවන එක් දැවැන්ත ප්‍රශ්නයක්. ඒනිසා ගංවතුරට පෙරත් පසුත් එක ලෙස ඒ ගැන සිටීම වැදගත් බව මතක් කර දෙන්නට theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

(Image: Daily Mail)

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • ගංවතුර බැස ගිය පසු නැගී එන ආපදා වලින් දරුවන් බේරා ගන්නේ කොහොමද?
බෙදාගන්න :
  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it