ගබ්සා වීම ඇතිවීමට හේතු විය හැකි ප්‍රධාන හේතු 6ක්

lead image

මෙවැනි ගැටළු ගැන දැනුවත්ව හිඳීමෙන් ඔබට ආරක්ෂාකාරී වන්නට පුළුවන්.

ගබ්සා වීම ඇත්තටම ඉතා වේදනාකාරී සිදුවීමක්. විශේෂයෙන් ගර්භනී සමයේ මුල් වකවානුවේදී මෙය සිදුවීම මගින් සිදුවන මානසික කායික පීඩනය විශාලයි. ඒ නැතිවීම දෙමාපියන්ට දරාගන්න අමාරුයි.

දෙමාපියන් ලෙස ගබ්සා වීම ඇතිවිය හැකි හේතු ගැන ඔබ දැනුවත්විය යුත්තේ ඒකයි.

වර්ණ දේහ වල අසාමාන්‍යතා

60% ක් ගබ්සා වීම් වලට වර්ණ දේහ වල අසමතුලිතතා බලපානවා. වර්ණ දේහ යනු අපගේ ජාන වල අන්තර්ගත වන කුඩා සෛල කොටසක්. ඒවායේ ඇතිවන සංකූලතා මගින් ගබ්සා වීම් ඇතිවන්නට පුළුවන්.

වාසනාවකට වර්තමානයේ දෙමාපියන්ට වර්ණදේහ වල අසමතුලිතතා ඇත්නම් පරික්ෂා කළහැකි නිසා බොහෝ ගබ්සාවීම් වළකා ගන්න පුළුවන්. ඒ වගේම එවැනි ගැටළු සඳහා විශේෂඥ උපදෙස් ලබාගත හැකි බැවින් නැවත පිළිසිඳ ගැනීමක් වීමට අවශ්‍ය ප්‍රතිකාර සිදුකළ හැකියි.

ගර්භාෂයේ ගැටළු

ගර්භාෂයේ හැඩයේ ඇති ගැටළු නිසාත් ගබ්සා වීම් ඇතිවිය හැකියි. මෙවැනි අවස්ථාවන් වල දිගින් දිගටම ගබ්සා වීම් සිදුවන්නේ නම් ඒ ඉහත හේතුව නිසා බව හඳුනා ගන්න පුළුවන්. මෙවැනි සිදුවීම් වලදී ගර්භාෂය දුර්වල වන අතරම කළල වැඩීම සමගත් ගබ්සාවීම් ඇතිවිය හැකියි. මේ තත්වය සැත්කමක් මගින් සුවකළ හැකි නිසා වෛද්‍ය උපදෙස් ක්‍රමනුකූලව පිළිපැදීම වැදගත්.

PCOS හෙවත් පොලිසිස්ට් ඕවරි සින්ඩර්රෝම්

මේ තත්වය ගබ්සාවීම් වලට හේතුවන සුලබ තත්වයක්ව පවතිනවා. ටෙස්ටර්ටෙරෝන් ප්‍රමාණය වැඩි කාන්තාවන්ට මෙම අවධානම වැඩියි. ඒ මගින් අක්‍රමවත් ඩිම්බානුහරණය හා ඔසප් චක්‍රයක් ඇතිවෙනවා. එසේ ඩිම්බ මේරීම අක්‍රමවත් වීම නිසා ගබ්සාවීම් ඇතිවිය හැකියි. නමුත් මේ තත්වයට ප්‍රතිකාර ඇති නිසා ඒ ගැන බිය විය යුතු නැහැ. නමුත් අවධානම වැදගත්.

ශරීරය ප්‍රතික්ෂේප කිරීම

සමහර කාන්තාවන්ගේ ශරීරිය විසින්ම ඩිම්බ ඵල දැරීම ප්‍රතික්ෂේප කරනවා. ඊට ආගන්තුක දෙයකට මෙන් ශරීරය ප්‍රතික්‍රියා දක්වනවා. ඊට එරෙහිව ප්‍රතිශක්තිය හා ප්‍රතිදේහ ක්‍රියාකරනවා. සරු ඩිම්බයක් වුනත් ශරීරය මගින් ඊට ආගන්තුක දෙයකට ලෙස සැලකීම සිදුවෙනවා. මේ නිසා ගබ්සා වීම් ඇතිවෙනවා.

දුම්වැටි, මත්ද්‍රව්‍ය, මධ්‍යසාර ආදිය

මේ මගින් ගබ්සා වීම් වලට විශාල බලපෑමක් එල්ල කරනවා. ඔබ මේවාට ඇබ්බැහි වී ඇත්නම් ගබ්සා වීම් ඇතිවීම වළකා ගන්න බැහැ. ඩිම්බ බන්ධනයට මේ මගින් බාධා ඇතිවෙනවා. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හුරුවීම ඊට හොඳම විසඳුමයි. අනෙක් අතට ඔබ නිරෝගීව සිටීම ගැබ් ගැනීමකට විශේෂයෙන් වැදගත්.

බැක්ටීරියා ආසාදන

බැක්ටීරියා ආසාදනයන්ද ඊට හේතුවන තවත් කාරණයක්. ගර්භාෂයට ඉන් බලපෑම් ඇතිවිය හැකියි. ඉන් කළලය වර්ධනය වීමට ඉඩ අහුරනවා. කණගාටුවට කාරණය මෙවැනි තත්ත්ව නිසා ඇතිවන බලපෑම් හඳුනා ගැනීමට රෝග ලක්ෂණ පහල නොවීමයි. නමුත් මේ තත්වය ප්‍රතිජීවක ඖෂධ මගින් පාලනය හා සුවකළ හැකි වෙනවා.

දරුවන් දෙමාපියන්ට ඇති උතුම්ම සම්පත නිසා theAsianparent Sri Lanka අපි මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ