theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගමන් සඳහා ගෙන යායුතු ඖෂධ: සංචාරක ප්‍රථමාධාර පෙට්ටිය

3 අවම කියවීම
ගමන් සඳහා ගෙන යායුතු ඖෂධ: සංචාරක ප්‍රථමාධාර පෙට්ටියගමන් සඳහා ගෙන යායුතු ඖෂධ: සංචාරක ප්‍රථමාධාර පෙට්ටිය

ඔබේ ගමන් සඳහා ගෙන යායුතු ඖෂධ ඔබ හරියටම නොදන්නවාද?  පීඩනයෙන් තොර සංචාරයක් සඳහා අවශ්‍ය දේ මෙහි දැක්වේ.

ගමන් සඳහා ගෙන යායුතු ඖෂධ ඔබ හරියටම නොදන්නවාද?

කලබලය නිසා ඔබට අත්‍යවශ්‍ය දේවල් කිහිපයක් පහසුවෙන් අමතක වෙන්න පුළුවන්. පීඩනයෙන් තොර ගමන් සඳහා ගෙන යායුතු ඖෂධ මෙහි දැක්වේ.

1. ඖෂධ වට්ටෝරුව 

පළමුවෙන්ම, ඔබේ ඖෂධ වට්ටෝරුව යාවත්කාලීනව වී  තිබේද, සංචාරය  සඳහා ප්‍රමාණවත් ඖෂධ තිබේද යන්න පරීක්ෂා කර බලන්න. ඔබගේ ගමනේ ප්‍රමාදවීම් ඇතිවිය  හැකි  බැවින්  සැමවිටම ඔබ  අතිරේකව ඖෂධ රැගෙන යෑම වටිනවා.

ඔබේ ඖෂධ සදහන් ලැයිස්තුවක් ඔබත් සමග රැගෙන යෑම  ප්‍රයෝජනවත් විය හැකිය. ඒවා ගමනේදී අවසන් වුවහොත් ඔබට ඒවා පහසුවෙන්ම නැවත ඇතුලත් කල  හැකිය.

ඔබව ගුවන් තොටු පලේදී පරීක්ෂා කරනු ලැබිය හැකි බැවින් , ඔබේ ඖෂධ ඒවායේ නියම ලේබල් ඇති බහාලුම්වල තබා ගැනීම  සුදුසු වේ. ඔබේ  ඖෂධ වට්ටෝරුව  ගැන සැලකිලිමත් නම්, ඔබගේ රෝගය පිලිබඳ  විස්තර කරන ලද ලිපියක්  ඔබේ වෛද්‍යවරයාගෙන් ඉල්ලා ගන්න.

2. කුඩා ප්‍රථමාධාර කට්ටලයක්

ඔබ සැමවිටම අත්‍යාවශ්‍ය දේවල් තබාගැනීම වැදගත් වේ. කෙටි විවේකයක් සඳහා ගෙන යා යුතු දේවල්  කිහිපයක් පහත දැක්වේ.

  • පැරසිටමෝල් ,ඇන්ටිහිස්ටමින් (මෘදු අසාත්මිකතා ප්‍රතික්‍රියා)
  • වමනය සදහා  ඖෂධ (ළමුන් සමඟ දුම්රිය, බස්රථ, කාර් හෝ බෝට්ටුවකින් ගමන් කිරීම)
  • ප්ලාස්ටර්, බැන්ඩේජ්, ගෝස් පෑඩ් සහ ටේප් (සුළු තුවාල)
  • ඇන්ටිෂෙප්ටික් ක්‍රීම් (ආසාදන වැලැක්වීම සඳහා)
  • ජීවනී පැකට් (බඩේ ආසාදන  සඳහා)

3. දෑත් සනීපාරක්ෂක (sanitiser)

විශේෂයෙන් ආහාර ගැනීමට පෙර සහ පොදු ස්ථානවල දේවල් අල්ලා ගැනීමෙන් හෝ ස්පර්ශ කිරීමෙන් පසුව සබන් හා ජලය භාවිතා කර  ඔබේ දෑත් සේදීම, විෂබීජ විනාශ කිරීමට හොඳම ක්‍රමය වේ.  කෙසේවෙතත්, ඔබ නිවාඩුව සදහා  පිටට ගිය පසුව නිතර ඔබ අසල ජල ප්‍රභවයක් නොතිබිය  හැකිය.

අවම වශයෙන් 60% ක් පමණ ඇල්කොහොල්  අඩංගු  සනීපාරක්ෂක  ඔබේ හෝටලයෙන් පිටතට යන විට භාවිතයට  ඔබේ  අත් බෑගයේ අසුරා ගන්න.  එය සියලුම බැක්ටීරියා විනාශ නොකරනු ඇත, නමුත්  එය ඔබේ අත් මතුපිටට අතුල්ලමින්  සම්පූර්ණයෙන්ම වියළීමට ඉඩ හැරීම මගින් සමහර විෂබීජ  ඉවත් කිරීමට  උදව් වේ.

4. හිරු ආවරණ ක්‍රීම්

පාරජම්බුල කිරණ  (UV)  වලට වළාකුළු පිරි අහස හරහා පවා විනිවිද යාමට හැකිය. ආරක්ෂාව නොමැති විට  හිරු කිරණ පිළිස්සීම්, රැලි සහ සමේ පිළිකා අවදානම වැඩි කරයි.

ඔබගේ ගමන් මග හිරුඑළිය තිබුනද  නැතිද , ඔබ පිටත එළිමහනේ කාලය  ගත කරනු ඇත. ඔබේ සම ආරක්ෂා කර ගැනීමට හිරු එළියෙන් ආරක්ෂා කරන ක්‍රීම් එකක් ගෙන යන්න.

ඇමෙරිකාවේ සම සම්බන්ධ අධ්‍යාපන ආයතනය එස්පීඑෆ් 30 හෝ වැඩි හිරු ආවරණ ආලේපනයක් භාවිතා කර UVA සහ UVB ආලෝක වර්ග දෙකෙන්ම ආවරණය වීම  නිර්දේශ කරනු ලැබේ.

5. මදුරුවන් ගෙන් ආරක්ෂාව

සිකා, ඩෙංගු උණ, කහ උණ ​​හෝ බටහිර නයිල් ආසාදනය වැනි මදුරුවන් බෝවෙන රෝග සහිත අධි අවදානමක් ඇති ප්‍රදේශයකට යන  විට වලින් ආරක්ෂා වීමට වග බලා ගන්න.

දිගු කලිසම් සහ දිගු අත් සහිත කමිස  වැනි ආරක්ෂිත ඇඳුම්  මෙන්ම DEET 10-20% ක කෘමි විකර්ෂක (වයස මාස 2 ට වැඩි ඕනෑම අයෙකු සඳහා සුදුසු) අසුරා ගන්න.

හයිෙඩොකාටිසෝන් අඩංගු කෘමීන් සපා කෑ විට  ඇතිවෙන කැසීමට සහනයක් ලබා දීමට ආලේප කරන ක්‍රීම්  ඔබට අරන්  යාමට අවශ්‍ය විය හැකිය.

ඔබ මැලේරියාව බහුලව ඇති රටකට යනවා නම්, ඔබට ඒ සදහා  වෛද්‍ය  ප්‍රතිකාර අවශ්‍ය දැයි ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න. ඔබ ගර්භනීභාවයක් සැලසුම් කරන්නේ නම්, Zika වෛරසය ඉහළ අවදානමක් සහිත ප්‍රදේශයක සංචාරය කිරීමට   පෙර ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

ටයිෆොයිඩ්, ජලභීතිකා රෝගය හෝ කහ උණ ​​වැනි අනෙකුත් මදුරුවන් බෝ වන රෝග සඳහා එන්නත් ලබා ගැනීම සඳහා ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.

ඔබගේ සංචාරක හා සෞඛ්‍ය රක්ෂණය යාවත්කාලීන වී ඇත්දැයි  පරීක්ෂා කර බලන්න.

දිනපතා රෝග නිවාරණ සහ වැළැක්වීම් සඳහා වු මධ්‍යස්ථාන  වල විශේෂිත උපදෙස් ලබා ගන්න.

ඔබ යම් ගැටළුවක් ඇත්නම්, ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

ඔබේ සංචාරයක ගමන් මල්ලට එක් කර ගතයුතු දේ ගැන මේ මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ගමන් සඳහා ගෙන යායුතු ඖෂධ: සංචාරක ප්‍රථමාධාර පෙට්ටිය
බෙදාගන්න :
  • දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

    දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

  • ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

    ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

  • දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

    දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

  • ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

    ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it