theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පිහිනීම යනු ගර්භණි අවධියේදී කිරීමට සුදුසුම ව්‍යායාමයක් බව ඔබ දන්නවාද?

3 අවම කියවීම
පිහිනීම යනු ගර්භණි අවධියේදී කිරීමට සුදුසුම ව්‍යායාමයක් බව ඔබ දන්නවාද?පිහිනීම යනු ගර්භණි අවධියේදී කිරීමට සුදුසුම ව්‍යායාමයක් බව ඔබ දන්නවාද?

ගර්භණි අවදියේදී පිහිනීම තුළින් ශරීරය සිසිල් කර තබනවා පමණක් නොව තවත් සෞක්‍යදායි ප්‍රයෝජන රැසක් සිරුරට ඇති කරන බව ඔබ දන සිටියාද?

 ලඟදී දිනක අපට පාඨකයෙක්ගෙන් ලැබුණු ලිපියක ගර්භණි අවධියේ පිහිනීම ගැන මෙසේ ප්‍රශ්නයක් නගා තිබුනා.

“මම මාස 6ක ගැබිණි මවක්. මම පිහිනන ගොඩක් කැමතියි. නමුත් පිහිනුම් තටාකයේ ක්ලෝරීන් සහිත ජලයෙන් මගේ දරුවාට හානියක් වේ යැයි මට බයයි. එහෙම වේවිද?”

ඉතින් මේ අම්මාට උදව් කරන අරමුණින් අපි පුංචි සෛක්ෂණයක් කළා.

සමස්තයක් හැටියට පිහිනීම කියන්නේ ඕනෑම කෙනෙක්ට ඔබින කදිම ව්‍යායාමයක්. විශේෂයෙන්ම ගැබිණි මව්වරුන්ට මෙය හුඟක්ම සුදුසුයි. දෛනික ව්‍යායාමයේ යෙදෙන බොහෝ මවුවරුන් තමන්ගේ ව්‍යායාම ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට කැමති වුවත් ගැබිණි සාමය තුල එසේ කිරීම ප්‍රයෝගිකව ඔවුන්ට අපහසු වනවා.  

කෙසේ වෙතත් ජලයේ රැඳී සිටීම මැජික් එකක් වගෙයි. මවකට දැනෙන උදරයේ බර ජලයේ සිටින විට දැනෙන්නේ නැහැ, බොහොම සැහැල්ලු ගතියකින් පාවෙන සෙයක් පිහිනුම් තටාකයේ මවකට ඇත විඳින්නට පුළුවන්.

ගැබිණි සමයේ පිහිනීම තුළින් සිරුරට අත්පත් වන  වාසි

1. ගර්භණි අවධියේ පිහිනීම ඔබේ හදවත ශක්තිමත් කරයි.

වතුරේ ව්‍යායාම කිරීමෙන් මවගේ මෙන්ම දරුවාගේත් රුධිර සංසරණය ප්‍රකෘතිමත් කරන අතර එය රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණයද වර්ධය කරයි.

2. මෙය මන්දගාමී ව්‍යායාමයක්

මෙය මන්දගාමී ව්‍යායාමයක් නිසා සිරුරට අධික පීඩනයක් හෝ බලපෑමක් ඇති නොකරන හෙයින් ගැබිණි සමයේ දීමට ඉතාම යෝග්‍ය වනවා.

3. කොන්දේ කැක්කුම් අවම කරයි.

ගැබිණි සමයේ සිරුරේ හැඩයේ ඇතිවන වෙනස්වීම් හේතුවෙන් ඇතිවිය හැකි අසමතුලිතතාවයන් කොන්දට බලපා වේදනා ගෙන දෙන්නට පුළුවන්. ජලයේ සිටීමෙන් ඇති වන සැහැල්ලු ගතිය නිසා කොන්දට ඇති වන ආතතිය අඩු වනවා. මෙය කැක්කුම් සමනය කොට සැහැල්ලුවක් ගෙන දෙනවා. කළලයේ දරුවාද පාවෙන නිසා කොන්දේ සයටික් ස්නායු වල තෙරපීමක් ඇති වීමද වළක්වනවා.

4. ගර්භණි අවධියේ පිහිනීම ඉදිමුම් අඩු කරයි

පිහිනීම නිසා varicose veins නොහොත් නහර ගැට ගැසීමේ තත්වයෙන් මිදීමට හැකි වනවා. වතුරේ සිටින විට සිරුරේ ඇති වන තෙරපීම් අඩු කර ඉදිමුම් අඩු කරනවා. මේ නිසා දෙපා වල විලුඹේ, යටි පතුල් ආදියේ වේදනාවන් ඇති වීම් වලක්වෙනේ   මාංශපේශි තුල  වූ තරලයන් පිටතට නෙරපා හැරීමෙන් ඒවා රුධිරයට එක් වී වකුගඩු හරහා මුත්‍රා සමඟ පිට කෙරෙන නිසයි.

5. ගර්භණි අවධියේ පිහිනීම නිසා සිරුර සිසිල්ව තබා ගැනෙනවා

ලංකාවේ බොහෝ දිනවල ඇතිවන අධික රස්නය කෙතරම් පිදාකාරිදැයි අපි දන්නවා. ගැබිණි සමයේ වැඩිපුර ක්‍රියාත්මක වන දහඩිය ග්‍රන්ථි නිසා මේ තත්වය තවත් පීඩාකාරී වනවා. පිහිනුම් තටාකයේ කල් ගත කිරීමෙන් මේ තත්වය සාමය කොට මහත් සිසිලක් සහ සනීපයක් ගෙන දෙන්නේ ඒ නිසයි. ඔබ පිහිනන්නට නොදන්නවා වුවත් නිකම්ම වතුරේ එහෙට මෙහෙට ඇවිද එහි සුව විඳින්නට පුළුවන්.

ගර්භණි අවධියේ පිහිනීම පිලිබඳ මිත්‍යාව

ක්ලෝරීන් සහිත ජලය කුසතුළ සිටින දරුවාට හානිකරයි. මේ කතාව ඇත්තක්ද?

නැහැ. මෙහි සත්‍යයක් නැහැ. කළලය සහ ගැබ්ගෙල ආරක්ෂා කිරීමට සිරුර ස්වභාවයෙන්ම යාන්ත්‍රනය වෙලා තියෙනවා. එම නිසා පිහිනුම් තටාකයේ සිටීම තුළින් දරුවට කිසිම හානියක් වන්නේ නැහැ.

ගර්භණි සමය තුළ ආරක්ෂාකාරී වන්නේ කෙසේද?

සජලනය

ලංකාව වැනි සමකාසන්න රටක සිරුරේ සජලනය පවත්වාගැනීම ඉතාමත්ම වැදගත්. පුරුද්දක් ලෙස පිහිනුම් තටාකයට පිවිසීමට මත්තෙන් වතුර වීදුරුවක් පානය කර, සෑම විනාඩි 20කටම වරක් එසේ පානය කිරීමට කටයුතු කරන්න.

හුස්ම ඉහල පහළ දැමීම

ගර්භණි සමයේදී උවමනාවට වඩා මහන්සි වීම සුදුසු නැහැ. මෙය තීරණය කිරීම සඳහා හුස්ම ඉහල පහල දැමීමේ රටාව අධ්‍යයනය කිරීමයි. ඔබට තව කෙනෙක් සමඟ හති නොදමා පහසුවෙන් කතා කිරීමේ හැකියාව තිබේදැයි බැලීමෙන් ඔබ උවමනාවට වඩා මහන්සි වීදැයි බැලිය හැක.

උණු වතුරේ බැස නොසිටීම

පිහිනුම් තටාකය කෙතරම් හිතකර වුවද, උණු වතුර පොකුණු වල සිටීම කොහෙත්ම හිතකර නොවන්නේ සෙල්සියස් 40’ට වැඩි උණු වතුරේ බැස සිටීමෙන් දරුවාට සංකුලතා ඇති විය හැකි අතර ගබ්සා වීම් ඇතුළු මොලයට සහ සුෂුම්නාවට බලපෑම් ඇති වන්නට පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ගර්භණි අවධියේ පිහිනීම නිසා ගැබිණි මවකට ඇති වන ප්‍රයෝජන සාරාංශයක් ලෙස

  • හදවත ශක්තිමත් වීම
  • ආතතිය සහ තෙරපීම් මැඩ පැවැත්වීම
  • කොන්දේ අමාරු සමනය කිරීම
  • ඉදිමුම් වලින් වැලකීම
  • සිරුර සිසිල්ව තැබීම

ආරක්ෂාකාරී වීමට සැලකිය යුතු දේ

  • හැකි තරම් ජලය පානය කිරීම
  • ආශ්වාස ප්‍රශ්වාස රටාව ගැන සැලකිල්ලෙන් සිටීම
  • උණු වතුරේ බැස නොසිටීම

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ව්‍යායාම
  • /
  • පිහිනීම යනු ගර්භණි අවධියේදී කිරීමට සුදුසුම ව්‍යායාමයක් බව ඔබ දන්නවාද?
බෙදාගන්න :
  • කාර්‍යබහුල මව්වරුන්ට ඉතා පහසු ව්‍යායාම සදහා ඉගි 5 ක්

    කාර්‍යබහුල මව්වරුන්ට ඉතා පහසු ව්‍යායාම සදහා ඉගි 5 ක්

  • ගර්භණි සමයේ නින්ද පහසුවෙන් සුවපහසු කරගන්නේ මෙහෙමයි

    ගර්භණි සමයේ නින්ද පහසුවෙන් සුවපහසු කරගන්නේ මෙහෙමයි

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • කාර්‍යබහුල මව්වරුන්ට ඉතා පහසු ව්‍යායාම සදහා ඉගි 5 ක්

    කාර්‍යබහුල මව්වරුන්ට ඉතා පහසු ව්‍යායාම සදහා ඉගි 5 ක්

  • ගර්භණි සමයේ නින්ද පහසුවෙන් සුවපහසු කරගන්නේ මෙහෙමයි

    ගර්භණි සමයේ නින්ද පහසුවෙන් සුවපහසු කරගන්නේ මෙහෙමයි

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it