theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණි මව ආහාරයට ගත යුතු පලතුරු ඛාණ්ඩ 4 ක්

2 අවම කියවීම
ගර්භණි මව ආහාරයට ගත යුතු පලතුරු ඛාණ්ඩ 4 ක්ගර්භණි මව ආහාරයට ගත යුතු පලතුරු ඛාණ්ඩ 4 ක්

නිතරම පෝෂණීය ආහාර වේලක් ගැනීම වැදගත්. නමුත් ගර්භණි කාලය තුළ මවකට එය හුඟක්ම වැදගත්. එය ඔබට වගේම ඉපදෙන්නට සිටින දරුවාටත් ඉතා වැදගත්.

නිතරම පෝෂණීය ආහාර වේලක් ගැනීම වැදගත්. නමුත් ගර්භණි මව කට එය හුඟක්ම වැදගත්. එය ඔබට වගේම ඉපදෙන්නට සිටින දරුවාටත් ඉතා වැදගත්. මේ නිසා පලතුරු කෝප්ප දෙකක් පමණ දවසකට ගැනීම මේ අතර ඉතාම හොඳ දෙයක්.

නිතරම පලතුරු නැවුම්ව ගන්න ලැබෙනවා නම් ඉන් ලැබෙන ප්‍රයෝජන බහුලයි. පලතුරු හොඳින් සෝදා අමුවෙන් ආහාරයට ගැනීමෙන් විය හැකි අගුණ තත්වයන් ඉතාම අඩුයි.

නොසේදූ පලතුරු වල විෂබීජ හා බැක්ටීරියා ඇති නිසා සේදීමෙන් ඒවා ඉවත් වෙනවා. ඒ වගේම ඔබට දියවැඩියාව වැනි රෝග තත්ත්ව ඇත්නම් ඊට නුසුදුසු පලතුරු ගැන දැනුවත්ව ආහාරයට ගැනීම වැදගත්.

LiveStrong ට අනුව ගර්භණි මව ආහාරයට ගත යුතු පලතුරු ගැන දැන් ඔබට දැනුවත් වෙන්න පුළුවන්.

ෆයිබර් බහුල පලතුරු

හුඟක් ගර්භණි මව්වරුන්ට මළ බද්ධය හා අර්ශස් වැනි රෝග තත්ත්ව ඇතිවෙනවා. මීට හොඳ විසඳුමක් ලෙස ෆයිබර් වැඩියෙන් ඇති පලතුරු ලෙස ඇපල්, පෙයාස්, කෙසෙල්, කිවි, දොඩම් වැනි පලතුරු දක්වන්න පුළුවන්.

විටමින් c බහුල පලතුරු

දොඩම්, ලෙමන්, මිදි, ස්ට්‍රෝබෙරි, හනිඩිව්, කැන්ටර්ලූප් වැනි පලතුරු දක්වන්න පුළුවන්.

ෆෝලික් ඇසිඩ් බහුල පලතුරු

කුස තුළ වැඩෙන දරුවාගේ මොලය හා ශුසුම්නාව වර්ධනයට ෆෝලික් ඇසිඩ් වැදගත් වෙනවා. පිළිසිඳ ගැනීමකට පෙර සිටම කාන්තාවක් දිනකට ෆෝලික් ඇසිඩ් මයික්‍රොග්‍රෑම් 400ක් පමණ ලබාගත යුතු බව පවසනවා. එය ගර්භණි සමය තුළදීත් පවත්වා ගැනීම වැදගත්.

දොඩම්, අන්නාසි (ගර්භණි අවදියේ මුල් කාලයේ අන්නාසි වලින් ගැබ්ගෙල මෘදු කරන නිසා වැඩිපුර ගැනීමෙන් වළකින්න), අලිගැටපේර, ගස්ලබු (හොඳින් නොඉඳුණු ගස්ලබු නොමේරූ දරු උපත් වලට හේතු විය හැකි නිසා ඉඳුණු ගස්ලබු තෝරාගන්න)

පොටෑසියම් බහුල පලතුරු  

මස් පිඬු පෙරළීම ගර්භණි සමයේ බහුල තත්වයක්. හොඳින් පොටෑසියම් ලබාගැනීමෙන් මේ තත්වය මගහරවා ගන්න පුළුවන්. වැඩෙන දරුවාට අවශ්‍ය ඛනිජ ලවන පෝෂණයද ඉන් සමබර වෙනවා.

කෙසෙල්, කිවි, චෙරිස්, පීච්, කොමඩු, මිදි

ආහාර වේල ගැන ගර්භණි මවක් හුඟක් සැලකිලිමත් විය යුතු නිසාම Asianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භණි මව ආහාරයට ගත යුතු පලතුරු ඛාණ්ඩ 4 ක්
බෙදාගන්න :
  • ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

    ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

  • ගර්භණි සමය තුළ හොඳ නින්දක් ලබන්නේ කොහොමද?

    ගර්භණි සමය තුළ හොඳ නින්දක් ලබන්නේ කොහොමද?

  • ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

    ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

  • ගර්භණි සමය තුළ හොඳ නින්දක් ලබන්නේ කොහොමද?

    ගර්භණි සමය තුළ හොඳ නින්දක් ලබන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it