ගර්භණි සමයේ ඇතිවෙන අමුතු එහෙත් සාමාන්‍ය වේදනාවන් හා කැක්කුම්

ගර්භණි සමයේ ඇතිවෙන අමුතු එහෙත් සාමාන්‍ය වේදනාවන් හා කැක්කුම්

අම්මා කෙනෙක් වෙන්න ඉන්න ඔබ මොහොතකට නැවතිලා ඔබට දැනෙන අමුතු එහෙත් සාමාන්‍ය මේ වේදනාවන් ගැන දැනගන්න.

කාන්තාවකට ගර්භණි සමය කියන්නේ ඉතාමත් සුන්දර කාලයක්. විවාදාත්මක අදහස් තිබෙන්න පුළුවන් වුනත් ඇයට ජීවිතයේ හිමිවන වැදගත්ම කාලය මෙයයි. ගතවන නම මස තුළ ඔබේ ශරීරය විවිධ වෙනස්කම් වලට ලක්වෙනවා. ශරීරයේ ඔබ නොසිතන වෙනස්කම් හා හෝර්මෝන වෙනස්කම් ඒ අතර විශේෂයි. මීට අමතරව දැනෙන ගර්භනී සමයේ අපහසුතා එකිනෙකට වෙනස්. නමුත් මේ ගර්භනී සමයේ අපහසුතා ඉතා සාමාන්‍ය වුවත් හුඟක් විට ඔවුන් ඉන්න තත්වය අනුව ඊට බියක් දක්වනවා.

ඔබේ ශරීරය තුළ සිදුවෙන මේ වෙනස්කම් ගැන නිරන්තර අවධානයෙන් සිටීම වැදගත් වගේම මේවා ගැන ඉගෙන ගැනීම ඊටත් වඩා වැදගත් වේවි. ඉතින් අම්මා කෙනෙක් වෙන්න ඉන්න ඔබ මොහොතකට නැවතිලා ඔබට දැනෙන අමුතු එහෙත් සාමාන්‍ය මේ වේදනාවන් ගැන දැනගන්න.

ගර්භනී සමයේ අපහසුතා

ගර්භනී සමයේ අපහසුතා

ගර්භනී සමයේ අපහසුතා

1. ඉකිලියේ ඇතිවෙන වේදනාව

මුත්‍රා ලිංගය ප්‍රදේශය හරහා පහළට දිවෙන ලිග්මන්ට් සමහර විට වේදනාකාරී වෙන්න පුළුවන්. ඉතා තියුණු හා දැවෙන ආකාරයේ වේදනාවක් ඔබට දැනෙන්න පුළුවන්. ඔබ ඉක්මනින් නැගිටීම, ක්ෂණිකව ඉරියවු මාරු කරන විට ඇතිවෙන්න පුළුවන්.

කළයුතු දේ: The family tree yoga and massage හි හිමිකාරිය සැන්ඩි හුවර් තිදරු මවක්ද වනවා. අඩක් හිස පහත් කර කරන (half bow yoga) නම් ආසනය මීට සුදුසු බව ඇය පවසනවා.

2. ඉහළ බඩ කොටසේ වේදනාව

ප්‍රජෙස්ට්‍රරෝන් වල ඉහළ යාම හා ගර්භණි කාන්තාවන්ගේ ශරීරයේ ගෑස් ඉහළ යමක් සිදුවෙනවා. ඒ වගේම ආහාරයට ගන්න කෑම කුසට යාම ගලනාලය හරහා වැඩි වෙලාවක් ගැනීමෙන් මේ වේදනාව ඇති වෙනවා.

කළයුතු දේ: පිට කොන්දට ලැබෙන ව්‍යායාම මගින් කෑම දිරවීමේ පහසුව හා ගෑස් ඇතිවීමෙන් වන අපහසුව මගහරවා ගන්න පුළුවන් හුවර් පවසනවා. ඊට දෙකකුල් කතිරයක් ආකාරයෙන් සිටිනසේ ඉඳගෙන ඔබේ දකුණු අත උදරය හරහා ගෙන උරහිස හරහා පිටකොන්ද දෙසට යවන්න. හුස්ම වාර 3ක් රඳවා ගනිමින් අනෙක් අතටත් එලෙසම කරන්න. නමුත් හුස්ම රඳවා ගැනීම අපහසු නම් ඉන් වලකින්න. ඒ වගේම උණුසුම් වතුර කෝප්පයකට නැවුම් ලෙමන් ගෙඩියක යුෂ එක්කර පානය කිරීමෙන්ද මළ බද්ධය වළකා ගන්න පුළුවන් බව ඇය කියනවා.

3. විටෙන් විට එන මස්පිඩු වල වේදනාව

මුත්‍රා විවරය හා ආශ්‍රිත ප්‍රදේශයේ තදවීම් ඇතිවීම සාමාන්‍ය තත්වයක් වන අතර එය දරු ප්‍රසූතියට පෙර සූදානම් ලෙස හඳුන්වන්න පුළුවන්.

කළයුතු දේ: ඈන් මෝර් ගෝලියා සුදුසුකම් ලත් හෙද නිලධාරිනියක් වන අතර Home sweet homebirth සමගින් පවසන්නේ මෙම වේදනාවන් විටින් විට ඇවිල්ලා විවේකය සමග නැතිවී යනවා. මෙය හොඳ ලකුණක්. මෙම වේදනා රිද්මයකට අනුව පිළිවෙලකට විටෙන් විට පැමිණෙනවා නම් ප්‍රසූතියේ අසන්න බව කියාපානවා වෙන්න පුළුවන්.

4. පියයුරු වල සංවේදී බව

පියයුරු වල ඇතිවෙන වේදනාවන්, විශාල වීම් ගර්භණි කාලයේ මුල් කාලයේ ඇතිවෙන සලකුණුයි. මෙය ඔබේ ශරීරය තුළ දරුවෙකු වැඩෙන බවට පෙන්වන සලකුණු ලෙස හඳුන්වන්න පුළුවන්.

කළයුතු දේවල්: වැඩීම අනුව ඊට සුදුසු යට ඇඳුම් විවිධ ප්‍රමාණයන් අනුව තෝරා ගන්න.

5. පළමු කාර්තුව තුළ ඇතිවන පිට කොන්දේ වේදනා

පැලෝපීය නාලය තුළ දරු ගැබ පිහිටීම නිසා බොහෝ විට මින් පෙර එවැනි අවස්ථාවන්ට මුහුණ දුන් කාන්තාවන්ට මේ තත්වය බහුලව ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම මීට පෙර කොන්දේ ශල්‍යකර්මයන් කළ කාන්තාවන් හා මළබද්ධය ඇති කාන්තාවන්ටත් මේ තත්වය ඇතිවෙන්න පුළුවන්.

කළයුතු දේ: මුත්‍රා ලිංගික පද්ධතිය ආශ්‍රිතව මාංශ පේෂීන් සාමාන්‍යයෙන් මාස් ශුද්ධිය අවදියේත් වේදනාවට පත්වීම සාමාන්‍ය තත්වයක්. මෝර් ගෝලියා පවසනවා. රුධිර වහනයක් නැත්නම් ඒ ගැන දුක්විම හෝ කලබල වීම අවශ්‍ය නැහැ. පහත කොන්ද කොටසේ පැත්තක වේදනාව හා රුධිර වහනය ඇත්නම් ඒ ගැන වෛද්‍ය උපදෙස් ලබාගන්න. එය පැලෝපීය නාලයේ පිළිසිඳ ගැනීමක් හෝ ගබ්සා විමක්දැයි දැනගැනීම වැදගත්.

6. තුන්වන කාර්තුවේ දැනෙන අධික කොන්දේ වේදනාව

අධික වේදනාව නිතරම වෛද්‍ය උපදෙස් ලබාගතයුතු අවස්ථාවන් වෙනවා. කලලයට ඔක්සිජන් ලබාදෙන ක්‍රියාවලිය අවහිර වීමක් නිසාද මෙවැනි වේදනාවන් ඇතිවෙන්න පුළුවන්.

කළයුතු දේ: අධි රුධිර පීඩනය වැනි තත්වයන් හා අධික වේදනාවක් ඇත්නම් වහා ක්‍රියාත්මක වීම වැදගත් වෙනවා. මෝර් ගෝලියා පවසනවා. අධික ලෙස පිටකොන්දේ මාංශ පේෂී තදවීම් සාමාන්‍යයෙන් ඇතිවන වේදනාවක් වනවා. මුත්‍රාශය එළියට එන්න වගේ දැනෙන මුත්‍රාශය ආශ්‍රිත මාංශ පේෂීන් වල වේදනාවන් සමග ශරීරයේ අනෙකුත් කොටස් වල වේදනාවක් දැනීමද වෛද්‍ය උපදෙස් ලබාගැනීම අවශ්‍ය වන හේතුවක්.

7. ඉහළ උකුල අත පැත්තේ පිට කොන්දේ වේදනාව

මුත්‍රා වල අධික ප්‍රෝටීන් හා අධිරුධිර පීඩනය සමග preeclampsia නම් තත්වය ඇතිවිය හැකියි. එය මුත්‍රා මාර්ගය ආශ්‍රිත අසාදිත මාංශ පේෂීන් වල බිත්ති හරහා දැනෙන වේදනාත්මක කැක්කුමක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙවැනි වේදනාවන්ට අනෙකුත් සම්බන්ධතාවයන්ද තිබිය හැකියි.

මෙය හැම කාන්තාවකටම ඇතිවන වේදනාවක් නොවුනත් ඒ වගේම ඒ ගැන අවධානයෙන් සිටීම වැදගත් වන්නේ එය දරු ප්‍රසූතියට ආසන්න බව හඟවන වේදනාවන්ට සමාන නිසයි.

කළයුතු දේ: ඉදිමීම වැනි දේ සාමාන්‍ය වුවත් අධිරුධිර පීඩනයේ ලක්ෂණ ඒ සමග නිසා සැලකිලිමත් වීම වැදගත්. මෝර් ගෝලියා පවසනවා. ඒ වගේම පෙනීමේ වෙනස්කම් හිසරදය විශේෂයෙන් හිසේ පිටුපස කොටස වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්.

6. පිට කොන්දේ වේදනා

ඔබේ උදරය විශාල වෙන්න වෙන්න ඉන් පිටකොන්දට ලැබෙන වේදනාව වැඩියි. ඒ නිසා තමයි සාමාන්‍ය වේදනාවක් වුනත් ඔබට වඩාත් අවදියෙන් දැනෙන්නේ. 

කළයුතු දේ: සමහර ඇවිදීමේ නැමීමේ ව්‍යායාම ඊට උපකාරී වෙන්න පුළුවන්. ඉඳගැනීම නැගිටීම ඔබට සුදුසු ලෙස වෛද්‍ය උපදෙස් අනුව ව්‍යායාම කිහිපයක් තෝරා ගැනීම සුදුසු වෙනවා.

7. හිසරදය

මෙයත් ගර්භණි කාන්තාවන් අතර ඇතිවන සුලබ වේදනාවක්. නමුත් බොහෝ දුරට මේවා ඉතාම වේදනාකාරී නොවුනත් ඔබට අපහසුවක් ගෙන දෙන්න පුළුවන්.

කළයුතු දේ: හිස හා බෙල්ල චලනය කරකැවිම හා ඒ ආශ්‍රිත ව්‍යායාම මගින් සහනයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම හිසරදයට නුසුදුසු ආහාර අඩු කිරීමට වෛද්‍ය උපදෙස් ලබාගන්න.

මවකට ගර්භණි වේදනාවන් ඇතිවන වේදනාවන් ආදරණිය ලෙස විඳින්න ට ශක්තිය ඇතත් ඒ ගැන ඔබේ දැනීම වැඩිවීම ඔබට ශක්තියක් බව theAsianparent Sri Lanka අපි විශ්වාස කරනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ