ගර්භණි සමය තුළ නෙල්ලි වලින් ලබාගත හැකි අරුම පුදුම ප්‍රයෝජන 7 ක්

lead image

නෙල්ලි වලින් ගර්භණි කාලය පුරාම ඔබට නිරෝගිව ඉන්න පුළුවන් බව දැනගෙන හිටියද?

 නෙල්ලි: මෙම සුපිරි පලතුරේ ඇන්ටි ඔක්සිඩ්න්ට්, විටමින් c අනෙකුත් බොහෝ පෝෂණයන් අඩංගු වෙනවා කියා ඉන්දියාවේ Pachouli Spa and Wellness Center හි පෝෂණ වේදීයෙකු වන ප්‍රීති සෙත් පවසනවා. 

මෙහි ඇති ඖෂධීය ගුණ නිසා බබාලා ලැබෙන්න ඉන්න අම්මලාට හරිම ගුණදායකයි. එක ගෙඩියක් හෝ දෙකක් දිනකට ගැනීමද ගර්භණි අම්මා කෙනෙකුට ප්‍රමාණවත්. හොඳම දේ තමයි නෙල්ලි වියළි වුනත් පිටි ආකාරයට වුවත් එහි ගුණයන් නැසෙන්නේ නැහැ.

බොහෝ විට ගර්භණි සමයේ ඇතිවන සංකූලතා වලට නෙල්ලි හොඳ විසඳුමක් සෙත් පවසනවා.

1. ඔබේ හැඟීම් ශුභදායක කරනවා

ගර්භණි කාලයේ අම්මලාගේ mood එක නැතිනම් හැඟීම් සිතුවිලි වෙනස් වෙනවා. හොර්මෝන වල බලපෑම ඊට විශේෂම හේතුවක්. පුංචි දේටත් ව්‍යාකූල වෙන්න වගේම කලබලයටත් පත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්වයන් සමනය කරන්න නෙල්ලි වලට පුළුවන්. එමගින් කෝපය සමනය කර ඔබව සන්සුන් කරනවා.

2. නෙල්ලි: මළබද්ධය සමනය කරනවා

මළබද්ධය ගර්භණි කාලය තුළ සුලබ තත්වයක්. නෙල්ලි වල ඇති ජීරණය පහසු කරන ෆයිබර් අඩංගු නිසා වැසිකිළි යාම පහසු කරමින් මස්පිඩු සැහැල්ලු කරනවා. ඉන් ඔබට පහසුවක් දැනෙනවා.

3. තාවකාලික දියවැඩියාව

ගර්භණි කාලය තුළ ශරීරයේ ඉන්සියුලින් වල වෙනස් වීම් මත දියවැඩියා තත්වයන් ඇති විය හැකියි. නෙල්ලි වල ඇති දියවැඩියාව නැසීමේ ගුණය නිසා මෙලෙස එකවර ඇතිවෙන දියවැඩියා තත්වයන් ඇති වන්නේ නැහැ.

4. අඩු වයසින් දරුවන් ඇති වීමේ අවධානම අඩු කරනවා

නිතර නෙල්ලි කෑම නිසා අඩු වයසින් දරුවන්  ඇති වීමේ අවධානම අඩු කරන අතර ඉපදෙන දරුවාගේ බුද්ධි මට්ටම වර්ධනය කරනවා. ඒ වගේම දරුවා ඉපදුනු පසු මවට මව් කිරි නිෂ්පාදනයට ද උදවු වෙනවා.

5. පපුවේ දැවිල්ල හා ඇසිඩ් ගතියට කදිමයි

හෝර්මෝන වල ක්‍රියාකාරිත්වය නිසා පපුවේ දැවිල්ල හා ඇසිඩ් ගතිය වැඩි වීම සුලබ තත්වයක්. මේ මගින් හානියක් නොවුනත් මවට එය ඉතා අපහසුදායකයි. නමුත් නෙල්ලි යුෂ පානය මීට කදිම විසඳුමක්.

6. යකඩ වලින් පරිපූර්ණයි

ගර්භණි කාලය තුළ ඇතිවෙන රක්තහීනතාවයට නෙල්ලි හරිම ගුණදායකයි. ඒ මගින් ශරීරයේ හිමොග්ලොබින් පාලනයට, යකඩ උරා ගැනීමට උදවු වෙන්නේ එහි ඇති විටමින් c නිසයි. මේ නිසා ගැස්ට්‍රික් හා මළබද්ධය ඇතිවීම වළකයි.

7. UTI වැනි ආසාදන වලින් ආරක්ෂා කරයි

නෙල්ලි වල ඇති විටමින් c මගින් ආසාදනයන් සමග සටන් කිරීමට ශක්තිය ලැබෙනවා. සෙත් සඳහන් කරනවා. විශේෂයෙන් ගර්භණි සමය තුළ මුත්‍රා අසාදන ඇතිවීමත් වැළක්වීමට නෙල්ලි කදිමයි.

 පුංචි පලතුරකින් කළ හැකි විශ්මය theAsianparent Sri Lanka ඔබට කියාදෙන්නට හිතුවේ හෙට ඉපදෙන පුංචි පැටියා හා ඔබ වෙනුවෙන්මයි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Written by

theAsianparent