ගර්භණී අවදිය දහතුන්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

lead image

ගර්භණී අවදිය දහතුන්වන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී අවදිය දහතුන්වන සතිය (pregnancy week 13) තුළ ඔබේ දරුවාගේ පැවැත්ම තහවුරු කරගන්නට වැඩිපුර දස්කම් පානවා. 

අම්මා,  ඔබට නම් පළමු වෙනි ත්‍රෛමාසික තුල පිඩා දුන් අපහසුතා අමතක කරන්න පුළුවන්. මොකද දැන් අලුත් වුනු ශක්තියත් එක්ක උද්වේගජනක කාලයක් ඉදිරියේදී හමු වේවි.

ගර්භණී සමයේ දහතුන් වෙනි සතියේදී (pregnancy week 13) ඔබේ පුංචි දරුවා  කොයි තරම්ද?

pregnancy week 13

දහතුන්වන සතිය (pregnancy week 13) වන විට පැටියා මැන්ගුස්ටීන් ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා.

සුභ පැතුම්! ඔබ දැනටම පළමු ත්‍රෛමාසිකය තරණය කර අවසන්. දැන් නිල වශයෙන්ම ඔබ ඉන්නේ ගර්භණිත්වයේ මධු සමයේයි. ඒ දෙවැනි ත්‍රෛමාසිකයයි.

ඔබේ පුංචි දරුවාගේ සංවර්ධනය

ගර්භණී සමයේ සතියෙන් සතිය මගපෙන්වීම යටතේ දහතුන්  වෙනි සතිය ගැන මේ කාරණා දැනගන්න.

  • මේ වනවිට ඔබේ දරුවාගේ හිස, සිරුරට වඩා වේගයෙන් වර්ධනය වි අවසන්, නමුත් ඔහුගේ සිරුර දැන් වේගයෙන් වර්ධනය වෙනවා.
  • ඔහුගේ කකුල් දිගු වෙමින් පවතිනවා. නමුත් ඔහුගේ දෑත් ඔහුගේ සිරුරට සමානුපාතික වන ලෙස අල්ලා ගනු ඇත.
  • දැන් ඔහුට පුංචි ඇගිලි සලකුණු හා මනාව සකස් වුන සුන්දර ඇස් හා කන් යුගල තියෙනවා.
  • අතේ මහපට ඇගිල්ල කටේ දාගෙන උරන්න පටන් ගන්නා අයුරු අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකකදී ඔබ දකින්න සමහර විට පුළුවන් වේවි. තව මාස කිහිපයකින් එලඹෙන උපත සදහා අවශ්‍ය  පැවතීම සදහා අවශ්‍ය හැකියාවක් වන චලනය ඔබේ දරුවා විසින්  හදුනාගන්නවා. එවිට  මෙම චලන ප්‍රථම හා නොසිතු අත්දැකීම් වෙනවා.
  • ඔබේ දරුවාගේ අත්‍යාවශ්‍ය අවයව හා පද්ධති සකස් වෙලා සම්පුර්ණයෙන්ම ක්‍රියා කරනවා.
  • ඔබේ දරුවාගේ වෘෂණ හෝ ඩිම්බ කෝෂ සම්පුර්ණයෙන්ම වර්ධනය වී අවසන්.
  • ඔහුගේ සිරුරෙන් පිටත ලිංගික අවයව සකස් වෙමින් තියෙන අතර විධිමත් පරීක්ෂණයකින් තොරව ස්ත්‍රී පුරුෂ භාවය පිලිබඳ සීයට සීයක් විශ්වාසයෙන් කියන්න තවම කල් වේලා වැඩිය.
  • ඔබේ පුංචි පැටියාට එලියේ සිට ඔබ කියන දේවල් හොදින් ඇහෙනවා .ඒ නිසා නිතර ආදරණීය වදන් මුමුණන්න.
  • ඔහු හද ගැස්ම ශබ්දයෙන් යුත් අතර එය පැහැදිලියි.
  • ගර්භණී සමයේ සතියෙන් සතිය මගපෙන්වීම යටතේ මේ සතියේ සිත් ඇද ගන්නා තොරතුරු වන්නේ, ඔබ කුස තුල සිටින්නේ ගැහැණු දරුවෙක් නම් ඇයගේ ඩිම්බ කෝෂ වල මිලියන දෙකකට අධික ඩිම්බ පවතී. නමුත් එම ප්‍රමාණය උපතේදී ඉන් භාගයකට අඩුවේ. ඇය වයස දාහතක් වන විට එම ඩිම්බ ප්‍රමාණය සාමාන්‍යයෙන් ලක්ෂ හතක් දක්වා පහත වැටේ.

දහතුන් වෙනි සතියේ (pregnancy week 13) ගර්භණී ලක්ෂණ හා අපහසුතා

  • ඔබට පෙරට වඩා සුවදායක බවක් දැනෙනවා .ගර්භණී අපහසුතා වන වමනය, තෙහෙට්ටුව මේ වන විට බොහෝ දුරට අඩුවෙලා. ඒ වගේම ඔබට යලි අලුත් වුනු ශක්තියක හැගීමක් දැනෙන්න ඉඩ තියෙනවා. (එය ඇත්තෙන්ම මේ සතියේ සුභ පුවතයි.)
  • ඔබේ වර්ධනය වන දරුවාට ඉඩ සැලසීමට ඔබේ ගර්භාෂය විශාල වෙනවා. මේ නිසා අලුත් ජීවියාට ඉඩ සැලසීමට අනෙක් අභ්‍යන්තර අවයව ඉහල දෙසට තල්ලු වෙනවා. ඔබගේ ඉළඇට කූඩුව ප්‍රදේශයෙන් අපහසුතාවයක් දැනිය හැකි අතර එය කුස විශාල වීම සමග වර්ධනය වන බව කණගාටුවෙන් වුනත් කියන්න සිදුවෙනවා.

මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්

  • බොහෝ විට මුඛ සනීපාරක්ෂාව නොමැති විට ගර්භණී සමයේ මුඛ සෞඛ්‍ය ගැටළු පැන නගින්න පුළුවන්. නිතර දත් මදිමින් දන්ත කුහර ඇති වීමට ඉඩ නොතැබීමෙන් මේ තත්වය ඔබට මදක් අඩු කරගන්න පුළුවන්.

පිරික්සුම් ලැයිස්තුව

  • සාමාන්‍යයෙන් ආසියානු පවුල් දෙවැනි ත්‍රෛමාසික වෙනකම් ගර්භණිත්වය රහසක් සේ සගවා තබා ගන්නවා. එසේ නම් දැන් ඔබ එය ඔබේ මිතුරන් හා නෑදැයන් වෙත දැනුම් දීමට නිර්මාණශීලී ක්‍රමයක් හොයාගන්න වෙනවා.
  • මේ සතියේ වැදගත් මතක් කිරීම වන්නේ කලලයේ අසාමාන්‍යතා පරීක්ෂා කිරීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම් ඔස්කාර් පරීක්ෂණයට වේලාවක් වෙන් කර ගන්න.
  • මෙම පරීක්ෂණ කරන්න පුළුවන් සති දාහතරක් වෙන තුරු පමණයි.

මීට පෙර ලිපියෙන් ගර්භණී අවදිය දොලොස්වන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය දාහතරවන සතිය

 

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

theAsianparent