theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණී අවදිය නමවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

2 අවම කියවීම
ගර්භණී අවදිය නමවන සතිය: කළලයේ වර්ධනය සති සටහනගර්භණී අවදිය නමවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ගර්භණී අවදිය නමවන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී සති 9 වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භණී සති 9

ගර්භණී සති 9 වන විට පැටියා ලොකු මිදී ගෙඩියක ප්‍රමාණයක් ගනී.

මෙම සතිය තුළ කළලයේ වර්ධනය

  • දැන් මේ වන විට ඔබේ කුසතුල සිටින පැටියා කලලයක් නොවෙයි දරු ගැබක්. ඔව්, හුස්ම වැටෙන, ඔබේ කුස තුළ වර්ධනය වන ජීවී ප්‍රාණයක්. 
  • මේ අවධියේ දරුවාගේ මුහුණේ හැඩය සීග්‍රයෙන් තීව්ර වනවා. දැන් දරුවාට ඉස ගෙඩියාගේ හැඩය තුරන් වී චූටි බබෙකුගේ හැඩය දිස් වන්නට ගන්නවා.    
  • පැටියාගේ හිස, බෙල්ල දැන් සෘජු පෙනුමක් ගෙන ඇති අතර ඒවා ස්කෑන් පරීක්ෂණ වල දිස් වනවා. 
  • පැටියාගේ හෘද ස්පන්දනය  මේ වන විට ස්කෑන් යන්ත්‍රයට හසුවනා අතර හදවත  කුටීර හතරකට බෙදී තිබෙනවා.
  • හදවතේ රුධිර වාහිනී නිර්මාණය වන්නට පටන් ගන්නවා.
  • අක්මාව, ප්ලීහාව ඇතුළු අනෙකුත් අවයව වර්ධනය වන්නට පටන් ගන්නවා.
  • දරුවාගේ තනපුඩු හා රෝමකුප නිර්මාණය වන්නට පටන් ගන්නවා.
  • කොඳුඇටපෙළ කෙලවර වල්ගාකාර කොටස මේ වන විට සම්පුර්ණයෙන්ම ක්ෂයවී ගොස් ඇත.
  • ස්කෑන් පරීක්ෂණයක් අතරතුර බන්ඩිය ඇතුලේ පුංචි පැටියාගේ දඟ වැඩ දිස්වන්නට පුළුවන්.  නමුත් තවමත් පැටියාගේ චලනය අම්මාගේ ඇඟට දැනෙන්නේ නැහැ.

ගර්භණී සති 9 කාලයේ ඇතිවිය හැකි විශේෂ ලක්ෂණ හා අපහසුතා

  • ඉංග්‍රීසි බසින් ‘Morning sickness’ නැතහොත් උදෑසන අපහසුතාව කීවත් දවස පුරාම ඔක්කාර ගතිය හා විඩාව පවතින්නට පුළුවන්.  ඇතැම් වාසනාවන්ත මව්වරුන් කිහිපදෙනෙක්  කිසිඳු අපහසුතාවක් නැතිව ගැබිණි කාලයේ මුල් කාර්තුව නොහොත් මුල් මාස තුන ගෙවාගන්නවා. නමුත් කලබල වෙන්නඑපා! මෙම අපහසුතා පහසුවෙන් ජයගන්න පුළුවන්! 
  • දරුවාගේ වර්ධනයත් සමඟ මේ අවධියේ කෙඩෙත්තු ගතිය, විඩාපත් බව, කොන්දේ වේදනාව, අවධානය අඩු වීම, ආහාර අරුචිය, ඇතැම්විට ශරීරයේ බර අඩු වීම පවා අත්දකින්නට පුළුවන්.
  • මනසේ අස්ථාවර බව, ඉක්මනින් කේන්ති යාම ආදී මානසික වියවුල් බව වැඩි වන්නට පුළුවන් අවධියකි.

ගර්භණී සති 9 කාලය තුළ අවධානය යොමු කල යුතු දේ 

  • ඔබගේ සිරුරට අවශ්‍ය අතිරේක පෝෂණය ලබා දීමට ඔබේ වෛද්‍යවරයා අවශ්‍යතාව අනුව විටමින් වර්ග සහ අමතර පෝෂණ ඖෂධ වර්ග නියම කරන්නට පුළුවන්. ඉතින් මෙම සතියේ ඔබට දිය හැකි විශේෂ පණිවුඩයක් වන්නේ මුලික ආහාර වේල් තුන වෙනුවට පුංචි ආහාර වේල් කිහිපයක් ආහාරයට ගන්න කියයි. 
  • හැමෝම කියනවා වගේ, විජලනයෙන් වැළකෙන්නට නිතර ජලය පානය කිරීම ඉතාමත්ම වැදගත්. සෞක්‍ය සම්පන්න සුප් වර්ග, පාන වර්ග ගැනීමත් සුදුසුයි. 
  • දැඩි ඔක්කාරයට මුහුණ දෙන මව්වරුන් වෛද්‍ය උපදෙස් ගැනීම වඩාත් සුදුසුයි. විජලනය වුවහොත් සේ-ලයින් සැපයුම තුලින් සිරුරේ සජලව තබාගැනීම වැදගත් බැවිනි. 

පිරික්සුම් ලැයිස්තුව 

  • ඔබේ කුස වටා බද පිපුණු ස්වභාවයක් අත්දකින්නට පුළුවන්. මෙය සාමාන්‍ය තත්වයක්. ඉන වටා තද ඇඳුම් ඇඳීමෙන් වැළකිය යුතුයි. ලිහිල් ඇඳුම් වලින් සැරසීම යෝග්‍යයි.
  • ඔබ රැකියාවක් කරන මවක් නම් ඔබගේ කාර්යාලයේ මාතෘ නිවාඩු නීති ගැන සොයා බලා ඊට සුදානම් වීම කරන්නට මෙය සුදුසු කාලයයි.

 

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය දහවන සතිය

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භණී අවදිය නමවන සතිය: කළලයේ වර්ධනය සති සටහන
බෙදාගන්න :
  • ගර්භණී අවදිය තිස්නමවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය තිස්නමවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

  • ගර්භණී අවදිය තිස්නමවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය තිස්නමවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it