ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ගර්භණී අවදිය පස්වන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී සති 5 වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

තවමත්මේ බොහෝ කුඩා වුවත්,  වන විට පැටියාගේ ප්‍රමාණය මන බැලිය හැකි මට්ටමක පවතිනවා. පැටියාගේ ස්වරූපය ගර්භණී සති 5 අවධියේ බොහෝ විට සමාන වන්නේ ඉස්ගෙඩියෙකුටයි. 

ගර්භණී අවදිය පස්වන සතිය

ගර්භණී සති 5 වන විට පැටියා තල ඇටයක ප්‍රමාණයක් ගනී.

ගර්භණී අවදිය පස්වන සතිය තුළ කළලයේ වර්ධනය

  • මේ වන විට කලලයේ වර්ධනය වේගවත්ව සිදු වන්නට පටන් ගෙන ඇත. අක්මාව, වකුගඩු වැනි, පැටියාගේ මුලික අවයව වර්ධනය වන්නට පටන්ගෙන තිබේ.
  • රුධිරය පොම්ප කිරීමට සුදානමක් ලෙස, මේ අවධියේදී දරුවාගේ හෘදය කුථිර වලට බෙදෙන්නට පටන් ගනු ඇත. මෙය මව්පදවිය ලබන ඔබට සුන්දරතම පුවතකි.
  • දරුවාගේ බඩවැල් වර්ධනය වීමත් ඇරඹී ඇත. උණ්ඩුක පුච්ඡය නිවැරදිව ස්ථානගත වී ඇත.
  • දරුවාගේ ස්නායු පද්ධතිය නිර්මාණය වන්නට පටන් ගනී. දරුවාගේ මොළය, සුෂුම්නාව, කශේරුකාව හා කොඳුඇට පෙළ මේත් සමඟ වර්ධනය වන්නට පටන් ගනී. 
  • මේ අතර තවත් කුඩා නාල හතරක් දක්නට ලැබෙන අතර මේවා පසුකාලීනව පැටියාගේ අත් හා කකුල් ලෙස වර්ධනය වේ.

ගර්භණී සති 5 තුළ ඇති වන විශේෂ ලක්ෂණ 

පිටතින් වැඩි වෙනසක් දිස් නුණද, මෙම සතියේ ඔබගේ සිරුරේ විශේෂ වෙනස්කම් ගොඩයි. මේ ලිපියෙන් ඒ ගැන මනාව දැනුවත් වන්නට පිළිවෙන.

  • පියයුරු වල තද ගතියක් මෙන්ම යම් විශාල වීමක් ඇති වන අතර මෙම කාලයේදී උදේ වරුවේ අසනීප ලක්ෂණ (morning sickness) ඇති විය හැකි අතර තෙහෙට්ටුවද ඇතිවිය හැක.
  • මේ අතර ප්‍රසාරණය වන වකුගඩු නිසා ඇතිවන නිතර මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවද ටිකක් කරදරකාරී විය හැකිය.  

මේ කාලය තුළ අවධානය යොමු කල යුතු දේ 

පමණට වඩා කල්පනා කරන්නටවත් මනසින් වෙහෙසේන්නටවත් එපා! මේ ඔබ හොඳින් විවේක ගෙන මනසින් සතුටින් සිටිය යුතු කාලයයි. 

මේ සුභාරංචිය කිව නොකිව යුතු අය,කිව යුතු කාලය ආදිය ඔබේ සහකරු සමඟ කතාබහ කරගන්න.

පිරික්සුම් ලැයිස්තුව 

  • ඔබේත්, ඔබේ සහකරුගේත්,  කිට්ටු ඥාතින්ගේත් පසුගිය වෛද්‍ය වාර්තා ගොනු කරගන්න. ඔබ දෙදෙනාගේත්, පවුලේ සාමාජිකයින්ගේත්, නිදන්ගත රෝග හා දරුවට බලපෑ හැකි අනෙකුත් විස්තර දැනගන්නට ඔබේ වෛද්‍යවරයාට අවශ්‍ය වේවි.
  • ඔබේ රැකියාවත්, ජීවන රටාවත් ගැන විවරණයක් කරන්නටද මේ සුදුසුම කාලයයි.
  • ඔබේ දරුවාට බලපෑ හැකි පාරිසරික මෙන්ම මානසික හේතු වලට ආදිය ඔබ නිරාවරණය වේදැයි පරික්ෂාකාරී වන්න.

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය හයවන සතිය

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්රකාශිතයි.

පරිවර්තනයනිලුෆ පෙරේරා

Written by

Niloufer Perera