ගර්භණී අවදිය හත්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

lead image

ගර්භණී අවදිය හත්වන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී අවදිය හත්වන සතිය වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

මේ වන විට ඔබේ දරු ගැබ පසුගිය සතිය මෙන් දෙගුණ වී ඇත.  හත්වන සතිය වන විට පැටියාගේ ප්‍රමාණය තිත්බටු ගෙඩියක පමණ ප්‍රමාණයක් නැතහොත් ලංකාවේ පුංචි චෙරි ගෙඩියක ප්‍රමාණයක් ගනී. 

ගර්භණී අවදිය හත්වන සතිය

මේවන විට දරු ගැබ තිත්බටු ගෙඩියක ප්‍රමාණයකි.

මෙම සතිය තුළ කළලයේ වර්ධනය

  • මේ වන කළලය සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. විනාඩියකට සෛල එකසියයක වේගයෙන් මොළයේ සෛල  වර්ධනය සිදු වේ. 
  • කුසතුල දරුවාගේ මොලය මෙන්ම හදවත සංකීර්ණ ලෙස වර්ධනය වෙමින් පවතින අතර වකුගඩු යුගලද වර්ධනය වෙමින් පවතී.
  • මේ වන විට ඇටමිදුළු නිර්මාණය වී නොමැති බැවින් ඇටමිදුළු වලින් සිදුවන රුධිරපෙරණය සිදුවන්නේ අක්මාව මගිනි. 
  •  අත් පාද කෙමෙන් නිර්මාණය වෙමින් පවතී. මේ වන විට ඇඟිලි පැහැදිළි ලෙස බෙදී නැත. නමුත් බාහු හා සන්ධි නිර්මාණය වෙමින් පවතී.
  • දරුවාගේ දත් සහ තල්ල වර්ධනය ආරම්භ වී ඇත. 
  • දරුවාගේ කන් වර්ධනය වීම ඇරඹි ඇත.
  • රුධිරවාහිනී විනිවිද පෙනෙන තවරමට දරුවාගේ සම අතිශයින් තුනීය. 

මෙම කාලයේ ඇතිවිය හැකි මූලික ලක්ෂණ හා අපහසුතා 

  • මේ වන විට වර්ධනය වන කලලයට නවාතැන් දීම සඳහා ගර්භාෂය වඩාත් ප්‍රසාරණය වී ඇත. මෙහි ප්‍රතිපලයක් ලෙස ඔබට නිතර නිතරම මුත්‍රා පහ කිරීමට අවශ්‍ය වනු ඇත.
  • ඔබගේ මුහුණේ ස්වභාවය වෙනස් වනු ඇත. සමේ පැහැය කෙමෙන් දුර්වර්ණ වන්නට පිළිවෙන. ඇතැම් විට හෝමෝන වෙනස්කම් නිසා මුහුණේ වියළි වී කඩතොළු ඇති වන්නටර පිළිවෙන.
  • වැඩිපුර රුධිර සංසරණය වන හෙයින් නහර ඉදිමීම (Varicose veins) තත්වයක් ඇතිවිය හැක. 
  • තවදුරටත් ඔක්කාරය, කෑම අරුචිය ආදිය තිබිය හැක. 

මේ කාලය තුළ අවධානය යොමු කල යුතු දේ 

  • ෆෝලික්අ අම්ල පෙති තවමත් නොගන්නේ නම් හැකි ඉක්මනින් එම අම්ලය ගැනීම ආරම්භ අකල යුතුයි. සාමාන්‍යයෙන් දිනකට 400ml නිර්දේශ කෙරෙනවා.
  • වෛද්‍ය අනුමැතියකින් යුත් දිනපතා ව්‍යායාම මාලාවක් සකස් කරගෙන එට පිළිපදින්න.

පිරික්සුම් ලැයිස්තුව 

  • සිරුරට ලිහිල් ඇඳුමින් සැරසෙන්න. වඩාත් තද ඇඳුම් ඇඳීම සිරුරට යෝග්‍ය  නැත.
  • කුස තුළ දරුවාගේ වර්ධනය සටන් කරන්නට  ඡායාරූප සමරු පොතක් සකස් කිරීමට මේ සුදුසුම කාලයයි.

 

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය අටවන සතිය

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්රකාශිතයි.

පරිවර්තනයනිලුෆ පෙරේරා