ගර්භණී කාලය අතරතුරදී ගෙදර පිරිසිදු කරන්න හොඳද?

lead image

"මම අම්ම කෙනෙක් වෙන්නයි සුදානම් වෙන්නෙ. මම ගෙදර පිරිසිදු කරන වැඩ කළාට කමක් නැද්ද?" මෙම ලිපිය කියවා දැනගන්න.

ගර්භණී කාලය යනු කාන්තාවකට සුවිශේෂ වූ කාල පරිච්චේදයක්. ඔබත් අම්ම කෙනෙක් වෙන්න සුදානමින් ඉන්නවා නම් ඔබ කළ යුතු සහ නොකළ යුතු කරණා කිහිපයක් ගැන මතක් කරන්න හිතුවා.

ඔබ කුළුඳුලේම අම්ම කෙනෙක් වෙන්න යනවා නම් ඔබට අහන්න ප්‍රශ්න ගොඩක් ඇති. ඔබේ හිතේ තියෙන සැක සංකා දුරු කරන්න අපිට ඉඩදෙන්න. ඉතින් දැන් ඔබේ හිතේ තියෙන ප්‍රශ්න අහන්න.

1. ගර්භණී කාලය තුලදී පිරිසිදු කිරීම් වලට භාවිත කරන ද්‍රාවන සහිත නිෂ්පාදන පාවිච්චි කළාට කමක් නැද්ද?

ඒ වගේ නිෂ්පාදන පාවිච්චි කළාට වරදක් නැහැ. එත් අත් වැසුම් ඇඳගෙන, හොඳට වාතාශ්‍රය ලැබෙන තැනක ඉඳන් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම පුළුවන් තරම් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සැදු නිෂ්පාදන පාවිච්චි කරන්න පුළුවන් නම් ඉතාම හොඳයි.

 2. මම ගෙදර පේන්ට් කළාට කමක් නැද්ද?

හොඳම දේ තමයි එක වෙන කෙනෙකුට බාර දෙන එක. මොකද තීන්ත වල හුඟක් රසායනික ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. ඔබ එහෙම කරන්න ඉන්නවා නම් කොහොමත් පළවෙනි මාස තුන තුළ එය නොකළ යුතුයි.

ඒ වගේම තීන්ත ගාන කොට සම හොඳින් ආවරණය වන ඇඳුම් අඳින එක හරිම වැදගත්. ඒ වගේම හොඳින් වාතාශ්‍රය ලැබෙන විදිහට දොර ජනෙල් ඇරලා තීන්ත ගාන එක කරන්න.

එත් වැඩි වෙලා කාමරය තුළ රැඳෙන එක ඔබට හොඳ නැහැ. තීන්ත ගාන විට අමතක කරන්න එපා. ඒ වගේම තීන්ත ගැන අතර තුර පුංචි විරාමයක් ගන්නත් මතක තබා ගන්න.

ගර්භණී කාලය

 3. එයාර් ෆ්‍රෙෂ්නර් හා සුවඳ ඛාරක මේ කාලේදී පාවිච්චි කරන්න හොඳයි ද?

හොඳම දේය එයාර් ෆ්‍රෙෂ්නර් පාවිච්චි නොකර හිඳිමයි. විවිධ සුවඳ ඛාරක වලත් බොහෝ විට තියෙන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය නොවෙයි.

ඒවා ඔබේ කුස තුළ වැඩෙන දරුවාට අහිතකර වෙන්න පුළුවන්. පර්යේෂණ වලට අනුව දරුවා ලැබෙන්න ඉන්න කාලේ අම්මා එයාර් ෆ්‍රෙෂ්නර්  පාවිච්චි කළොත් ඉන් දරුවාට හතිය වැනි ලෙඩ රෝග හැදෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා.

ඔබට එවැනි සුවඳ ඛාරක හෝ  එයාර් ෆ්‍රෙෂ්නර්  පාවිච්චි කරන්න ඕනෙම නම් ජනෙල් හොඳින්  විවෘත කරලා, අත් වැසුම් ඇඳගෙන පාවිච්චි කරන්න පුළුවන්.

 4. සුවඳ ගලවන ලද තෙල් වර්ග හොඳයි ද?

මේ ප්‍රශ්නයටත් ඉස්සෙල්ල ප්‍රශ්නයට දීපු උත්තරයට සමාන උත්තරයක් තමයි දෙන්න පුළුවන්. ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හැදු තෙල් නම් ලොකු හානියක් නැහැ.

එත් ගර්භණී කාලයේ පාවිච්චි කළ යුතු තෙල් මොනවාදැයි වෛද්‍යවරයෙක්ගෙන් අහලම පාවිච්චි කිරීම තමයි හොඳ. නැතිනම් එය සුදුසු නැහැ.

 5. ගෙදර සුරතලාගේ අපද්‍රව්‍ය කුණු අස් කළාට කමක් නැද්ද?

මේක නම් ඔබ නොකළ යුතුම දෙයක්. මේ නිසා ඔබට විවිධ විෂබීජ වලට ගොදුරු වෙන්න පුළුවන්. විශේෂයෙන් පුසන්ගේ ඇඟේ ඉන්න සමහර විෂබීජ ඔබේ පැටියට හානිකර ප්‍රතිඵල ගෙන දෙන්න පුළුවන්.

ඔබට මෙය නොකර බැරිනම් පමණක් නැවතත් අත්වැසුම් පාවිච්චිය හා පසුව අත් ඉතාම හොඳින් පිරිසිදු කිරීම හරිම වැදගත්.

 6. ගර්භණී කාලය තුළ පරිගණකය පාවිච්චි කලට කමක් නැද්ද?

තවමත් පර්යේෂණ මගින් මේ බව සනාථ කරලා නැහැ. කෙසේ වෙතත් පරිගණකය භාවිත කරන අතරතුර නිතර පුංචි විවේකයක් ගන්න. ඔබේ පිට කොන්ද නිවැරදි ඉරියව්වෙන් තියාගන්නත්, කකුල් පහසුවෙන් තියාගන්නත් වගබලාගන්න වෙනවා. ඒ වගේම විටෙන් විට පරිසරය හා ගැටෙන හොඳ වාතාශ්‍රයක් ලැබෙන වටපිටවකට ගිහින් නැවත එන්න. මෙය කඩින් කඩ කරමින් විවේකය එක්ක වැඩ කරන්න.

 අපි නොහිතන දේවල් නිසා ගර්භනී කාලය තුල අපේ කුස තුළ වැඩෙන පුංචි පැටියා අනතුරට ලක් වෙන්න පුළුවන්. හැමදේම කරන්නේ නිරෝගී ලස්සන දරුවෙක් බිහි කරගන්නනෙ.ඒ නිසා මේ අදහස් ඔබට හුඟක් වටිනා බව අපි දන්නවා.

theAsianparent Sri Lanka එක්ක රැඳුනොත් අපිත් තවත් හුඟක් දේවල් අම්මලාට කියලා දෙන්නම්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

Written by

theAsianparent

app info
get app banner