ගර්භණී මව්වරුන් බය නොවිය යුතු කාරණා

lead image

ගර්භණී මව්වරුන්  බය නොවිය යුතු කාරණා ලැයිස්තුවක් අපි සකස් කලා. වැඩි විස්තර දැනගන්න කියවන්න.

ඕනෑම ගර්භණී මවකට  තම ගර්භනී කාලය ගැන  භීතියට පත්වීම සාමාන්‍ය  දෙයක් වෙනවා. කෙසේ වෙතත්, ගර්භනී කාලයේදී හැම පුංචි  දෙයක් ගැනම දුක් විය යුතු  යුතු නැහැ . ගර්භණී මව්වරුන්  බය නොවිය යුතු කාරණා ලැයිස්තුව මෙන්න,

1. ගබ්සාවීම

කිසිම මවක් ගර්භණී සමයේදී ගබ්සා වීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙය මව්වරුන් අතර තියෙන  බහුල බයක් වේ.

නමුත් යථාර්ථය වන්නේ ගර්භණීවීම් විශාල  සංඛ්‍යාවක් අවසන් වන්නේ  නිරෝගී  දරු උපතකිනි.

ගැබ් ගැනීම්වලින්  ගබ්සාවීම 20% කටත් වඩා අඩු වශයෙන් සිදු වන අතර, එය ඔබට සිදුවීමට ඇති ඉඩ කඩ බොහෝ සෙයින් අඩු වේ.

එපමණක්ද නොව, බොහෝ ගබ්සාවීම සිදු වන්නේ පළමු ගර්භනී සතිවලදීය. සමහර මව්වරුන්  ඔවුන් ගැබ්ගත් බව හෝ ගබ්සාවීම සිදු වු බව දන්නේ නැහැ.

ඔබේ දරුවාගේ හදවතේ රිද්මය  හදුනා ගැනිමෙන්  පසු  ගබ්සාවීම සදහා වු අවස්ථා 5% තරම් ඉතා පහත් මට්ටමකට  වැටේ. ඒ නිසා ඇත්තටම කණගාටු  වෙන්න දෙයක් නැහැ.

2. උදෑසන වමනය 

සමහර මවුවරුන් උදෑසන වමනය  ඔවුන්ගේ  ආහාර අනුභව කිරීම අඩු කර ඔවුන්ගේ දරුවාගේ වර්ධනය සඳහා ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ ලබා දීමට ඔවුන්ට නොහැකි වනු ඇතැයි බයවෙනවා.

යථාර්ථය නම්  ඔබ ගන්නා ආහාර වලින් අවශ්‍ය පෝෂණය අවශෝෂණය කර ගැනීමට  ළදරුවන් ඉතා කාර්යක්ෂම වේ. එබැවින් ඔබට තදින් උදෑසන වමනය ඇති විට ,ඔබ  ආහාරයට  ගන්නේ බිස්කට්  එකක් පමණක්   වුවද, ඔබේ දරුවාගේ සෞඛ්‍ය ගැන කණගාටු වන්න එපා.

3. වැරදි දේ ආහාරයට ගනීද

ආහාර ගැන කථා කරන විට, තම දරුවාට හානිකර දෙයක් ආහාරයට ගනිවි යැයි  බොහෝ මව්වරුන්  ගොඩක් බය වෙනවා.

විශේෂයෙන් ම බොහෝ මව්වරුන් තම දරුවාට වර්ධනය සිදුවීමට විටමින් හා අතිරේක පෝෂක විශාල  වශයෙන් ලබා  ගැනීමට සිදුවීමෙන් පීඩනයට පත්වීමෙන්    මෙය  සත්‍ය  වෙනවා.

කෙසේ වෙතත්, යථාර්ථය නම්, ඔබේ දරුවා නිරෝගී වීමට සුදුසු ආහාර හා පෝෂණ අතිරේක මොනවාදැයි ඔබේ වෛද්‍යවරයා ගෙන් විමසන්න. ඔබේ වෛද්‍යවරයා ආහාරයට ගැනීම සුදුසු බව පවසනවා  නම් සෑම කුඩා දෙයක් ගැනම කනස්සල්ලෙන් හා ශෝකයට  පත් නොවන්න.

4. අධික ලෙස ආතතියට  පත්වීම 

ගර්භනී කාලයේ දී මානසික ආතතිය ඔබට යහපතක් නොවේ. ඉන් වඩා  පීඩනයට  පත්වීම   වඩාත් නරක ය.

ඔබේ ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසා ඔබේ ගර්භනී කාලයේදී වෙහෙස දැනීම  සාමාන්‍ය  දෙයක් වේ. කෙසේවෙතත්, අධ්‍යනයන් මගින් පෙන්වා දී ඇත්තේ මෙම ආතතිය ඔබේ දරුවාගේ සමස්ත සෞඛ්‍ය මත අවම බලපෑමක් ඇති කරන බවයි.

ඔබ කනස්සල්ලට පත්විය යුතු එකම දෙය වන්නේ දැවෙන  පීඩනයයි. සාමාන්‍ය  ආතතිය පහසුවෙන් පාලනය කළ හැකිය.

5. දරුවා දෝෂ සහිතව ඉපදීම

බොහෝ මව්වරුන් තම දරුවා දෝෂ සහිතව උපදී වි යැයි   බිය වෙනවා. කෙසේ වෙතත්, ඔබේ දරුවාට උපතින්ම දෝෂ ඇතිවීමේ අවස්ථා  4% ක් පමණයි. ඒ නිසා ඒ ගැන කරදර විය යුතු නැත.

6. නොමේරූ දරු උපත් සිදුවේවිද

නොමේරූ දරු උපත් සිදුවීමේ සම්භාවිතාවය  13% ක් පමණ වේ. කෙසේ වෙතත්, බොහෝ නොමේරූ දරු උපත් ගැබ් ගැනීමෙන් සති 34-36 අතරතුරදී සිදු වන අතර එය තවමත් නොමේරූ දරු උපත් වේ. නමුත් මේ අවධියේදී උපදින ළදරුවන්ගේ ජීවිතය ආරක්ෂා වීම  ඉතා ඉහළ මට්ටමක පවතී.

ඉතින් නොමේරූ දරු උපත් සිදුවීම ගැන කනස්සල්ලට පත්විය යුතු නැහැ .

7. ප්‍රසුතියෙන් පසු බර අඩු  කර ගැනීමට නොහැකි වීම

දරු උපතෙන් පසු ඔබේ බර  අඩු කර ගැනීමට අපහසු නමුත් එය කනස්සල්ලට පත්විය යුතු දෙයක් නොවේ.

සෞඛ්‍ය  සම්පන්න ආහාරයක් ගැනීම හා ඔබේ ගර්භණී කාලය තුළ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමෙන් ඔබට දරු උපත ලැබීමෙන් පසු බර අඩු කර ගැනීමට  උපකාරී වේ.

8. ගර්භණී සංකූලතා

ගර්භණී සමයේ ඇතිවෙන අධික රුධිර පීඩනය හෝ දියවැඩියාව වැනි සංකූලතා  ඇති විය හැකි නමුත්, ඒ සදහා  අවස්ථාව  5-8% අතර වේ.

එය වයස අවුරුදු 18 ට අඩු හෝ 35 ට වඩා වැඩි අයට  වැලදෙන  අතර, බොහෝ ගර්භණී කාන්තාවන් මේ ආකාරයේ සංකූලතා ගැන කනස්සලු නොවිය යුතුය.

9. දරු උපතින් පසු ලිංගික ජීවිතය වෙනස්  වේවි

ඔබේ සැමියා සමඟ පෙර සේම හැසිරීම සඳහා යම් කාලයක් ගත විය හැකිය. නමුත් ලිංගික ජීවිතය   දරු ප්‍රසූතියට පවා වෙනස් කල නොහැක්කකි.  ටිකක් ගතවෙන්න දෙන්න.  ඔබේ ශරීරය ඉක්මනින් යථා තත්ත්වයට පත් වනු ඇත.

10. ප්‍රසුතිය වේදනාකාරී වේවි

සැහැල්ලුවෙන් සිටින්න. නිහඬව සිටින්න, ඔබේ ප්‍රසුතිය තුළදී, ඔබේ වෛද්‍යවරුන් ඔබට එය පහසු කිරීම  සඳහා කළ හැකි සෑම දෙයක්ම කරනු ඇත. වේදනාව සමනයට බොහෝ  විකල්ප  තිබේ. දරු ප්‍රසුතිය සදහා  බය වෙන්න එපා.

ඇත්ත වශයෙන්ම, ඔබ ඔබේ දරුවා මාස 9 ක් කුස තුල දරාගෙන  සිටියා. දරුවාගේ උපත ප්‍රීතියකි.

ගර්භණී මව්වරුන්  බය නොවිය යුතු කාරණා ආදරයෙන් ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී