theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණී අවදිය දහවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

2 අවම කියවීම
ගර්භණී අවදිය දහවන සතිය: කළලයේ වර්ධනය සති සටහනගර්භණී අවදිය දහවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ගර්භණී අවදිය දහවන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී සති 10 වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භණී සති 10

ගර්භණී සති 10 වන විට පැටියා ලොකු රට ඉඳි ගෙඩියක ප්‍රමාණයක් ගනී.

මෙම සතිය තුළ දරු ගැබේ වර්ධනය

  • දරුවාගේ මොළය මේ අවධියේ ඉතා සීග්‍රයෙන් වර්ධනය වන්නේ විනාඩියකට නියුරෝන 250,000ක් පමණ නිපදවමින්.
  • වකුගඩු, බඩවැල්, අක්මාව, මොලය ඇතුළු දරුවාගේ මුලික ඉන්ද්‍රියයන් මේ වන විට ක්‍රියාකාරී වන්නට පටන් ගන්නවා. 
  • දැන් පැටියාගේ අත්පා වල ඇඟිලි පැහැදිලිව බෙදී නියපොතු වැවෙන්නට පටන් අරන් තිබෙනවා. 
  • දරුවාගේ අස්ථි වාඩාත් ශක්තිමත් වන්නට පටන් ගන්නවා.
  • දන්ත අංකුර ඇති වන්නට පටන් ගන්නවා.
  • පිරිමි දරුවෙකු නම් ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ශ්‍රාවය වන්නට පටන් ගෙන තිබෙනවා.

මෙම කාලයේ ඇතිවිය හැකි විශේෂ ලක්ෂණ හා අපහසුතා

  • ඔක්කාර ගතිය තව දුරටත් පවතිනු ඇත.
  • කුස තුල තෙරපීම නිසා බද දැවිල්ල පමණක් නොව ගෑස් ගතිය වැඩි වීම නිසා වාතය පිට වීමද වැඩි වශයෙන් සිදු වේවි.  

ගර්භණී සති 10 කාලය තුළ අවධානය යොමු කල යුතු දේ 

  • ඔක්කාර ගතිය පාලනය කිරීමට විවිධ ආහාර වර්ග අත්හදා බලන්න. බොහෝ මව්වරුනට බිස්කට් ක්‍රැකර් සහ ඉඟුරු සහිත තේ ගැනීමෙන් මෙම තත්වය මදක් පාලනය වනවා.
  • දැඩි ඔක්කාර ගතියක් හෝ අසනීප ගතියක් දැනේනම් වෛද්‍ය උපදෙස් මත B6, B12  ආදී විටමින් වර්ග ලබාගත හැකියි. 
  • අමුවෙන් ගන්නා ආහාර, බාගෙට පිසගත් ආහාර, බාගෙට පිසගත් මස් මාංශ වර්ග, බිත්තර ආදිය මෙම කාලයේ ආහාරයට නොගැනීම වඩාත් නුවනට හුරුයි.
  • හැකි තරම් බද නරක් විය හැකි ආහාර  වලින් වැළකිය යුත්තේ බද නරක් වීම විජලනය ඇති කරන අතර ගර්භාශයද සකොචනයට හා ඇදීමට ලක්විය හැකි නිසයි.
  • යම් හෙයකින් රුධිර පැල්ලමක් හෝ යම් ආකාරයක ශ්‍රාවයක් අත් දැක්කොත් වහාම වෛද්‍ය සහය පැතිය යුතුයි. 
  • බර එසවීමෙන් වැළකිය යුතුයි. බදු භාණ්ඩ එසවීමට තවත් කෙනෙකුගේ උපකාර පතන්න.

පිරික්සුම් ලැයිස්තුව 

  • හැකි තරම් පෝෂ්‍යදායි ආහාර කෑමට ගන්න. නිවිති වැනි යකඩ අඩංගු ආහාර, පලතුරු වැනි කෙඳි සහිත ආහාර, චාල්සියම් සිත කිරි ආදිය ආහාරයට ගැනීමෙන් ඔබෙත් දරුවාගේත් මනා සෞක්‍යයට ඔබ කැප වනවා.
  • කෙටි දුරවල් වල ඇවිදීමේ නිරත වන්න. එය ශරීරයට හොඳම ව්‍යායාමයක් පමණක් නොව, සිස්ල් සුළඟ සමඟ ඉර එළිය හා ස්වභාව ධර්මයෙන් නිරන්තයෙන් ලැබෙන සෞන්දර්යයෙන් හිතටද, මනසටද හොඳ ව්‍යායාමයක් වනු ඇත.
  • ඉඳ හිට රූපලාවන්යාගාරයකට ගොස් හිස, දෙපතුල් ආදිය සම්බාහනය කරගන්න. මෙවැනි වෙනසක් සහිත ඔබටම වෙන් කල ඔබට සතුට ගෙන දෙන කාලයක් ඔබම ඔබට ලබාදෙන්න.

 

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය එකොලොස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භණී අවදිය දහවන සතිය: කළලයේ වර්ධනය සති සටහන
බෙදාගන්න :
  • ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

  • ගර්භණී අවදිය එකොලොස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය එකොලොස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

  • ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

  • ගර්භණී අවදිය එකොලොස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය එකොලොස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it