ගර්භණී අවදිය එකොලොස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

lead image

ගර්භණී අවදිය එකොලොස්වන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී සති 11 වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භණී සති 11

ගර්භණී සති 11  වන විට පැටියා ලයිචි ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා.

ගර්භණී අවදිය එකොලොස්වන සතිය තුළ දරු ගැබේ වර්ධනය

  • මේ වනවිට පැටියාගේ විදුරුමස් ඇතුලත කුඩා දත් අංකුර හටගන්නවා.
  • දරුවාගේ දෙකන් හටගන්නා අතර දරුවාට හිස දෙපසට හරවන්නට දැන් හැකියාව තියෙනවා.
  • දුවාගේ අත්පා බාහු දැන් චලනය කරන්නට පුළුවන්, ඒත් තවම පැටියාගේ පයින් ගැසීම ඔබට ඇඟට දැනෙන්නේ නැහැ.
  • දරුවා මේ වන විට අම්නියෝන තරලයේ කුඩා ප්‍රමාණයක් ආශ්වාස ප්‍රශ්වාස කරනවා. මෙය දරුවාගේ පෙනහළු වර්ධනයට දායක වනවා. 
  • දරුවාගේ ශරීරයට සාපේක්ෂව හිස විශාල ස්වභාවයක් පෙන්වනවා.  නමුත් දරුවාගේ වර්ධනයත් සමඟ මෙය හෙමිහිට සාමාන්‍ය ප්‍රමාණයට සැකසෙනවා.
  • සති 11 සිට 20 දක්වා කාලය ගර්භනී අවදියේ මධ්‍යස්ත කාලයයි.
  • මේ කාලය තුලදී දරුවා උසින් තුන් ගුණයක්ද බරින් තිස් ගුණයක්ද වර්ධනය වනවා.

මෙම කාලයේ ඇතිවිය හැකි විශේෂ ලක්ෂණ හා අපහසුතා

  •  ඔක්කාරය සහ ඇඟට අසනීප ස්වභාවය දැන් කෙමෙන් තුරන් වන්නට පටන්ගන්නවා.
  • තවමත් හිසේරුදාව, කේන්ති යන සුළු ගතිය, තෙහෙට්ටුව දැනෙන්නට හැකි වුවත් ගැබිණි අවදියේ දෙවන කාර්තුවට ලඟා වන හෙයින් මේ සියල්ල ඉක්මනින්ම පහව යාවි. 
  • ඇතැම් මව්වරුන් පියයුරු වල බර බවක් මෙන්ම තනපුඩු වල කළු පැහැයක් අත්දකින්නට පුළුවන්. මෙය ඉතාම සාමාන්‍ය තත්වයක්. පැටියාට මව්කිරි දීමට මේ ඔබේ සිරුර සූදානම් වන ආකාරයයි.

ගර්භණී සති 11 කාලය තුළ අවධානය යොමු කල යුතු දේ 

  • වෛද්‍ය උපදෙස් අනුව ඔබට විශේෂ සෞඛ්‍ය අපහසුතා නැතිනම්, බර වැඩ කිරීම ආදී ඇතැම් ක්‍රියා වල නිරත් වීම නුසුදුසු වුවත් ඔබ හැකිතරම් සාමාන්‍ය ලෙස හා ක්‍රියාශීලි ලෙස  දවස ගත කිරීම වැදගත්.  දවසේ කටයුතු වලට ඔබගේ සහකරු සම්බන්ධ කරගැනීමට මිට වඩා සුදුසු කාලයක් තවත් නැහැ. (මේ ඔබට මේ ලිපි පෙලින් ලැබුණු හොඳම ආරංචිය වෙන්නට ඇති නේද?)
  • ඇතැම් මව්වරුන්ට මෙම කාර්තුව සිතු තරම්  ප්‍රසන්න නැති වන්නට පුළුවන්. ඒත් බලාපොරොත්තු සුන් කරගන්නට එපා. ඔබ වෙනුවෙන් ඔබටම සාත්තුවක් කරගන්නට කාලය වෙන්කරගන්න. රුපලවන්‍යාගාරයේ ඇත පා සම්භාහනයක්, හිස සම්භාහනය නැතිනම් අළුත් කොණ්ඩා මෝස්තරයකින් වුවද ඔබට නව ප්‍රබෝධමත් ගතිය ඇති කරගන්නට පුළුවන්.
  • ගැබිණි අවදියේ ඔබට කල හැකි දේවල් කිහිපයක් තිබෙනවා. හිස, දෑත් දෙපා සම්භාහන, කොණ්ඩා පාට කිරීම, අහි බැම ගැලවීම වැනි දේ කලාට  හැකි සෑම විටම රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් මිදීම තමා වඩාත්ම සුදුසු වන්නේ.

පිරික්සුම් ලැයිස්තුව 

  • සාමාන්‍යයෙන් සති 11ත් 14ත් අතර කාලයේ සිදු කෙරෙන ඔස්කාර් පරීක්ෂණය (OSCAR Test – One-Stop Clinic for Assessment of Risk)  මේ අවදියේ සිදුකරගත යුතුයි. මෙමගින් කලලයේ අසාමාන්‍යතා හඳුනාගෙන ඩවුන් සින්ඩ්‍රෝමය වැනි තත්ත්ව කල්තියා හඳුනාගනෙනවා.
  • මෙම පරීක්ෂණ පිළිබඳව ඔබේ ප්‍රසව හා නාරී විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගන්න.

 

මීට පෙර ලිපියෙන් ගර්භණී අවදිය දහවන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය දොළොස්වන සතිය

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්රකාශිතයි.

පරිවර්තනයනිලුෆ පෙරේරා

 

Written by

theAsianparent