ගර්භණී අවදිය දොලොස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ගර්භණී අවදිය දොලොස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ගර්භණී අවදිය දොළොස්වන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී සති 12 වන විට ඔබේ දරුවාට පුදුමාකාර දේවල් ගොඩාක් කරන්න දැන් පුළුවන්. සමහර දරුවන්ට ඔහුගේ අත් පා වල පුංචි ඇගිලි ගුලි කරගන්න පුළුවන්.

අම්මා, එතකොට ඔබට දැනෙන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම ඔබට ඔබේ පුංචි කුස ලොකු වෙනවා දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට ගර්භණිත්වයට සරිලන ඇදුම් මිල දී ගන්න කාලය එළඹිලා නේද?

ගර්භණී සති 12 වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භණී සති 12

දොලොස්වන සතිය වන විට පැටියා රඹුටන් ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා.

පළමු ත්‍රෛමාසිකයේ අවසන් සතියට ඔබව ආදරයෙන් පිලිගන්නවා.

සති දොලහෙන් පසු ගබ්සා වීමේ අවදානම මදින් මද අඩුවෙන බව දැනගැනීම ඔබට සතුටක් වේවී.

විනෝදයෙන් ඉන්න. ඒ වගේම ඔබ නිවුන් දරුවන් බලාපොරොත්තු වේ නම් පුංචි කුසක් නෙරා ඇවිත් තියෙන්න පුළුවන්.

ගර්භණී සති 12 තුළ දරු ගැබේ වර්ධනය

  • ඔබේ දරුවා ඔහුගේ අවයව හා මාංශපේෂින් වල වේගවත් වර්ධනයකට සුදානම් වෙනවා.
  • සති දොළහක් වෙන විට ප්‍රතික්‍රියා දැක්වීම සංවර්ධනය වෙන්න පටන් ගන්නවා .ඔහුට පුංචි අත් පා සොලවන්න පුළුවන්. ඔබගේ අල්ට්‍රා සවුන්ඩ්ස් ස්කෑන් පරීක්ෂණයේදී ඔහු අත වනනවා වගේ පේන්න පුළුවන්.
  • ඔහුට දැන් ඔහුගේ අත් පා වල පුංචි ඇගිලි ගුලි කරගන්න පුළුවන්. ඒ වගේ ඔහුගේ පුංචි දෑත් ලංකරන්න ඈත් කරන්නත් පුළුවන්.
  • ඔහුගේ රසාංකුර වේගයෙන් පරිණතභාවයට පත්වෙනවා.
  • ඔහුගේ අත් පා වල නියපොතු සකස් වීම ආරම්භ වෙනවා.

දොලොස්වන සතියේ ගර්භණී ලක්ෂණ හා අපහසුතා

  • හෝර්මෝන නිසා ඔබේ සම ඇදුනු, ඉරි තැලුනු ස්වභාවයට පත් වී ඔබට බියක් දැනෙන්න පුළුවන්. එහෙත් බයවෙන්න එපා. කැලමයින් වගේ ආලේපනයක් භාවිතයෙන් ඒ තත්වය මග හැර ගන්න පුළුවන්.
  • තත්වය බරපතල නම් ඔබගේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා ගෙන් උපදෙස් ලබාගන්න.
  • ගර්භණිත්වයේදී හෝමෝන නිසා තාවකාලිකව ඇති වෙන දුඹුරු පැහැ පැල්ලම් වැනි තත්වයක් ඔබේ මුහුණෙන් පෙනෙන්න පටන් ගනිවි.
  • ඔබේ උදරයේ මාංශපේෂින් වල ක්‍රියාකාරිත්වය අඩුවෙන අතර ඒ හේතුවෙන් මළපහ කිරීමේ අපහසුතාවයන්, මෙන්ම වෙනදාට වඩා වායුන් පිටවීමක් සිදු කරනවා. දියර වැඩියෙන් පානය කරන්න. පළතුරු වැඩියෙන් කන්න ඒ මගින් මළපහ පිට කිරීම පහසුකර කරදරකාරී මළබද්ධයෙන් ආරක්ෂා වන්න.
  • ඔබේ කුස ඉදිරියට නෙරා එන නිසා ඔබේ කුස ඇදෙන ගතියක් ඔබට දැනෙන්න පුළුවන්.
  • ඒ වගේම සමහර ඇදුම් ඉනෙන් හිර ගතියක් දැනෙන්න පුළුවන්.  සුවපහසු ඇදුම් වලට මාරු වී සැහැල්ලුවක් අත් විදින්න.
  • ගර්භණී සමයේ සතියෙන් සතිය මගපෙන්වීම යටතේ ලබා දෙන සුභ ආරංචිය වන්නේ ඔබ දීප්තිමත් වෙන්න පටන් අරන්. ඒක සතුටට කරුණක්.

මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්

  • ආහාර අරුචිය, වමනය නොමැති වාසනාවන්ත අයගෙන් ඔබත් කෙනෙක් නම් ඇත්ත වශයෙන්ම ඔබ වාසනාවන්තයි.
  • මේ සතියේදී ගර්භණී සමයේ සතියෙන් සතිය මගපෙන්වීම තුලින් පළමු ත්‍රෛමාසික තුල බර වැඩිවීම සෙමින් හා ස්ථීරව සිදුවන බව දැනුවත් කරනවා.
  • නමුත් මේ කාලය තුල වැඩියෙන් ආහාර ලබා ගන්නේ නම් ඔබේ ප්‍රසව හා නාරී විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශිත බර වැඩිවීම පමණක් ලබාගන්න ප්‍රවේශම් වන්න.
  • ඔබගේ ආහාර රුචිය නැතිවේ නම් නිතර මහන්සිය දැනේ නම් බර අඩු වීම හෝ අඩු ප්‍රමාණයකින් බර වැඩිවීම සාමාන්‍යයි.
  • පළමු ත්‍රෛමාසිකය අවසානය වන විට මේ සියලු අපහසුකම් පහ වී ඔබ ඔබේ ගර්භණිත්වයේ මධු සමයට ලගා වෙනු ඇත.
  • ඔබගේ ගර්භාෂය විශාල වෙන නිසා කැස්ස, හාන්සි වී සිට නැගිටින විට වැනි ඔබගේ හදිසි චලන වලදී මෘදු මස්පිඩු පෙරලීම් ඔබට නිතර අත්විදීමට සිදුවෙන්න පුළුවන්.
  • මස්පිඩු පෙරලීම සාමාන්‍ය නමුත් එය දැඩි අපහසුතාවයක් ලබා දෙන තරම් බරපතල හා දිගු නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න .

පිරික්සුම් ලැයිස්තුව

  • මේ වන විට ඔබේ පියයුරු ප්‍රමාණයෙන් විසල් වෙන්න පටන් අරන්.  ඒ නිසා සුවපහසු, පියයුරු වලට හොද සහයෝගයක් සපයන හා ඒවාට ගැලපෙන යට ඇදුම් (බ්‍රා) මිලදී ගැනීම සුදුසුයි.  ඉදිරි මාස කිහිපය සදහා මිලදී ගැනීමට මේ කාලයයි. (මදක් ප්‍රමාණයෙන් වැඩිවෙන තෙක් )
  • ඔබ ජීන්ස්, කලිසම්, ෂෝර්ට් අදින්නේ නම් ඔබගේ වර්ධනය වන කුසට ඉඩ පහසුකම් සැලසිය හැකි ගර්භණීත්වයට සුදුසු ඇදුම් වලට මාරු වීමට මේ කාලය සුදුසුයි.  ඒවා ඔබගේ චලන සදහා විශේෂයෙන්  හිදගැනීමේදී උකුල හා කලව සදහා සුවපහසුව සලසන බවට සහතික වන්න.
  • ඔබ ගර්භණී කාලයේ රැක බලා ගන්නියකගේ සේවය ලබාගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සදහා සේවා ලබා දෙන ආයතනයක  සේවය ලබා ගන්න.

මීට පෙර ලිපියෙන් ගර්භණී අවදිය එකොලොස්වන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය දහතුන්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

 

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය : නදීශා ලක්මිණි