ගර්භණී අවදිය විසිඅටවන සතිය: කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය විසිඅටවන සතිය: කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය විසිඅටවන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී සති 28 (pregnancy week 28): චීන ගෝවා ගෙඩියක් තරම් වු ඔබේ දරුවා අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකේදී හොදට පේනවා. ඔබ, අම්මේ, තව මාස කීපයක් යන විට ඔබේ කුස තුල ඉන්න මේ පුංචි පැටියා ඔබ තුරුල් කරගෙන ඉදිවි.

ගර්භණී අවදිය විසිඅටවන සතිය වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

pregnancy week 28

ගර්භණී සති 28 (pregnancy week 28) වන විට පැටියා ලොකු චීන ගෝවා ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා.

ගර්භණී සති 28 (pregnancy week 28) තුළ ඔබේ දරුගැබේ වර්ධනය
  • එක දිගට වැටෙන දීප්තිමත් ආලෝකයක් පිටතින් දුටුවහොත් ඔබේ දරුවාට ගර්භාෂය තුළදී ඒ දෙසට හිස හරවන්න
    පුළුවන්.
  • ඔහුට හොදින් ඇස් පියන් ඇරීම හා වැසීම කරන්න පුළුවන්.
  • ඔහුගේ අස්ථි තවමත් මෘදු වුවත් ඒවා බොහෝ දුරට වර්ධනය වී ඇත. ඔවුන් ඉපදුන පසු ඒවා දෘඩ වෙනවා .ඒ නිසා ඒ
    ගැන කණගාටු වෙන්න එපා.
  • අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකේදී ඔබේ දරුවා පිරිපුන්ව ඔබට දකින්න පුළුවන් .ඒ මේද ස්ථර තැම්පත් වන නිසායි.
  • ඔහු දැන් උපත ලැබුවහොත් ඔහුගේ පෙනහළු ශ්වසනය ආරම්භ කිරිමට තරම් පරිණත වී අවසන්.
විසිඅටවන වෙනි සතියේ (pregnancy week 28) ගර්භණී ලක්ෂණ හා අපහසුතා
  • ඔබේ ඔක්කාර ගතිය පහව ගිහින්.
  • ඔබගේ ගර්භාෂයේ ඉහළ කොටස ඔබේ පෙකණියට ඉහළින් දැන් ඔබට දැනෙනවා.
  • ඔබේ ගර්භණී රෝග ලක්ෂණ නැවත වෙනස් වෙන්න පටන් අරන් බොහෝ කාන්තාවන් මෙම අවස්ථාවේදී කකුලේ
    මස්පිඩු පෙරලීම හා අර්ශස් වලට ගොදුරු වීමට පටන් ගන්නවා.
  • ඔබේ පුංචි පැටියා ලොකු පා පහරවල් එල්ල කරන්න තරම් දැන් ලොකු නිසා ඔබට සුව නින්දක් නම් නොලැබේවි.
  • ඔබේ ගර්භාෂය මහ බඩවැල මත පීඩනයක් ඇති කරන නිසා නිතර මලපහ ඇතිවෙනවා.
  • මේ ගර්භණිත්වය හැමදාම තියෙනවා නම් කියා ඔබ හිතන්න පටන් ගන්නවා. ඔව් ඇත්ත වශයෙන්ම, ප්‍රසුතිය
    ගැන වු බියෙන් ඔබේ හිත පිරෙනවා.
මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්
  • ව්‍යායාම කිරීම සුදුසු වුවත්, ඔබ වෙහෙස මහන්සි නොවිය යුතුයි.
  • ආහාර රුචිය වැඩිවේවි. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න ආහාර ලබාගන්න.
  • දිනකට අවම වශයෙන් දියර වීදුරු අටක් හෝ දහත් අතර ප්‍රමාණයක් පානය කරන්න.
පිරික්සුම් ලැයිස්තුව
  • වළලුකර හා පාද ඉදිමේවි. ඉන් මිදීමට ඉදිමුම වැඩි වීමට පෙර දවස ආරම්භයේදීම ව්‍යායාම කරන්න.
  • ගර්භනී කාන්තාවන් සරාගී බව මතක තබා ගන්න. ඒ නිසා හුරුබුහුටි මාතෘ ව්‍යායාම ඇඳුම් භාවිතා කරන්න.
  • 3D හෝ 4D අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණ සඳහා හොඳම කාලය මෙයයි. බොහෝ ප්‍රසව හා නාරි විශේෂඥ
    වෛද්‍යවරුන් සතුව ඔවුන්ගේ පැකේජ තියෙනවා.
  • එබැවින් ඔබේ වෛද්‍යවරයාට එය ඔබට ගැලපෙන පැකේජයක් යටතේ කළ හැකිදැයි පරීක්ෂා කරන්න.
  • ඔබගේ ඉදිරි කටයුතු වලට සේවිකාවක් තෝරා ගැනීමට සුදුසු කාලය මෙයයි.

මීට පෙර ලිපියෙන් ගර්භණී අවදිය විසිහත්වන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය විසිනවවන සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera