theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණී අවදිය තිස් දෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

2 අවම කියවීම
ගර්භණී අවදිය තිස් දෙවන සතිය: කළලයේ වර්ධන සති සටහනගර්භණී අවදිය තිස් දෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය තිස්දෙවන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී සති 32 (pregnancy week 32): ඔබේ දරුවා චලනය වෙනවා අඩුයිද ? බය වෙන්න එපා. බොහෝ විට, ඔබේ දරුවාගේ නිදි චක්‍රය අනුව විනාඩි 20 සිට 40 දක්වා නිදාගැනීම නිසා මෙසේ චලන අඩුවෙන්න හේතු වෙනවා.

ඔබ, අම්මේ, නොමේරූ දරු ප්‍රසූතියේ සලකුණු දැන ගැනීම මේ හොදම කාලයයි. ඒ වගේම ඔබේ ගර්භණිත්වය සමරන්න සාදයක් (Baby Shower ) පවත්වන්නත් පුළුවන්.

ගර්භනී සති 32 වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භනී සති 32 week 32

ගර්භණී සති 32 (pregnancy week 32) වන විට පැටියා ලොකු රට අල ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා.

ගර්භණී සති 32 තුළ ඔබේ දරුගැබේ වර්ධනය

  • ඔබේ දරුවාට මේ වන විට ගිලීම ශ්වසනය, පයින් ගැසීම හා උරාබීම කරන්න පුළුවන්
  • ඔහුගේ ආහාර ජීර්ණ පද්ධතිය සම්පුර්ණයෙන්ම සකස්වී අවසන්, දැන් එය ආහාර ජීරණයට සුදානම්.
  • ඔහුගේ සමේ විනිවිද පේන ස්වභාවය අඩුවෙනවා.
  • ඔහු මේ වන විට මිනිත්තු 20 ත් 40 ත් අතර සුව නින්දක් ලබනවා. ඒ නිසා මේ පුංචි දගකාරයාගේ චලන ඔබට
    අඩුවෙන් දැනෙන්න පුළුවන්

තිස් දෙවන වෙනි සතියේ ගර්භණී ලක්ෂණ හා අපහසුතා

  • නෙරා ආ කුසේ ඇදෙන සලකුණු හා වියලි බව එක්ක කසනසුළු බව ගොඩාක් ඉහල යනවා.
  • ඔබ කෙණ්ඩා පෙරලීම ( කකුලේ මස්පිඩු පෙරලීම ) තදින්ම අත් විදිනවා. රාත්‍රියේදී මේ තත්වය උග්‍ර වේවි.
  • ඔබේ වැඩෙන ගර්භාෂයට ඔබගේ බඩවැල් තෙරපුමට ලක්වෙනවා. ඒනිසා ඒවා මන්දගාමී හා අක්‍රමවත්
    වෙනවා.
  • තුන්වන ත්‍රෛමාසිකයේ දී ඔබේ පියයුරු විශාල වෙනවා. මව්කිරි නිෂ්පාදයේ ආරම්භ සනිටුහන් කරමින්
    කොලස්ට්‍රම් නම් කහ පැහැති ද්‍රවයක් ද පියයුරු වලින් ගලා එන්න පුළුවන්.

මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්

  • දිනපතා ව්‍යායාම කරන්න. (වේගයෙන් ඇවිදීමේ, ප්‍රසව යෝගා) ප්‍රමාණවත් තරම් දියර පානය කරන්න.
  • ඔබට කරකැවිල්ලක් ඇතිවුවහොත් ආහාරයට ගැනීමට ප්‍රෝටීන් බහුල සරල ආහාරයක් ඔබේ බෑගයේ තබාගන්න.
  • කැසීම සමනය කිරීම සඳහා කැලමයින් හෝ වෙනත් ඒ සදහා සුදුසු දියරයක් සමේ ආලේප කරන්න.

පිරික්සුම් ලැයිස්තුව

  • සමේ ඇදෙන සලකුණු ගැන කණගාටු වෙන්න එපා. කාන්තාවන්ගෙන් 90% කටම මේ තත්වය ඇතිවෙනවා. ඒවා
    ඔබේ දරුවා සුන්දරව වැඩෙන බවට සලකුණක් නේද?
  • සූදානම් වන්න. දරු ප්‍රසූතියේ සලකුණු ඉගෙන ගන්න. වෝටර් බෑග් එක කැඩීම, කැක්කුම එන කාල පරිච්ඡේද,
    යෝනි මාර්ගයෙන් ලේ ගැලීම, දියරමය මළපහ පිටවීම සහ ඔබේ ගර්භාෂය තුළ තදබල තදවීමක් දැනීම ආදිය දරු
    ප්‍රසූතියේ සලකුණු වේ.
  • ගර්භණිත්වය සමරන්න සාදයක් (Baby Shower ) පවත්වන්න මේ හොද කාලයක්.

මීට පෙර ලිපියෙන් ගර්භණී විසිඅටවන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී තිස්වන සතිය

 

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණි

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භණී අවදිය තිස් දෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන
බෙදාගන්න :
  • ගර්භණී අවදිය තිස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය තිස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය තිස්තුන්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය තිස්තුන්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

  • ගර්භණී අවදිය තිස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය තිස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය තිස්තුන්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය තිස්තුන්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it