ගර්භණී අවදිය තිස්තුන්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය තිස්තුන්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය තිස්තුන්වන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී සති 33 (pregnancy week 33): ඔන්න දැන් ඔබේ දරුවා අන්නාසි ගෙඩියක් විතර ඇති, ඒ වගේම ඔහුට දැන් දිවා රෑ වෙනස හඳුනාගත පුළුවන්.

ඔබ, අම්මේ, මේ ගර්භණී සමයේ සිදුවෙන සෑම දෙයක් එක්කම සැනසීමෙන් ඉන්න.

ගර්භණී සති 33 වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?
ගර්භණී සති 33

ගර්භණී සති 33 වන විට පැටියා කුඩා අන්නාසි ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා.

මේ සතිය තුළ ඔබේ දරුගැබේ වර්ධනය
  • තුනී ගර්භාෂ බිත්තිය තුලින් ආලෝකය ඇතුල් වෙන නිසා ඔබේ දරුවාට දිවා රෑ දෙක අතර වෙනස හඳුනාගන්න
    පුළුවන්.
  • ඔහු නිදාගන්නා විට හා අවදිවෙන විට ඇස් පියන් වැසීම හා ඇරීම සිදුකරනවා.
  • ඔහුට සංවර්ධිත ප්‍රතිශක්තිකරණය පද්ධතියක් තියෙනවා.
  • ඔහු ආශ්වාස ප්‍රශ්වාස කරන්න දැන් හොදින් දන්නවා.
  • ඔහුගේ අස්ථි ඝනකම් වෙන්න පටන් අරන් තියෙනවා.
  • ඔහු මොළයේ ප්‍රධාන වර්ධනයක් සිදුවෙමින් පවතිනවා.
ගර්භණී සති 33: ගර්භණී ලක්ෂණ හා අපහසුතා
  • ඔබේ පරිවෘත්තීය වේගය උපරිම අගයක් ගන්නවා. ඒනිසා ඔබට නිතරම අධික උනුසුමක් දැනේවි.
  • හෝමෝන වෙනස්වීම, නිතර මුත්‍රා පිටවීම්, කකුලේ මස්පිඩු පෙරලීම් හා පපුවේ දැවිල්ල ඔබට දැනෙනවා. ඒනිසා
    ඔබට සුව නින්දක් නොලැබේවි.
  • හිසරදය හා කනස්සල්ල නිතර දැනේවි.
  • ගර්භාෂය තුල දැඩි භ්‍රෑණ චලන ඔබට අත්විදින්න ලැබේවි.
  • හෝමෝන ක්‍රියාකාරකම් නිසා ඔබේ නියපොතු වල සවිමත් බව නැති වී යනවා.
  • ඔබ ඇදේ හැරෙන පෙරලෙන විට ඔබේ බඩ රිදෙනවාද? එයට හේතුව වටකුරු බන්ධනයේ වේදනාව වෙන්න පුළුවන්.
    මෙය කුස හෝ ඉගටිය දෙසින් එන තියුණු වේදනාවක් වන අතර ගර්භණී සමයේදී සාමාන්‍ය තත්වයක් වෙනවා.
  • ආශ්වාස ප්‍රශ්වාස වේගය ඉහල යනවා.
  • පුංචි පුංචි දේවල් පවා ඔබට අමතක වෙනවා. ඔබට අවුල් සහගත බවක් දැනෙනවා.
මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්
  • ඔබ නින්දට යන්න ලංව ව්‍යායාම කිරීමෙන් හා ආහාර ගැනීමෙන් වළකින්න.
  • ඔබේ ව්‍යායාම තුල වෙහෙසට පත්වෙන කිසිවක් නොතිබිය යුතුය.
  • අනිවාර්යයෙන්ම ඔබ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගන්න.
  • දිනකට අවම වශයෙන් වතුර වීදුරු අටක් හෝ දහයක් පානය කරන්න. වාතනය කළ බීම පානය කරන්න එපා.
පිරික්සුම් ලැයිස්තුව
  • කනස්සල්ල අඩුවෙන්න උණුසුම් වතුරින් ස්නානය කරන්න.
  • නිදා ගන්න කලින් උණුවෙන්ම කිරි කෝප්පයක් බොන්න. ඒ වගේම ඔබ ආස සිංදුවක් අහන්න. ඔබට සුවදායක
    නින්දක් ලැබේවි.
  • ඔබ වැදෑමහ හා පෙකිණි වැලෙහි රුධිරය තැම්පත් කරන්නේ නම් ඒ සදහා අදාල ආයතනයක ලියාපදිංචි වෙන්න. (වැදෑමහ හා පෙකිණි වැලෙහි රුධිරයේ ප්‍රාථමික සෛල අඩංගු වන අතර එය රක්තපාත හා ජානමය ආබාධ සඳහා
    ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වේ.)

මීට පෙර ලිපියෙන් ගර්භණී තිස්දෙවන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී තිස්හතරවන සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera