ගර්භණී අවදිය තිස්හතරවන සතිය: කළලයේ වර්ධන සති සටහන

lead image

ගර්භණී සති 34 (pregnancy week 34): ඔබේ දරුවා දැන් පුංචි කොමඩු ගෙඩියක් විතර ඇති, ඔහුගේ මේද තට්ටුවක් වර්ධනය තියෙනවා. එය ඔහුව උණුසුම්ව තබනවා.

ඔබ, අම්මේ, සවස් කාලයේ ඇතිවෙන පිපාසයට විසදුම් සොයා බලන්න. ඔබගේ අවසාන ත්‍රෛමාසිකය ටිකක් සුවපහසුවෙන් ගත කරමු නේද?

ගර්භණී සති 34 වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භණී සති 34

ගර්භණී සති 34 වන විට සුදු කොමඩු ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා.

ගර්භණී සති 34: ඔබේ දරුගැබේ වර්ධනය

  • ඔබේ දරුවා විසල් මේද තට්ටුවක් නිර්මාණය වෙමින් පවතිනවා. එය ඔහුව උණුසුම්ව තබනවා.
  • ඔහුගේ මධ්‍යම ස්නායු පද්ධතිය දැන් ඉතා වේගයෙන් වර්ධනය වෙනවා.
  • ඔහුගේ අත් පා වල පුංචි නියපොතු වර්ධනය වෙලා තියෙනවා.
  • ඔබ දරා සිටින්නේ පිරිමි දරුවෙක් නම්, මේ සතියේ දී ඔහුගේ වෘෂණ උදරයේ පහල කෝටසේ සිට ඔහුගේ
    වෘෂණ කෝෂ කරා ගමන් කරනවා.

තිස්හතර වන වෙනි සතියේ ගර්භණී ලක්ෂණ හා අපහසුතා

  • ඔබ බොහෝ තෙහෙට්ටුවට පත්වේවි. ඔබගෙන් වැයවෙන ශක්තියත් එක්ක අන් කවරදාටත් වඩා වෙහෙසක් ඔබට දැනේවි.
  • හොමෝන නිසා ඔබේ යෝනි ශ්‍රාවය වැඩිපුර පිටවෙනවා.
  • අඩු රුධිර පීඩනය නිසා ඔබට කරකැවිල්ල දැනෙන්න පුළුවන්.
  • ඔබේ ඇස් බොද වී පේන්න පුළුවන්. එය තාවකාලිකයි.
  • නිතර නිතර මුත්‍රා පිටකිරීමට අවශ්‍ය වේවි
  • ඔබේ කුස වැඩෙන විට, ඔබේ පෙනහලු වලට සම්පූර්ණයෙන් පුළුල් වීමට නොහැකි වෙනවා. ඒ නිසා ඔබට ටිකක් වේගයෙන් හුස්ම ගන්නවා දැනෙන්න පුළුවන්.
  • සිරුරේ බර, ඉදිමීම සහ තෙහෙට්ටුව උපරිම මට්ටමක තියෙනවා. කකුලේ මස්පිඩු පෙරලීම දැන් නිතර සිදුවෙනවා.

ගර්භණී අවදිය තිස්හතරවන සතිය තුළ අවධානය යොමු කල යුතු දේවල්

  • ඔබ හැකි පමණ විවේක ගන්න. ඔබව සතුටට පත් කල හැකි වගේම කාර්‍යබහුල කල හැකි ක්‍රියාකාරකම්වල
    යෙදෙන්න.
  • ඔබ සැහැල්ලුවෙන් ව්‍යායාම වල යෙදීම ඔබට මහත් සුවපහසුවක් දේවි.
  • රාත්‍රියේ පිපාසය ඇතිවීම වළක්වා ගැනීම සඳහා දවස ආරම්භයේ ජලය පානය කරන්න. වාතනය කළ බීම පානය
    කරන්න එපා.

පිරික්සුම් ලැයිස්තුව

  • ඔබේ රෝහල් බෑගය පිළිවෙලට අසුරන්න.
  • ඔබට වැදෑමහ සංරක්ෂණය අවශ්‍ය නම් මේ සතියේ ඒ සදහා අවශ්‍ය ලියාපදිංචි වීම් කරන්න.

මීට පෙර ලිපියෙන් ගර්භණී තිස්තුන්වන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී තිස්පස්වන සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera

app info
get app banner