ගර්භණී අවදිය තිස්හත්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

lead image

ගර්භණී අවදිය තිස්හත්වන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී සති 37 (pregnancy week 37): ඔබේ දරුවා දැන් හුස්ම ගන්නවා. ඒ බව ඔබ දැන සිටියාද?

ඔබ, අම්මේ, ඔබේ රෝහලේ පූර්ව ලියාපදිංචි වීම සදහා කාලය එළඹිලා.

ගර්භණී සති 37 වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භණී සති 37

ගර්භණී සති 37 වන විට පැටියා ලොකු සලාද කොළ පොකුරක ප්‍රමාණයක් ගන්නවා.

මේ සතිය තුළ ඔබේ දරුගැබේ වර්ධනය

  • සති තිස් හතේදී ඔබේ දරුවා සම්පුර්ණයෙන්ම වැඩි ඇති බව සලකනවා.
  • ඔහුගේ හිස දැනට ඔබේ ශ්‍රෝණි අස්ථි වලින් ආවරණය වී තියෙනවා. ඔහුගේ හිස ඔබගේ ශ්‍රෝණි කුහරය තුල
    විවේකීව රැදි තියෙනවා.
  • දැන් ඔහුට සෙන්ටි මීටර 3.5 ක් පමණ දිග කෙස් තියෙනවා. ඔහුගේ සිරුර පුරා තිබු රෝම තට්ටුව
    සම්පුර්ණයෙන්ම හැලි ගොස් අවසානයි.
  • පෙරළීම, දිගු හැරීම, චලනය වීම හා ඔහුගේ මාපටැඟිල්ලට උරා බීම වගේ ගොඩාක් දේවල් ඔහුට කරන්න
    පුළුවන්. ඔහු පැත්තෙන් පැත්තට හැරීම හා ඇස් ඇරීම හා වැසීමද ප්‍රියකරනවා.
  • ඇම්නියොටික් තරලය ආශ්වාස ප්‍රශ්වාස කරමින් ඔහු ශ්වසනය අරඹනවා.

ගර්භණී සති 37: ගර්භණී ලක්ෂණ හා අපහසුතා

  • ඔබේ කුස නිසා ඇති වන බර දරන්න අපහසුයි. ප්‍රසුතිය හා ඔබට ලැබෙන මාතෘත්වය පිළිබඳ කනස්සල්ල නිසා
    නින්ද නොයන රාත්‍රීන් උදාවේවි.
  • යෝනි ශ්‍රාවය වැඩි වීම සාමාන්‍ය දෙයකි. ඒත් කුඩා රුධිර ප්‍රමාණයක් සහිත ශ්ලේෂ්මල දුටුවහොත් එය
    ප්‍රසුතියේ පෙර සලකුණක් විය හැකි බැවින් සැලකිලිමත් වන්න.
  • ඔබේ යෝනි ශ්‍රාව පිටවීම වැඩි නම්, වහාම ඔබේ වෛද්‍යවරයාට දන්වන්න.

මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්

  • ඔබ සජලීව සිටිය යුතුයි. ඔබට කෙතරම් අපහසු වුවත් ඔබේ තරල රඳවා ගැනීම සඳහා දිනකට වතුර වීදුරු අටක්
    පානය කිරීම වැදගත් වෙනවා.
  • ප්‍රසුතිය සඳහා සූදානම් වීමේ දී ඔබට පෙරිනියල් සම්බාහනය ලබා දෙන්න පුළුවන්. මෙය ඔබේ පෙරිනියම් (ඔබේ
    යෝනි මාර්ගය හා ගුද මාර්ගය අතර සමේ ප්‍රදේශය) ඉරීම වළක්වා ගැනීම සඳහා උපකාරී වෙනවා.
  • ඔබට පෙරිනියල් සම්බාහනය ලබා දෙන්න පුළුවන් මෙහෙමයි.
  • කැපූ නියපොතු වලින් යුත් පිරිසිදු අත් වලින්, ඔබේ මාපටැඟිල්ලේ ලිහිසි ද්‍රව්‍යක් ආලේප කර ඔබේ යෝනි
    මාර්ගය තුළට ඇතුල් කරන්න.
  • ඔබේ ගුද මාර්ගය පහළට තල්ලු කර ඔබේ මාපටැඟිල්ලෙන් ඔබේ පෙරිනියම් හි පතුල හා පැත්තට තල්ලු
    කරන්න.
  • ඊලගට මහපට ඇගිල්ල යෝනි මාර්ගයේ පහළ කොටසේ මෘදු ලෙස පිටතට හා ඉදිරියට ඇදගෙන යන්න. මෙය
    උපතේදී ඔබේ දරුවාගේ හිස සිදුකරන ආකාරයට සම ඇදීමට උදව් කරනවා.

පිරික්සුම් ලැයිස්තුව

  • පහසුවෙන් රෝහලට ඇතුල් වීම සඳහා ඔබේ රෝහලේ පූර්ව ලියාපදිංචි කිරීම් කරන්න.

මීට පෙර ලිපියෙන් ගර්භණී තිස්හයවන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී තිස්අටවන සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera

app info
get app banner